2004 වසරේ ආරම්භ කර් ඇති සිංහරාජ වනාන්තර ආශ්‍රිත LRC ඉඩම් හෙක්ටයාර 2500ක් අත්පත් කරගැනීම් සහ අනෙකුත් හඳුනාගත් ඉඩම් අත්පත් කරගැනීම් 2026 වසර තුළ සම්පූර්ණ කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට කරන ඉල්ලිමයි!
සී. ටී. හට පූර්වයෙහි සිංහල ගීයට බටහිර ලක්ෂණ මුසු කිරීමට ප්‍රමුඛ වූවන් අතර මොහොමඩ් ගවුස්, බී. ඇස්. පෙරේරා, පී. ඩී. වින්සන්ට් පෙරේරා හා ආර්. ඒ. චන්ද්‍රසේන ආදිහු වෙති.
20 වෙනි සියවස ආරම්භයේ දී කොළඹ ඇම්. ජී.පෙරේරා නමින් සුප්‍රසිද්‍ධ ව්‍යාපාරිකයෙක් වාසය කළේ ය. මොහුගේ වෙළඳ ව්‍යාපාරය "ඉලෙක්ට්‍රිකල් ඇක්සෙසරීස්" නමින් පිටකොටුවේ කුමාර වීථියේ අංක 13 දරණ ස්ථානයේ පැවතියේ ය.
මිරිහාන පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනිය වශයෙන් කටයුතු කළ කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂිකා වරුණි කේශලා බෝගහවත්ත මහත්මියගේ කාර්යාලයේ තිබූ ඇගේ ඡායාරූපයකට කිසියම් පුද්ගලයකු විසින් මල්මාලයක් පැළැදවූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව නුගේගොඩ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණියගේ උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරීවරයකු යටතේ එහි විමර්ශන සිදුකර කරන බව පොලිසිය පවසයි.
මිරිහාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණි කිසියම් පුද්ගලයකු විසින් ස්ථානාධිපතිවරිය නොමැති අවස්ථාවක ඇයගේ ඡායාරූපයකට සුදු පැහැති මල් මාලයක් දමා ගොස් තිබූ පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.
කෙසේ වෙතත් වරුණි බෝගහවත්ත චිකුන්ගුන්‍යා රෝගී තත්ත්වයක් මත මේවන විට නාරාහේන්පිට පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබන අතර කිසියම් පුද්ගලයකු ස්ථානාධිපතිනිය බියගැන්වීම සදහා එම මල්මාලය ඡායාරූපයට දමා ගියේද නැතිනම් වෙනත් අරමුණකින් එය සිදුකළේද යන්න පිළිබදව පොලිසිය විමර්ශන සිදුකරයි.
ප්‍රධාන පොලිස් පරීක්ෂිකා වරුණි බෝගහවත්ත මාතර මූලස්ථාන පොලිසියේ සිට ස්ථාන මාරුවක් ලබා මීට මාස කීපයකට පෙර මිරිහාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනිය ලෙස රාජකාරී කරනු ලැබුවාය.
නව ජනතා පෙරමුණ, සීතාවක ප්‍රාදේශීය සභා මන්ත්‍රී නාලක බණ්ඩාර ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු විසින් ඊයේ (29) මැතිවරණ කොමිෂන් සභාවට, ආණ්ඩුකාර කාර්යාලයට හා රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය වෙත සංදේශයක් බාර දෙන ලදී.
2020 දී සීනි ආනයනයේදී සිදු වූ බව කියන සීනි වංචාවට වගකිව යුතු අයගෙන් රුපියල් බිලියන 15.9 ක් අයකර ගැනීමට නියෝගයක් ඉල්ලා විපක්ෂයේ සිටියදී අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති සහ නීතිඥ සුනිල් වටගල විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම 2026 ජනවාරි 19 වන දින සහය සඳහා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණ නියම කරයි.
අනුරාධපුර, මිහින්තලේ, සීප්පුකුලම ප්‍රදේශයේදී අලියෙකුට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අනුරාධපුර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව වනජීවී දෙපාර්තමේන්තුව පවසයි.
උමා ශාක්‍ය නව කතාව ඇරඹෙන්නේම විවිධ සමාජ පරිසරවලින් පැමිණෙන, සංකීර්ණ ගතිපැවතුම් ඇති, තෝරාගැනීම් අතර අතරමං වන චරිත කිහිපයක් වටා ගෙතෙන ගෙතුමක් විදියටයි.
යුරෝපය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ජපානය, කැනඩාව, කොරියාව සහ තවත් ගෝලීය වෙළඳපොළ රැසකට දේශීය නිෂ්පාදන අපනයනයෙහි සහ ප්‍රවර්ධනයෙහි ලා පුරෝගාමී මෙහෙවරක නියුතු සීමාසහිත ජේ ඇන්ඩ් එන් ෆැමිලි චොයිස් සමාගම, දෙරණ රූපවාහිනියේ, මනුසත් දෙරණ ගංවතුර සහන වැඩසටහන හා අත්වැල් බැඳ ගත්තේය.
දීර්ඝ කාලයක සිට අඛණ්ඩව ලේඛණයේ යෙදීම අසීරු කටයුත්තකි. එමෙන්ම පාඨකයා සමග අඛණ්ඩව බැඳීමක් පවත්වා ගැනීම එයටත් වඩා අසීරුය. සුජිත් මේ මාර්ග දෙකම ජයගත් පුබුද්ධ නිර්මාණ කරුවෙකි.
ඔහු මාව පාඨකයෙක් ලෙස අඛණ්ඩව තබා ගත් අත්දැකීම එය මටම සනාථ කළේ ය.
මෙවැනි විසිරුණු විෂය තේමා සමුහයක් එකට පාහා පුරුද්දන සුජිත්ගේ කෞශල්‍යය අනගි ය.
හැම විට ඔහුගේ පර්යේෂණ නිර්මාණ නවීන ය; විවිධ ය. වැදගත්ම කරුණ වන්නේ බොහෝ නිර්මාණකරුවන්ට නැති ශාස්ත්‍ර ශික්ෂාව සුජිත් අක්කරවත්ත තුළ සපුරා විහිදී පැවතීම ය.
(සටහන |ප්‍රසව සහ නාරිවේද විශේෂඥ වෛද්‍ය හේමන්ත පෙරේරා)
එළෙඹෙන ඔක්තොම්බර් 26වන දා සිට නොවැම්බර් 09වන දා දක්වා ස්පාඤ්ඤයේ බාසිලෝනා නුවර පැවැත්වෙන 13වන බාසිලෝනා ආසියානු සිනමා උළෙලේ (ASIAN FILM FESTIVAL BARCELONA) තරගකාරී අංශ නියෝජනය කිරීමට සුදත් මහදිවුල්වැව ගේ "මයි රෙඩ් කොම්රෙඩ්" (MY RED COMRADE) චිත්‍රපටිය සහ ශ්‍යාම් ප්‍රනාන්දු ගේ "මගේ පන්තියේ ළමයෙක්" (TEACH ME) චිත්‍රපටය සුදුසුකම් ලබා ඇත.
පසුගියදා පෝලන්ඩ් හි පැවති (European Masters Athletics Championship 2026) යුරෝපා ප්‍රවීණයින් ගේ මලල ක්‍රීඩා තරගාවලියේ දී M35 කාණ්ඩයේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට සුදිප් වෑගපිටිය සමත්විය විය.
සම සුදුකර ගැනීම සඳහා වර්තමාන තරුණ පරපුර දක්වන්නේ දැඩි රුචිකත්වයක්. මේ ඉල්ලුමට සරිලන පරිදි දවස් 03 න් සතියෙන් සම සුදු කරන විවිධ වර්ගයේ ආලේපන රාශියක් අද වෙළදපළ ආක්‍රමණය කර තිබේ.
සිරුරට අහිතකර විවිධ රසායනික ද්‍රව්‍ය භාවිත කරමින් සකස් කරන නිසි ප්‍රමිතියක් නැති අලේපනවල අවදානම නොදන්නාකම නිසාම පාරිභෝගිකයෝ විවිධ වර්ගයේ රෝගාබාධවලට ගොදුරු වෙති.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත අනුව පසුගිය වසර තුන ඇතුළත රූපලාවන්‍ය ආලේපන පමණක් නව දහස් ගණනක් ලියාපදිංචි කර තිබේ. එනම් වසරකට තුන්දහසක ප්‍රමාණයකි.
සම යනු අපේ ශරීරයේ ඇති විශාල ම ඉන්ද්‍රියයි. සම මතු පිට ආලේපන කරන දේ සම හරහා සිරුරට අවශෝෂණය වීම නිසා සම මතුපිට ගල්වන ආලේපනයන් පිළිබඳ වඩාත් සැලකිලිමත් විය යුතු බව චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරු අවධාරණය කරති. ආලේපන ලෙස හැඳින්වූ විට ක්‍රීම්, ලෝෂන් , මුහුණ සෝදන දියර වර්ග ,සීරම් වර්ග ආදී මේ සියල්ල අඩංගු වේ.

අතීතයේ බොහෝ යුවතියන්ට අවශ්‍ය වූයේ තම මුහුණ සුදු කර ගැනීම වුව ද අද වන විට මුළු සිරුරම සුදු කර ගැනීමේ අවශ්‍යතාවය දක්වා එය වර්ධනය වී තීබේ. මේ නිසා හිසේ සිට දෙපතුළ දක්වා පාවිච්චි කරන ක්‍රීම් වර්ග අධික ලෙස රුධිරයට අවශෝෂණය වේ. මෙම ආලේපනයන් තුළ අහිතකර රසායනික ද්‍රව්‍ය අඩංගු වනවා නම් ඒ්වා පෙති බහුල වශයෛන් පාවිච්චි කිරීමේදී ඇති වන අතුරු ආබාධ හා සමානවම එමගින් අතුරු ආබාධ ඇතිවීමේ හැකියාව පවතී. සම පුරාම අලේපන භාවිත කිරීමෙන් ඒවා ශරීරයට විෂ වීමට ඇති හැකියාව ඉතා අධික බව ද මේ වනවිට තහවුරු වී තිබේ.
බොහෝ විට සම පැහැපත් කිරීම සඳහා භාවිත කරන ක්‍රීම්වර්ගවල රසදිය(Hg) ස්ටෙරොයිඩ් ( Steroids) හයිඩ්‍රොක්විනෝන් හා අනිකුත් බැරලෝහ අඩංගු වේ.

අපේ සමේ මේ වර්ණය සෑදී ඇත්තේ මෙලනින් වර්ණකය නිසාය. ශ්‍රී ලංකාව වැනි ඝර්ම කලාපීට රටවල සිටින පුද්ගලයින්ට මෙලනින් වර්ණකය වැඩිපුර ලැබී ඇත්‌තේ හිරු එළියේ ඇති පාරජම්බුල කිරණවලින් සම හා ශරීරය ඇතුළත ආරක්ෂා කර ගැනීම සඳහායි. මෙලනින් නිසා පාරජම්බුල කිරණ සමෙන් ඇතුළු වීම වළක්වා අපේ ශරීරයේ සෛලවල පිළිකා ඇතිවීමේ අවදානම අඩු කරන අතර මෙලනින් සම වසාගෙන සිටින ආවරණයක් ලෙස ද ක්‍රියාකරයි. පාරජම්බුල කිරණවලින් ඇතිවිය හැකි වයස්ගත පෙනුම නැති කිරීමට ද මෙම මෙලනින්වලට හැකියාවක් පවතී.
සම සුදු කිරීම සඳහා භාවිත කරන රසදිය(Mercury) වැනි දේවල්වලින් සිදු වන්නේ මෙම මෙලනින් අඩු කිරීමයි. මේ නිසා සම තුනී වීම නිසා මෙලනින් මගින් සිරුරට ලැබෙන ආරක්ෂාව නැතිවී යයි. වෙළදපළෙහි ඇති මෙවැනි ආලේපනවල බහුලවශයෙන් රසදිය ඇති බව පැහැදිලිව ම තහවුරු වී තිබේ. ඊට අමතරව දවසින් සතියෙන් ක්ෂණිකව සම සුදු කිරීම් සඳහා බහුලවම භාවිත කරනු ලබන්නේ ස්ටෙරොයිඩ්. මේවා මගින් සම ඉතා තුනී කිරීම නිසා අතුරු ආබාධ රැසකට මුහුණ පෑමට සිදුවේ. විශේෂයෙන්ම සමේ වෙනස්කම් , සම තුනීවීම, සම ඇදීම ,සමේ කුරුලෑ ඇතිවීම හා නියපොතු දුඹුරු පැහැති වීම වැනි ලක්ෂණ ඇති විය හැකියි. ඇතැම් විට මේ ලක්ෂණ ජීවිත කාලයම පැවතිය හැකියි. සම තුනී වීම නිසා තුවාලයක් ඇති වුව ද සුවවීම සඳහා බොහෝ කාලයක් ගතවන අතර ශල්‍යකර්මවලදී විවිධ ගැටලුවලට මුහුණ පෑමට සිදුවේ.

ස්ටෙරොයිඩ්වල එක් ක්‍රියාකාරීත්වයක් වන්නේ ශරීරය තුළ සීනි ප්‍රමාණය වැඩි කිරීමයි. මේ නිසා ස්ටෙරොයිඩ් පිටතින් ලබා ගන්නා පුද්ගලයෙකුට ඒ් අවධානම ද පවතී. මේ ආලේපන සම මතුපිටින් ගැල්වුව ද සම ඇතුළට උරා ගන්නා අතර ආලේප කරන වාර ගණන , පාව්චිචි කරන කාල සීමාව හා ඇතුළත් කර ඇති රසදිය ඇතුළු අනිකුත් බැරලෝහ නිසා විශාල ප්‍රමාණයකින් රසායනික ද්‍රව්‍ය ශරීරයට ඇතුළු විය හැකියි. විශේෂයෙන්ම වයිට්නින් ක්‍රීම් භාවිත කරන්නන් මේ පිළිබඳ දැඩිව අවධානය යොමු කළ යුතුයි.
සුදු වීම සඳහා එන්නත් භාවිත කිරීමට ද ලෝකයේ කිසිම රටක අවසර ලබා දී නැති අතර සුදු වීමට ඇති දැඩි උනන්දුව නිසා බොහෝ දෙනා මින් ඇතිවන අහිතකර තත්ත්වය පිළිබඳ අවබෝධ කර නොගැනීම කනගාටුදායකය.

මේ වන විට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් සිදු කරන ලද පරීක්ෂණවලින් වෙළෙඳපළේ ඇති ක්‍රීම් වර්ග 49 ක් විකිණීම තහනම් කරමින් හා මිලදී නොගන්නා ලෙස පාරිභෝගිකයන් දැනුවත් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වෙබ් අඩවියේ නම් ලැයිස්තුවක් ප්‍රකාශයට පත් කර තිබේ. මෙම ආලේපන වර්ගවල බොහොමයක නියමිත ප්‍රමාණයන් ඉක්මවා අධික ලෙස සිරුරට අහිතකර ලෙස රසායනික ද්‍රව්‍ය අඩංගු කර ඇති අතර මේවා අතර ප්‍රසිද්ධ ආලේපන ද පැවතීම සුවිශේෂීය. අධීක රසදිය ප්‍රමාණයන් අඩංගු කර ඇති මෙවැනි ආලේපන භාවිතයෙන් ඉතා ඉක්මණින් ශරීරය සුදු පැහැ ගැන්විය හැකි විය හැකි නමුත් ඉන් ජීවිත කාලටයම තම ශරීරයට සිදුවන හානිය මිල කළ නොහැකිය.
කිසිදු ප්‍රමිතියකින් තොර ආලේපන විකිණීමේ ජාවාරම අද බහුලවම සිදු කරන්නේ අන්තර්ජාලය මගිනි. මෙම නිෂ්පාදන පිළිගත් ආයතන මගින් සිදු කරන නිෂ්පාදන නොවන අතර පිටරටින් ගෙන්වන ලද බවට ද නිවසේ සකස් කරන ලෙසට ද දක්වමින් කිසිදු පිළිගත් සාධක නොමැතිව විකිණීම අද ලාභදායි ව්‍යාපාරයක් බවට පත්ව ඇත්තේ නිසි අවබෝධයකින් තොරව මේවා භාවිත කිරීමට පෙළඹී ඇති පාරිභෝගික පිරිසක් ද සිටිනා බැවිනි. මෙම ජාවාරමේ නිතර වන්නන් පවසන පරිදි දින 03 න් සුදු වන බවට කරන ප්‍රකාශ සත්‍ය වන්‌නේ අධික රසදිය ප්‍රමාණයන් ඇතුළත් කරමින් කිසිදු නියාමනයකින් තොරව මේවා නිෂ්පාදනය කරන බැවිනි.

පොදුවේ සුදු පැහැ ගැන්වීමට භාවිත කරන මෙවැනි ආලේපන නිසා දියවැඩියාව ,වකුගඩු රෝග , ස්නායු ආබාධ , පිළිකා සහ සම විරූපී වීම වැනි රෝගාබාධ රැසකට මුහුණ පෑමට සිදුවේ .
විශේෂයෙන්ම ලස්සන යනු සුදු සම නොවන බව අවබෝධ කර ගත යුතුය. මෙරට ජනතාවගෙන් වැඩි දෙනෙකුට සුදුසු මොයිස්චරයිසින් ක්‍රීම් වර්ගයක් භාවිත කළ හැකි අතර අවශ්‍ය අයට හිරු එළියෙන් ආරක්ෂා වීමට සන්ස්ක්‍රීම් වර්ගයක් පාවිච්චි කිරීම සුදුසුයි.
විශේෂයෙන්ම රූපලාවන්‍ය නිෂ්පාදනයක් මිලදී ගැනීමේදී නිසි ලේබලයක් පවතිනවාද යන්නත් එහි නිෂ්පාදිතයාගේ නම, ලිපිනය හා දුරකතන අංකය, අඩංගු ද්‍රව්‍ය, නිෂ්පාදිත දිනය ,කල් ඉකුත් වීමේ දිනය, SLS සහතිකය හෝ ISO සහතිකය පවතිනවාද යන්න පිළිබඳව අවධානය යොමු කළ යුතු අතර තමන්ට තම සම පිළිබඳ ගැටලුවක් පවතිනවා නම් කළ යුත්තේ සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකු හමුවී ඒ පිළිබඳව දැනුවත් කිරීමයි.

(ජාතික විෂ නිවාරණ සතිය වෙනුවෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය සාකච්ඡාව ඇසුරෙනි.)
(සටහන - ඉරේෂා මධුරකාවිනි)
උදෑසන කාලයේ පවතින සීත කාලගුණය හේතුවෙන් අද (24) දිනයේ ද නුවරඑළියේ ස්ථාන කිහිපයකටම මල් තුහින පතිත වී ඇත.
ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන විසින් රචිත 'කාල ගැඹර' නමැති අභිනව කාව්‍ය සංග්‍රහය සහ 'චෙරි කැටේ සහ පීච් ඇටේ' නාට්‍ය පිටපතපෙබරවාරි 09වන දා සවස 03.00ට නිදහස් මාවතෙහි පිහිටි ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල සේවා ශ්‍රවණාගාරයේ දී ජනගත කෙරේ.
තමා දන්නා කවි කලාපය පෘථුල කරගැනීමේ කාර්යයෙහිලා, සුනිලුන් ගේ කවිය එක්තරා බුද්ධි ප්‍රබෝධන ව්‍යාපෘතියක විශ්‍රාමයක් නැති කොටසක් ලෙස මම දකිමි.
තායිවානයට බලපෑ රගාසා (Ragasa) සුපිරි සුළි කුණාටුවෙන් එරට ජනප්‍රිය සංචාරක කලාපයක් වන නැගෙනහිර හොලියන් ( Hualien) හිදී පුද්ගලයින් 14 දෙනකු ජීවිතක්ෂයට පත් වී ඇතැයි, රොයිටර්ස් පුවත් සේවය සඳහන් කරයි.
124 දෙනෙක් අතුරුදන්ව සිටිති.
කුණාටුව අතරතුර කඳුකර ජලාශයක් පිටාර ගැලීමෙන් එම අනතුර සිදු වී තිබේ.
ඉකුත් සඳුදා (22) සිට තායිවානය ඔස්සේ හමා යන සුළි කුණාටුව මේ වන විට චීනයේ දකුණු වෙරළ තීරයට සහ හොං කොං වෙත බලපා තිබේ. ෆිලිපීනය ද එහි බලපෑමට නතු විය.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(
9/24/2025
මුලාශ්‍රය :
Super Typhoon Ragasa kills 14 in eastern Taiwan, with 124 missing
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළෙඳ සේවය ඉදිරිපත් කරන ''සාර ප්‍රභාගිර'' වැටසටහනින් මෙවර ඔබ හමුවන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශයේ ජ්‍යේෂ්ඨ කථිාචාර්ය සුමිත් චාමින්ද ය.
වර්ෂපූර්ණයේ ගී රාවය මේ මස (26) පෙ.ව.9 30ට නුගේගොඩ දෙල්කඳ ජයමාන්න උත්සව ශාලාවේදි පැවැත්වේ.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ අප්‍රේල් මස 22 වන දා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

