අල්ලස් කොමිසම විසින් පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තමන්ව ඇප මත මුදාහරිණ ලෙස ඉල්ලා හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම ඉල්ලා අස්කර ගැනීමෙන් අනතුරුව එය නිෂ්ප්‍රභ කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.
මෙම පෙත්සම අද (02) කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සම්පත් මෙන්ඩිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම ඉල්ලා අස්කර ගන්නා ලෙස තම සේවාදායකයා තමන්ට උපදෙස් ලබා දී ඇති බවයි.
ඒ අනුව අදාළ පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙස ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා තිබේ.
එම ඉල්ලීම පිළිගත් කොළඹ මහාධිකරණ විනිසුරුවරයා අදාළ ප්‍රතිශෝධන පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙමින් එය නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කර ඇත.
ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් සෙවණගල, කිරිඉබ්බන්වැව ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවසරයෙන් ඉදිකර ඇති ගොඩනැගිල්ලක් ඇතුළු දේපළ 2022 වසරේ මැයි මස 09 වන දා ඇති වූ අරගලයේදී හානියට පත්වීමෙන් පසු එකී දේපළ සඳහා වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කර තිබියදී ඊට පටහැනිව හානිපූර්ණය සඳහා වන කාර්යාලයට අනුයුක්තව කටයුතු කළ ඇතැම් රජයේ නිලධාරින්ට තම නිල බලය භාවිත කරමින් බලපෑම් සිදු කර රුපියල් 8850000ක් වන්දි ලබා ගැනීම තුළින් "දූෂණය" නමැති වරද සිදුකිරීම සහ මහවැලි අධිකාරිය සතු දේපළක් සාපරාධී සාවද්‍ය පරිහරණය තුළින් පොදු දේපළ පනත යටතේ වරදක් කළ චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් ශෂීන්ද්‍ර රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ විශේෂ උපදෙස් මත ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ මෙතෙක් ජනාධිපතිවරයාගේ පෞද්ගලික ප්‍රයෝජනය සඳහා වෙන්කර තිබූ විශේෂ කාමරය ඊයේ (24) සිට සාමාන්‍ය රෝගීන්ගේ ප්‍රයෝජනය සඳහා විවෘත කිරීමට පියවර ගෙන තිබේ.
මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ තේරීමේ නිලවරණය නොවැම්බර් මස 7 වනදා හෝ ඒ ආසන්න දිනයක පවත්වන බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ගාමිණී සේනාරත්න පවසයි.
වත්මන් දියවඩන නිලමේවරයාගේ ධුර කාලය මෙම වසරේ සැප්තැම්බර් මස 7 වන දින අවසන් වු අතර වත්මන් දියවඩන නිලමේවරයා 2005 වසරේ දී එම ධුරයට පත් වු අතර අවස්ථා 02 කදී ඔහු දියවඩන නිලමේවරයා ලෙස ජන්දයෙන් තේරී පත් වී ඇත.
නව දියවඩන නිලමේවරයෙකු තෝරා පත් කරගැනීමේ ජන්ද විමසීම මෙම වසරේ නොවැම්බර් මස 7 වනදා හෝ ඒ ආසන්න දිනයක පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
දියවඩන නිලමේවරයෙකුගේ ධුර කාලය අවුරුදු 10කි.
ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරාගේ හේලීස් සමාගමේ නියෝජිතයින් හිටිහැටියේ මාර්තු 31 වෙනිදා ශ්‍රීලන්කන් එකෙන් ඉල්ලා අස්වුණා. අස්වුණා ම නෙමෙයි ඉල්ලා අස්වෙන තැනට වැඩේ පත්තු වුණා.
සුපිරි 8 දෙනාගේ තරග වටයේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගය අද (22) පල්ලේකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තීරණාත්මක තෙවන සහ අවසන් එක්දින තරගය අද (27) පැවැත්වෙනවා.
ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර තෙවන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය අද පැවැත්වේ.
ශ්‍රී ලංකා ආර්ථික විද්‍යා සංගමයේ (SLEA) වාර්ෂික අන්තර් ජාතික සමුළුව අගමැතිනි හරිණි අමරසූරිය ගේ ප්‍රධානත්වයෙන් 06දා සවස 4.00ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ආරම්භ කෙරෙන බව ශ්‍රී ලංකා ආර්ථික විද්‍යා සංගමයේ සභාපති මහාචාර්ය විජිතපුර විමලරතන හිමියෝ පවසති.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් 'ජාතික ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානය (National High Performance Center)' සඳහා නව වේග පන්දු පුහුණුකරුවෙකු හා පන්දු රැකීමේ සහ දඟ පන්දු පුහුණුකරුවෙකු පත්කර ඇත.
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස පසුගිය අප්‍රේල් 15 වැනිදා වැඩ භාරගත් ගැරී කර්ස්ටන් අද (23) පෙරවරුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේදී පළමු වරට මාධ්‍ය හමුවකට එක්විය.
ශ්‍රී ලංකා ක්‍රිකට් යනු ලංකාවේ සියලු ජාතීන් ගේ ආගමයි. මෙම ක්‍රිකට් ක්‍රීඩාව දැන් වළපල්ලට ගොස් ඇති බව පැහැදිලිව කිව යුතුය. ශ්‍රී ලංකා ක්‍රිකට් යනු රාජපක්ෂලාගේ දේශපාලනය මෙන්ම පවුල් සංස්ථාවකට බදුගත් සමාගමකි.
ICC T20 ලෝක කුසලානට තවත් දින කිහිපයක් පමණක් තිබෙන මොහොතක, අපේ ජාතික ක්‍රිකට් කණ්ඩායමට මුහුණ දීමට සිදුවන්නේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රතිවාදි කණ්ඩායම්වලට පමණක් නොවෙයි.
කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරගය අද (17 වැනිදා) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
මේ වන විට ප්‍රසාද ලකුණු 2ක් පමණක් හිමිකරගෙන ලකුණු සටහනෙහි 7වැනි ස්ථානයේ පසුවන ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් පූර්ව වටය සඳහා යම් බලාපොරොත්තුවක් හෝ තබා ගැනීමට නම් අද තරගය මෙන්ම ඉතිරි තරග යුගලය ද ජය ගැනීම අනිවාර්ය වේ.
අද තරගය යම් හෙයකින් පරාජය වුවහොත් ශ්‍රී ලංකා කණ්ඩායමට ස්ථීර වශයෙන්ම අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාව අහිමි වනු ඇත.
අද තරගය ජය ගනිමින් තරගාවලියේ සිය පළමු ජය වාර්තා කර ජයග්‍රාහී මානසිකත්වයක් ලබා ගැනීමට අද අවස්ථාව උදා වී ඇති නමුත් ඒ සඳහා කාලගුණයෙන් ද යම් බලපෑමක් එල්ල වී තිබේ.
ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා වැඩි ඉඩක් තිබූ නවසීලන්තය සමග තරගය ද වර්ෂාව හේතුවෙන් පසුගියදා අත් හැරීමට සිදු වූ අතර අද දිනයේද ක්‍රීඩාංගණය සහ ඒ අවට ප්‍රදේශයට වැසි ඇද හැලීමේ ඉඩක් ඇති බව කාලගුණ වාර්තා සඳහන් කරයි.
ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගය සහ ඉතිරි තරග 2ක ජයග්‍රහණය කළහොත් ප්‍රසාද ලකුණු ගණන 8ක් දක්වා ඉහළ යන අතර ඒ ඔසසේ ලකුණු සටහනෙහි සිව්වැනි ස්ථානය හිමිකර ගැනීම සඳහා යම් අවස්ථාවක් පවතී.
මේ වන විටත් ප්‍රසාද ලකුණු 9ක් හිමි ඔස්ට්‍රේලියාව සහ ප්‍රසාද ලකුණු 7ක් හිමි එංගලන්තය පළමු සහ දෙවැනි ස්ථානවල රැඳී සිටින අතර ප්‍රසාද ලකුණු 6ක් හිමි දකුණු අප්‍රිකාවට තෙවැනි ස්ථානයත්, ප්‍රසාද ලකුණු 4ක් හිමි ඉන්දියාවට සිව්වැනි ස්ථානයත් හිමි වී තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගය මෙන්ම බංග්ලාදේශය සහ පාකිස්තානය සමග යෙදී ඇති අනෙක් තරග ද්විත්වය ජයගත්තද දකුණු අප්‍රිකාව, ඉන්දියාව මෙන්ම ප්‍රසාද ලකුණු 3ක් හිමි නවසීලන්තය යන කණ්ඩායම්වල ඉදිරි තරග ප්‍රතිඵල මත ශ්‍රී ලංකාවේ අවසන් පූර්ව බලාපොරොත්තුව රැඳී පවතී.
නවසීලන්ත තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකාරිණිය ලෙස නැවත පැමිණි විශ්මි ගුණරත්න සමගින් නායිකා චමරි අතපත්තු කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දීමට සමත් වූහ. එමෙන්ම පැවැති මැද පෙළ අස්ථාවරත්වයට පිළිතුරු සැපයීමට හසිනි පෙරේරා සහ හර්ෂිතා සමරවික්‍රම සමත් වීම මෙන්ම ශ්‍රී ලංකා වාර්තා අලුත් කරමින් ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ නිලක්ෂිකා සිල්වා ශ්‍රී ලංකා පිතිකරණ අංශය ශක්තිමත් කිරීමට සමත්ව තිබේ.
කෙසේ නමුත් නවසීලන්ත කණ්ඩායමේ පැවැති දුර්වල පන්දු රැකීම දකුණු අප්‍රිකා කණ්ඩායමෙන් බලාපොරොත්තු විය නොහැකි අතර සිය අවසන් තරග 3ම හඹා ගොස් ජයග්‍රහණය කර සිටින දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවන් පරාජය කිරීමට නම් තරගකාරී ලකුණු පුවරුවක් ගොඩ නැගීමට සිදුවනු ඇත.
(aruna)
බංග්ලාදේශ සංචාරය සඳහා අද (17) පෙරවරුවේ දිවයිනෙන් පිටත්ව යාමට පෙර මාධ්‍ය වෙත අදහස් දැක්වූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු සඳහන් කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීමට ගෙන ඇති විධිමත් වැඩපිළිවෙල හේතුවෙන් අද වන විට ඉතා දක්ෂ ක්‍රීඩිකාවන් රැසක් ජාතික කණ්ඩායමට එක්වෙමින් සිටින බවයි.
2025 එක්දින කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමග පැවති තරඟය කඩුලු 10කින් ජය ගැනීමට දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා.
තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 12කට මුහුණ දී සිටියදී තරඟයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා.
ඒ අනුව තරඟය පන්දුවාර 20කට සීමා කිරීමට තරඟ තීරකවරයා තීරණය කළා.
නියමිත පන්දුවාර 20 අවසානයේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම කඩුලු 07ක් බිඳවැටී රැස්කළ ලකුණු සංඛ්‍යාව 105ක්.
විශ්මි ගුණරත්න ලකුණු 34යි. නිලක්‍ෂිකා සිල්වා ලකුණු 18ක් සහ නායිකා චමරි අතපත්තු ලකුණු 11ක් රැස් කර සිටියදී දැවී ගියා.
ඒ අනුව තරඟය ජය ගැනීමට දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමට පන්දුවාර විස්ස තුළ හිමි වූ ඉලක්කය ලකුණු 121ක්.
පන්දුවාර 14යි පන්දු 5ක් අවසානයේ කිසිවෙකු නොදැවී ලකුණු 125ක් රැස් කරමින් තරඟය ජය ගැනීමට දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා.

ශ්‍රී ලංකා ජාතික පුස්තකාලය, ශ්‍රී ලංකාවේ ප්‍රධානතම විමර්ශන හා පර්යේෂණ පුස්තකාලය වන අතර, ශ්‍රී ලංකාවේ ප්‍රකාශිත හා අප්‍රකාශිත තොරතුරු ඒකරාශි කිරීමත්, ඒ මගින් ජාතියට තොරතුරු සැපයීමත්,
ආසියානු කුසලාන පාපන්දු: ශ්‍රී ලංකාව ගෝල් 1-0කින් ටර්ක්මෙනිස්තානය පරදවයි
ශ්‍රී ලංකා පාපන්දු පිල වසර 10කට පසු ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීමේ 191 වැනි ස්ථානයට පත් වෙයි.
කොළඹ තුරඟ තරග පිටියේදී නිමාව දුටු ආසියානු කුසලාන සුදුසුකම් ලැබීමේ තරගයේදී තුර්කිමෙනිස්තානය ගෝල් 1-0කින් පරාජය කිරීමත් සමඟ ශ්‍රී ලංකා පිල මෙලෙස ලෝක පාපන්දු කණ්ඩායම් අතර වේගවත් ප්‍රගතියක් ලබා ගත්තේය.
ෆිෆා ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව 138 වැනි ස්ථානයේ සිටි තුර්කිමෙනිස්තානය, 197 වැනි ස්ථානයේ පසුවූ ශ්‍රී ලංකා පිල වෙතින් ලද පරාජය හේතුවෙන් ශ්‍රී ලංකා පාපන්දු පිලට පියවර 6ක් ඉදිරියට පැමිණීමේ අවස්ථාව උදා වුණි.
ශ්‍රී ලංකා පාපන්දු ප්‍රධානී ජස්වර් උමර් ලෝක පාපන්දු සම්මේලන ප්‍රධානී ගියානී ඉන්ෆැටිනෝ සමඟ අවසන් වරට වසර 2015 මාර්තු මාසයේදී ශ්‍රී ලංකා පාපන්දු පිල ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීමේ 191 වැනි ස්ථානයේ සිටි අතර, වසර 2023 ජූනි මාසය වෙද්දී ලොව පාපන්දු ක්‍රීඩා කරන රටවල් 210කින් 207 වැනි ස්ථානය දක්වා පහළට ඇද වැටිණි. ඒ වෙද්දී දකුණු ආසියාවේ සියලු රටවල් ශ්‍රී ලංකාවට වඩා පාපන්දු ක්‍රීඩාවේ ඉහළ ප්‍රගතියක් ලබා තිබිණි.
එහෙත් ශ්‍රී ලංකා පාපන්දු පිලේ වර්තමාන තත්ත්වය අනුව දකුණු ආසියාවේ පාකිස්තානය පසුකොට ඉදිරියට පැමිණීමට සමත්ව ඇති අතර, භූතානයට වඩා පියවර 5කින් පසුපසින් සිටී. බංග්ලාදේශය පසු කිරීමට තවත් පියවර 7ක අඩුවක් තිබේ.
ශ්‍රී ලංකා පාපන්දු ප්‍රධානී ජස්වර් උමාර් FIFA මූලික පදනම හා ආධුනික පාපන්දුවේ කමිටුවට
මේ අතර, ශ්‍රී ලංකා පාපන්දු ප්‍රධානී ජස්වර් උමර් ලෝක පාපන්දු සම්මේලනය විසින් බිම් මට්ටමේ සහ ආධුනික පාපන්දු සංවර්ධන කමිටුවේ සාමාජිකත්වය පිරිනමා ඇත.
එම තනතුරට පත් ආසියාවේ එකම පාපන්දු ප්‍රධානියා උමර් වන අතර, ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාව වේගවත් වර්ධනයක් අත්විඳිමින් සිටින අවස්ථාවක එය පිරිනැමීම විශේෂත්වයකි. ඔහුගේ උපායමාර්ගික සහ නිර්භීත ප්‍රවේශය ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාවේ වෘත්තීයභාවයට හා කාර්ය සාධනයට ඉවහල්ව ඇතැයි විශ්වාස කෙරේ. ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම සැලකිය යුතු දියුණුවක් පෙන්නුම් කර ඇති අතර ආසියානු කුසලාන සුදුසුකම් ලැබීමේ ‘ඩී’ කාණ්ඩයේ තුර්කිමෙනිස්තානය, තායිලන්තය හා චීන තායිපේ යන කණ්ඩායම් අතුරින් පෙරමුණට පැමිණීමට සමත්ව සිටී.
කෙසේ වුවද ශ්‍රී ලංකාව හා තුර්කිමෙනිස්තානය අතර හෙට ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 6.15ට තුර්කිමෙනිස්තාන ආකාඩෑග් ක්‍රීඩාංගණයේදී ආරම්භ වන තරගය කෙරෙහි විශාල අවධානයක් යොමුව පවතී. තුර්කිමෙනිස්තානය මේ කාණ්ඩයේ ශ්‍රී ලංකාවට හමුවන අවසන් අවස්ථාව මෙය වන හෙයින් මෙය තීරණාත්මක තරගයක් බවට පත්ව තිබේ.
ආසියානු කුසලාන සුදුසුකම් ලැබීමේ ‘ඩී’ කාණ්ඩයේ තරග වටයේදී ශ්‍රී ලංකා පාපන්දු පිලට හෙට තුර්කිමෙනිස්තාන තරගයට අමතරව නොවැම්බර් 18 වැනිදා කොළඹදී තායිලන්තය හමුවන අතර, ලබන වසරේ මාර්තු 31 වැනිදා චීන තායිපේ කණ්ඩායම සමඟ තරගයට පිවිසේ. අවසානයේදී මේ රටවල් අතුරින් පළමු ස්ථානයේ පසුවන කණ්ඩායම 2027දී සවුදි අරාබියේදී පැවැත්වෙන ආසියානු කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලබනු ඇත.
ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය වෙනුවට මාධ්‍ය ක්ෂේත්‍රයේ අභිවර්ධනය උදෙසා පිහිටුවීමට යෝජිත මාධ්‍ය කොමිෂන් සභාවක් වෙනුවෙන් සකස් කළ මූලික සංකල්ප පත්‍රිකාවක් ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න වෙත පිළිගැන්වීම පසුගියදා සිදුවිය.
වත්මන් පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා යටතේ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව 'ජනතා විමුක්ති පෙරමුණේ (ජේ.වී.පී.) පොලිස් දෙපාර්තමේන්තුව' බවට පරිවර්තනය වෙමින් ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ඊයේ (11) බත්තරමුල්ලේදී පැවැති මාධ්‍ය හමුවකදී බරපතළ චෝදනාවක් එල්ල කළේය.
මත්ද්‍රව්‍ය අපරාධයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසිය සිදුකරමින් සිටි පරීක්ෂණයකට අදාළව තමන්ගෙන් ලබාගත් ප්‍රකාශයක්, ඉතිහාසයේ ප්‍රථම වතාවට පොලිස් මාධ්‍ය ඒකකය විසින් මාධ්‍ය වෙත නිකුත් කර "ප්‍රසිද්ධ කර ඇතැයි" වීරවංශ මහතා මෙහිදී ප්‍රකාශ කළේය.
"පුවක්දණ්ඩාවේ සනා" නැමැති පුද්ගලයෙකු සම්බන්ධයෙන් මීට පෙර තමන් පළකළ තොරතුරු කීපයක් ගැන පසුගිය 9 වැනිදා තංගල්ල පොලීසියේ අපරාධ විමර්ශන ඒකකය වෙත ගොස් ලබා දුන් කට උත්තරය විකෘති කර වෙනස් කර මාධ්‍යවලට ලබා දී ඇතැයිද ඔහු චෝදනා කළේය.
"යම්කිසි පරීක්ෂණයක් අවසන් වන තුරා, පුද්ගලයෙකුගෙන් ගනු ලබන ප්‍රකාශයක් රහස්‍යභාවයකින් යුතුව තබා ගත යුතුයි. අපරාධ නඩුවිධාන සංග්‍රහයේ 110/3 වගන්තියෙන් මෙය මනාව තහවුරු වෙනවා. එසේ තිබියදී, පොලිසිය විසින්ම ප්‍රකාශයක් විකෘති කර හෝ නොකර ප්‍රසිද්ධියට පත් කළ පළමු අවස්ථාව මෙයයි" යැයි ඔහු අවධාරණය කළේය.
පොලිස් මාධ්‍ය ඒකකයේ මෙම ක්‍රියාව පොලිස්පතිවරයාගේ අනුදැනුම මත සිදුවූවක් බවට විමල් වීරවංශ මහතා සැක පහළ කළේය.
තංගල්ල පොලීසියට ලබා දුන් ප්‍රකාශයක් විකෘති කර මාධ්‍ය වෙත නිකුත් කිරීම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ඒකකයට චෝදනා කළ වීරවංශ මහතා, පඹයකුට අන්දන්න බැරිනම් ඔය නිල ඇඳුම පොලිස්පතිවරයා කොස්තාපල්වරයෙකුට අන්දවා රාජකාරිය ඉටුකරන ලෙසටද අභියෝග කළේය.", ඔබට වඩා සුදුසු කොස්තාපල් කෙනෙකුට ඔය නිල ඇඳුම දෙන්න. ඔහු ඔබට වඩා හොඳින් පොලිස් දෙපාර්තමේන්තුවේ ගෞරවය රකීවි" යැයි පැවසීය.
තවදුරටත් අදහස් දැක්වූ ඔහු, පොලිස් දෙපාර්තමේන්තුව දැන් "අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව" නොවී "'අපහාස පරීක්ෂණ' දෙපාර්තමේන්තුව" බවට පත්ව ඇතැයිද කීවේය.
මෙම ක්‍රියාව සම්බන්ධයෙන් පොලිස් කොමිෂන් සභාවට පැමිණිලි කිරීමට බලාපොරොත්තු වන බවත්, හෙට (12) දින නීති උපදෙස් ලබාගෙන අධිකරණ ක්‍රියාමාර්ගයක් ගැනීමට සූදානම් බවත් වීරවංශ මහතා සඳහන් කළේය.

"මගේ ප්‍රකාශයෙන් අවමානයක්, අපහාසයක් හෝ කීර්ති නාමයට හානියක් වූයේ යැයි කියන කෙනෙක් අධිකරණයේ පිහිට පතන්න. පොලිස් දෙපාර්තමේන්තුවට මාව උසාවි ගෙනියන්න බෑ" යැයිද ඔහු අභියෝග කළේය.
රෝහල්වල බෙහෙත් නොමැතිකම වැනි රටේ දැවෙන ප්‍රශ්න තිබියදී ආණ්ඩුවත්, පොලීසියත් මේවාට උත්තර නොදී "නිල් පාට බස් එකෙන් ගොඩයන්නට" සිතා සිටින බවට විමල් වීරවංශ මහතා චෝදනා කළේය.
"නිල් පාට බස් එකෙන් ඕනවට වඩා ගොඩ යන්න කල්පනා කරන හැමෝටම වෙලා තියෙන්නේ, ඕගොල්ලන්ගේ රතු පාට බස් එක මහා විශාල ප්‍රපාතයකට ඇද වැටෙන එක විතරයි" යැයි පවසමින් වත්මන් ආණ්ඩුවට සහ ජනතා විමුක්ති පෙරමුණටද ඔහු අනතුරු ඇඟවීය.
ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම්වල වටිනාකම පසුගිය 2025 ඔක්තෝබර් මාසය අවසානයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 6,216ක් ලෙසින් වාර්තා වී ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

