දින පහක සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඉන්දියාවේ අයෝධ්‍යාවේ, ශ්‍රී පංච අග්නි අඛාඩා ප්‍රධානී මහාමණ්ඩලේෂ්වර් ස්වාමි කයිලාසනන්ද ගිරි ජි මහරාජ් පසුගිය 23වන දින විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් හමු වී සාකච්ඡා කළේ ය.
ස්විට්සර්ලන්තයේ සිට ආපදා ආධාර තොගයක් රැගත් ගුවන් යානයක් අද (6) පෙරවරුවේ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියේය.
ශ්‍රී ලංකාවේ අතුරුදන් වූ දස දහස් සංඛ්‍යාත ජනතාව වෙනුවෙන් සත්‍යය සහ යුක්තිය සෙවීම සඳහා ස්වේච්ඡාවෙන් කළ කාර්යය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ බ්‍රිටෝ ප්‍රනාන්දුට 2026 Per Anger ත්‍යාගය පිරිනැමීම තීරණය කර ඇත.
2026 වර්ෂය සඳහා අභිනවයෙන් පත්වූ ස්වීඩනයේ ශ්‍රී ලංකා සංගමයේ නව නිලධාරි මණ්ඩලය 2026 මාර්තු මස 13 වන දින පස්වරු 4.00ට ස්වීඩනයේ ශ්‍රී ලංකා තානාපති සමග සංගමයේ ඉදිරි වැඩ කටයුතු පිළිබඳ සාකච්ඡාවක් පැවැත්වූහ.
ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ සාක්ෂි වසන් කිරීම සඳහා මේ වන විට සතර දෙනකු ඝාතනය කර ඇතැයි ලසන්ත වික්‍රමතුංග ගේ සොයුරු ලාල් වික්‍රමතුංග පැවසී ය.
ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් සහ හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම අතර සාකච්ඡාවක් පසුගියදා සිදුවුණා.
ගොවි ජනතාවට සාධාරණ මිලටත්, පාරිභෝගික ජනතාවට සහන මිලටත්, භාණ්ඩ ලබාදීමට කසාගල සමූහ ව්‍යාපාරය සුපිරි වෙළෙඳ සැල් ජාලයක් ආරම්භ කර ඇති අතර එහි මූලස්ථානය බත්තරමුල්ල කොස්වත්තේ දී පසුගියදා විවෘත විය.
ගොවි ජනතාවගේ නිෂ්පාදන සාධාරණ මිලට ලබාගෙන, පාරිභෝගික ජනතාවට සහන මිලට ලබාදීමේ අරමුණ පෙරදැරිව කසාගල සමූහ ව්‍යාපාරය වැඩි පහසුකම් සහිත සුපිරි වෙළෙඳ සැල් ජාලයක් රට පුරා ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ.
මෙම වැඩපිළිවෙල රට පුරා ව්‍යාප්ත කිරීම පහසුවීම උදෙසා කසාගල සමූහ ව්‍යාපාරයේ මූලස්ථානය කොළඹ බත්තරමුල්ල කොස්වත්තහි පසුගියදා විවෘත කළේය.

ඇමරිකා මහාද්වීපයේ සිදුවූ සාම පාගමනේ තිබූ ස්වංක්‍රීය භාවය, හැඩය සහ පෙනුම ශ්‍රී ලංකාව තුළ සැබෑ 'ආගමික' හැඩයකට ප්‍රාදූර්භූත වී ඇති බව පෙනේ.
2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළව උපකාරක පංති,දේශන, සම්න්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම අද (11) මධ්‍යම රාත්‍රීයේ සිට තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාවේදී දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි සහිත කාලගුණයක් අපේක්ෂා කරන බැවින්, සිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ පියවර ගෙන ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) පවසයි.
ගාල්ල ජර්මන් ශ්‍රිලංකා මිත්‍රත්ව කාන්තා රෝහල සදහා මිලදි ගනු ලැබු සායනික අපද්‍රව්‍ය කළමණාකරණ උපකරණය අපද්‍රව්‍ය කළමණාකරණ කටයුතු සදහා භාවිතයට ගත නොහැකිවිමෙන් ඒ සදහා වැයකළ මුදල නිෂ්කාර්ය වියදමක් බවට පත්ව ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත.
බින්නෝන්මාදයෙන් පෙළෙන සිය පුතු සම්බන්ධයෙන් වැරදි වෛද්‍ය වාර්තාවක් ලබා දී සිවිල් වැරැද්දකට පටලවා අංගොඩ රෝහලට යවා ඇති බව කියමින් නුවරඑළිය ප්‍රදේශයේ පියෙක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට ඊයේ (ඔක්. 9) පැමිණිල්ලක් කර තිබේ.
නුවරඑළිය මහ රෝහලේ මානසික වාට්ටුවේ කාර්ය මණ්ඩලයේ සේවකයන් පිරිසක් සමග ඇති වූ සිදුවීමක් මුල් කරගෙන වාට්ටුව භාර විශේෂඥ මනෝ වෛද්‍යවරයා රෝගියා පරීක්ෂා කිරීමකින් තොරව දුන් වාර්තාවක් මගින් සිය පුතුගේ මානව හිමිකම් කඩ වී ඇති බව කියමින් මෙම පැමිණිල්ල කර ඇත.
නුවරඑළිය මහ රෝහලේ මානසික සෞඛ්‍ය සායනයෙන් මාසිකව ප්‍රතිකාර ලබා ගන්නා සිය පුතු පසුගිය සැප්තැම්බර් 30 වන දා මානසික වාට්ටුවේ සේවය කරන හෙද නිලධාරිනියකගේ නම පවසා ඇය සිටීදැයි රෝහල් කාර්ය මණ්ඩල සේවකයෙකුගෙන් විමසා ඇතැයි ද එහිදී සේවකයන් කීප දෙනෙකු ඔහු පසුපස පන්නා ගොස් පහර දීමට තැත් කර ඇතැයි ද එම පියා කර පැමිණිල්ලේ දැක්වේ.
ඉන්පසු නුවරඑළිය පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් 2025.10.2 දින නිවසට පැමිණ ඔහු අත්අඩංගුවට ගෙන ගියේ යැයි ද ඒ පිළිබඳව විමසීමේදී වාට්ටුව භාර විශේෂඥ මනෝ වෛද්‍යවරයා ලබාදුන් වෛද්‍ය වාර්තාවක් මත ඔහුව අධිකරණයට ඉදිරිපත් කරන බවත් ඉන්පසු බදුල්ල බන්ධනාගාරය හා වැලිකඩ බන්ධනාගාරය හරහා අංගොඩ මානසික රෝහල වෙත ප්‍රතිකාර සඳහා යොමු කරන බවත පොලිසිය ප්‍රකාශ කර සිටියේ යැයි පැමිණිල්ලේ සඳහන් කර තිබේ.
මේ අතර ප්‍රතිකාර ලබා සාමකාමීව මාස කීපයක් සිටි පුතු මෙම සිදුවීමෙන් අනතුරුව දැඩි ලෙස කම්පනයට පත්ව ඇතැයි ඔහුගේ පියා වන එම්.ජී ජානක ඉඳුනිල් පැවසීය.
තව ද, රෝහල් කාර්ය මණ්ඩලය හා රෝගියා වන පුතු අතර ඇතිවූ ආරවුලේදී එම කාර්ය මණ්ඩලයේ ම සාමාජික විශේෂඥ වෛද්‍යවරයා ඒකපාර්ශ්විකව පුතු වැරදිකරු කරමින් වාර්තාවක් සකසා අධිකරණය මගින් පුතුව බන්ධනාගාරගත කිරීම ඇතුළු කරුණු 4ක් යටතේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට හා සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්සට ද පැමිණිල්ලක් කළේ යැයි ද ඔහු පැවසීය.
ලෝක මානසික සෞඛ්‍ය දිනය අද දිනයේ සමරන මේ අවස්ථාවේ සෞඛ්‍ය ඇමතිවරයා ඇතුළු බලධාරින් මේ අසාධාරණය සම්බන්ධයෙන් මැදිහත් වී කඩිනමින් යුක්තිය ඉටුකරනු ඇතැයි අපේක්ෂා කරන්නේ යැයි ද ඔහු වැඩිදුරටත් කීය.
( Bingun Menaka Gamage - mawbima)
DevPro සහ කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලය (WCIC) එක්ව සංවිධානය කරන සය දින විශේෂ ව්‍යාපාරික පුහුණු වැඩසටහන සඳහා දැන් ඔබටත් ලියාපදිංචි විය හැකි ය.
සාරා ජෙස්මින් මේ රටින් පැන්නුවේ මාලිමාවේ ඇමතිවරයෙක් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් පවසයි.
නොරොච්චෝලේ “ලක්විජය” බලාගාරය ආශ්‍රිතව ගල් අඟුරු සැපයීම ඇතුළු විවිධ ගැටලු මතු වී ඇති බවත් ඒ නිසා ඉදිරියේ දී විශේෂයෙන් ම අප්‍රේල් මාසය වන විට විදුලිබල කප්පාදුවකට යෑමට සිදුවන බවත් ආදී වශයෙන් වූ නොමග යවනසුලු සහ සාවද්‍ය පුවත් සමහර මාධ්‍ය තුළ සංසරණය වන බව නිරීක්ෂණය වේ.
සංස්කෘති සඟරාව සිය ප්‍රතිපත්තිය මංගල කලාපයේ දක්වා ඇති අතර එකී සඳහන අනූව විවේචනය, විග්‍රහය සහ විචාරය මනාව සිදුකිරීමේ වැදගත්කම අවධාරණය කර ඇත.
කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ රැඳයුම් නියෝග මත රඳවා සිටින සැකකරුවකු සම්බන්ධයෙන් , සැකකරුගේ බිරිඳට දුරකථන ඇමතුම් ලබා දී සැකකරු සම්බන්ධයෙන් පුද්ගලික තොරතුරු ලබා දුන් බව කියන පොලිස් සැරයන්වරයකු වැඩ තහනමට ලක් කර ඇත.
මහේස්ත්‍රාත්වරුන් විසින් යම් සැකකරුවෙකු හෝ සිරකරුවෙකු විශේෂ බන්ධනාගාරයක රඳවා තබන ලෙස නියෝග කිරීම නොකළ යුතු බවට අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් ප්‍රසන්න අල්විස් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
එනම් 2012 මැයි 11 වන දා අධිකරණ සේවා කොමිෂන් සභාවේ එවක ලේකම් මංජුල තිලකරත්න නිකුත් කළ චක්‍රලේඛය නැවත යාවත්කාලීන කර නිකුත් කරන ලෙස කොමිෂන් සභාව තමාට දැනුම් දී ඇති බව පෙන්වා දෙමින්, වර්තමාන ලේකම් ප්‍රසන්න අල්විස් පැරණි චක්‍රලේඛය යාවත්කාලීන කර නව චක්‍රලේඛය පසුගිය දා 9 වන දා නිකුත් කර ඇත.
ඒ අනුව, යාවත්කාලීන කළ චක්‍රලේඛය ඔස්සේ පෙන්වා දෙන්නේ, සැකකරුවෙකු හෝ සිරකරුවෙකු විශේෂ බන්ධනාගාරයක රඳවා තබන ලෙස ගියෝග කිරීම නොකළ යුතු බව ත් යම් සැකකරුවෙකුට හෝ සිරකරුවෙකුට විශේෂ ආරක්ෂාවක් ලබා දෙන ලෙස මහේස්ත්‍රාත්වරුන් නියෝග නොකළ යුතු බව ත් ය.
ඇතැම් මහේස්ත්‍රාත්වරුන්ගේ නියෝග මත සැකකරුවන් හෝ සිරකරුවන් විශේෂ ස්ථානවල රඳවා ඇති බවට ලැබුණු පැමිණිලි සැලකිල්ලට ගෙන චක්‍රලේඛය නිකුත් කර තිබේ.
සැකකරුවන් හෝ සිරකරුවන් බන්ධනාගාරගතව සිටින කාල සීමාවේ ඔවුන්ගේ පවුල්වල විශේෂ අවස්ථාවලට හෝ වෙනත් යම් කටයුත්තක් සඳහා නිවෙස්වලට හෝ වෙනත් ස්ථානයකට රැගෙන යන ලෙස මහේස්ත්‍රාත්වරුන් නියෝග නොකළ යුතු බව කියයි.
සැකකරුවන් හෝ සිරකරුවන් කවර හේතුවක් මත හෝ බන්ධනාගාරයෙන් බැහැරට රැගෙන ගියොත් ඒ සඳහා හේතු වූ කරුණු අදාළ බන්ධනාගාර අධිකාරී විසින් මහේස්ත්‍රාත්වරයාට වාර්තා කළ යුතු බව චක්‍රලේඛය ඔස්සේ කියයි.
සැකකරුවන් හෝ සිරකරුවන් වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන ලෙස කරන ඉල්ලීම් බන්ධනාගාර වෛද්‍යවරුන් වෙත යොමු කළ යුතු බව ද චක්‍රලේඛයේ සඳහන් වේ.
දිලිත් ජයවීර අප්‍රේල් 24වැනි දා මාධ්‍ය හමුවට පිවිසියේ ආණ්වට දිගු දේශපාලන ප්‍රහාරයක් එල්ල කරන්නටය.
සෑම පුද්ගලයකුට ම තමන් පිළිගන්නා, විශ්වාස කරන ඕනෑම ආගමක් ඇදැහීමේ, සංස්කෘතියක් පිළිගැනීමේ අයිතියක් ඇති බවත්, නිරාගමික වීමටත් ජනතාවට අයිතියක් ඇති නමුත් එය බලහත්කාරයෙන් සිදු කිරීම නොකළ යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

