#newstube

  • ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර මහා සංග්‍රාමය අද

    2026 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 'බී' කාණ්ඩයේ තීරණාත්මක තරගයක් ලෙස සැලකෙන ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර මහා සංග්‍රාමය අද (16) රාත්‍රී 07.00ට මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිත ය.

  • ශ්‍රී ලංකාව සහ බ්‍රසීලය, දෙරට අතර ද්විපාර්ශ්වික වෙළඳාම ඇමරිකානු ඩොලර් බිලියනයක් දක්වා ඉහළ නැංවීමට එකඟ වෙයි

    ශ්‍රී ලංකාව සහ බ්‍රසීලය අතර ද්විපාර්ශ්වික දේශපාලන උපදේශනවල දෙවන වටය, 2026 මාර්තු 20වන දා, කොළඹ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ දී පැවැත්වුණි.

  • ශ්‍රී ලංකාව සාගර නීතිය පිළිබඳ UN සම්මුතියක රාජ්‍ය පාර්ශ්වකරුවෙක් බවට පත්වෙයි

    ශ්‍රී ලංකාව, ජාතික දේශසීමාවට ඔබ්බෙන් පිහිටි ප්‍රදේශවල සමුද්‍ර ජෛව විවිධත්ව සංරක්ෂණය සහ තිරසාර භාවිතය සම්බන්ධයෙන් වන සාගර නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතියේ රාජ්‍ය පාර්ශ්වකරුවෙකු බවට පත් වෙමින් ඒ පිළිබඳ අපරානුමත ලේඛනය ඊයේ (16) එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත ඉදිරිපත් කළ බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය දැනුම් දෙයි.

    ජාතික දේශසීමාවට ඔබ්බෙන් පිහිටි ප්‍රදේශවල සමුද්‍ර ජෛව විවිධත්ව සංරක්ෂණය සහ තිරසාර භාවිතය පිළිබඳ ගිවිසුම අපරානුමත කිරීම, සමුද්‍රීය පාලනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අඛණ්ඩ නායකත්වයේ තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන බව නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය දැනුම් දී තිබේ.

    එමෙන්ම 1982 වසරේදී සාගර නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය (UNCLOS) වැඩි දියුණු කිරීමේ සඳහා ලබා දුන් නායකත්වය ඇතුළුව ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සමුද්‍රීය පාලනයේ වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇති බවද එහි සඳහන් වේ.

    ආරම්භයේ සිටම ජාතික දේශසීමාවට ඔබ්බෙන් පිහිටි ප්‍රදේශවල සමුද්‍ර ජෛව විවිධත්ව සංරක්ෂණය සහ තිරසාර භාවිතය පිළිබඳ ගිවිසුම් සාකච්ඡාවල ශ්‍රී ලංකාව ක්‍රියාකාරීව නිරත වී ඇති බව පැවසේ.

    සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස, මානව වර්ගයාගේ යහපත උදෙසා සමුද්‍රීය සම්පත් සඳහා සාධාරණ ප්‍රවේශයක් ලබා දීම සහ ආරක්ෂාව සැපයීම සම්බන්ධයෙන් වන ජාත්‍යන්තරව හඳුනා ගැනීමේ මෙම ඓතිහාසික ගමන් මඟෙහි පාර්ශ්වකරුවෙකු වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අභිමානයට පත් වේ.

    ශ්‍රී ලංකාව, අනෙකුත් සංවර්ධනය වෙමින් පවතින රටවල් සමඟ, ගිවිසුම ක්‍රියාත්මක කිරීම, ජාතික දේශසීමාවට ඔබ්බෙන් පිහිටි ප්‍රදේශවල සමුද්‍ර ජෛව විවිධත්ව සංරක්ෂණය සහ තිරසාර භාවිතය වැඩි දියුණු කිරීමේ මාධ්‍යයක් ලෙස සලකයි.

    ජාතික දේශසීමාවට ඔබ්බෙන් පිහිටි ප්‍රදේශවල සමුද්‍ර ජෛව විවිධත්ව සංරක්ෂණය සහ තිරසාර භාවිතය පිළිබඳ ගිවිසුම අනුමත කිරීමෙන්, ජාතික දේශසීමාවට ඔබ්බෙන් පිහිටි ප්‍රදේශවල සමුද්‍ර ජාන සම්පත් (MGRs) සහ ඩිජිටල් අනුක්‍රමික තොරතුරු (DSI) වැනි සම්පත් සාධාරණ හා සමාන ලෙස බෙදා ගැනීම තුලින් ප්‍රතිලාභ ලබා ගැනීමට ශ්‍රී ලංකාවට අවස්ථාව සැලසෙනු ඇත.

    මෙම ගිවිසුම මගින් ශාක්‍යතා සංවර්ධනය සහ සමුද්‍රීය තාක්ෂණ හුවමාරු කිරීම් සඳහා ප්‍රමුඛත්වය ලබා දෙන අතර, සමුද්‍ර ජෛව විවිධත්ව සංරක්ෂණය හා තිරසාර භාවිතය සඳහා ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලට තම හැකියාවන් වැඩි දියුණු කරගැනීමට අවස්ථාවන් සපයයි.

    එපමණක් නොව, ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම, දේශගුණික විපර්යාසවලට මුහුණ දීමේ හැකියාව වර්ධනය කිරීම සහ තිරසාර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවට අනෙකුත් ජාතීන් සමඟ සාමූහිකව කටයුතු කිරීමට ද මෙමඟින් හැකියාව සැලසෙන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

     

    Ada derana.lk

     

  • ශ්‍රී ලංකාව සිදුකළ ඉල්ලීමට IMF ධනාත්මක පිළිතුරක් දෙයි

    දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ විනාශයෙන් පසු ඇති වූ අභියෝගවලට මුහුණ දීම සඳහා හදිසි මූල්‍යයන පහසුකම (RFI)යටතේ ශ්‍රී ලංකාව විසින් සිදුකළ අමෙරිකානු ඩොලර් මිලියන 200ක ඉල්ලීමට ප්‍රමුඛත්වය ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) තීරණය කර තිබේ.

  • ශ්‍රී ලංකාවට ක්‍රිකට් ජයක් ගෙනා පැතුම්ගේ පිත්ත

    කලකට පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට සැනසිලිදායක ජයක් උරුම කිරීමට පැතුම් නිස්සංකගේ පිත්තට ඊයේ රාත්‍රියේ හැකි වුණා.

  • ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 200ක හදිසි ආධාරයක් ලබා දීමට IMF අවධානය

    ශ්‍රී ලංකා බලධාරීන් විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හදිසි මූල්‍යයන පහසුකම (Rapid Financing Instrument -RFI) යටතේ එක්සත් ජනපද ඩොලර් මිලියන 200ක මූල්‍ය පහසුකමක් ඉල්ලා ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

  • ශ්‍රී ලංකාවට වාර්ෂිකව ඩොලර් බිලියනයක් ලබා දීමට ADB සූදානම්

    2026 සිට 2029 දක්වා කාලසීමාව තුළ දී  වාර්ෂිකව ඩොලර් බිලියන 1කට වඩා ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුව සූදානමින් සිටින බව ප්‍රකාශය කරයි.

  • ශ්‍රී ලංකාවට සුනාමි අවධානමක් නෑ

    ඉන්දුනීසියාවේ, සුමාත්‍රාද දූපතේ උතුරින් හටලත් භූ කම්පනය හේතුවෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවධානමක් නොමැති බව ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනය කරයි.

  • ශ්‍රී ලංකාවෙන් බිහිවූ වඩාත් බහුනිපුණ (most versatile) ගායකයා; නෙවිල් ප්‍රනාන්දු

    මට අනුව ශ්‍රී ලංකාවෙන් බිහිවූ වඩාත් බහුනිපුණ (most versatile) ගායකයා තමයි නෙවිල් ප්‍රනාන්දු.

  • ශ්‍රී ලංකාවේ 78වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු සුබ පතයි...!

    ශ්‍රී ලංකාවේ 78වන ජාතික නිදහස් දිනය අද (04) සමරන අවස්ථාවේ දී, බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු විසින් ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට සහ ශ්‍රී ලාංකික ජනතාවට විශේෂ සුබ පැතුම් පණිවිඩයක් යොමු කරනු ලැබ ඇත.

  • ශ්‍රී ලංකාවේ ආර්ථික පිබිදීමේ රහස රජය කෙරෙහි ඇති "මහජන විශ්වාසයයි" – IMF ප්‍රධානී ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා

    ශ්‍රී ලංකාව මේ වන විට අත්පත් කරගනිමින් සිටින ආර්ථික ප්‍රකෘතිමත් වීම පිටුපස ඇති ප්‍රබලම සහ දුර්ලභ සම්පත වන්නේ රජය කෙරෙහි පවතින මහජන විශ්වාසය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා පවසයි.

  • ශ්‍රී ලංකාවේ කෘත්‍රිම බුද්ධි වැඩපිළිවෙළ, දැඩි මූල්‍ය හිඟය මධ්‍යයේ කඩා වැටීමේ අවදානමක

    ජනතා විමුක්ති පෙරමුණ (JVP) ප්‍රමුඛ ජාතික ජන බලවේගය (NPP) ආණ්ඩුව යටතේ ශ්‍රී ලංකාවේ කෘත්‍රිම බුද්ධිය (AI) සඳහා වන දේශපාලන මෙහෙයුම ප්‍රධාන සිරස්තල සකස් කරමින් තිබුණ ද, සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ ඊට හාත්පසින්ම වෙනස් කතාවකි.

  • ශ්‍රී ලංකාවේ ජන හා නිවාස සංගණනය 2024ට අදාළ වාර්තාව ජනපතිට බාර දෙයි

    ශ්‍රී ලංකාවේ ජන හා නිවාස සංගණනය 2024ට අදාළ අවසන් වාර්තාව ඊයේ (06) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත බාර දී ඇත.

  • ශ්‍රී ලංකාවේ ධනුෂ්ක මත්තේඕ Backyard Ultra ශ්‍රී ලංකා වර්තාව අලුත් කරයි

    පසුගියදා Rasselbock running සංගමය මගින් සංවිධාන කරන ලද  එංගලන්තයේ Sherwood pines - Nottinghamshire හි පැවති Backyard Ultra තරගයේ දී ධනුෂ්ක මත්තේඕ පැය 24 ක් නොකඩවා කිලෝමීටර් 160KM දුවමින් නව ශ්‍රී ලංකා වාර්තාව අලුත් කිරීමට සමත් විය.

  • ශ්‍රී ලංකාවේ ධනුෂ්ක මත්තේඕ Trail ultra Marathon තරගයක විශිෂ්ඨ දක්ශතා අතරට

    පසුගියදා එක්සත් රාජධානියේ පැවති GB Ultras විසින් සංවිධාන කල Snowdon Ultra 50 mile 2025 Trail Running ඉසව්ව පැවති අතර. මෙම තරගය UK වේල්ස් වල උසම කන්ද වන මුහුදු මට්ටමේ සිට මීටර් 1085m ක උසින් ඇති Yr Wyddfa (Snowdon) කන්ද සහ තවත් කදු දෙකක් හරහා පැවිති අතර සමස්ත උස වැඩිවීම (Elevation gain) 3,610m+ විය.

    එම තරගය සදහා තරග කරුවන් 386 සහබාගී වු අතර. එහිදී වයස 20-24 කාණ්ඩයේ පිරිමි අංශයේ අට වැනි ස්තානය දිනාගැනීමට ධනුෂ්ක සමත්විය. එම තරගාවලියේ විෂේශත්වය වනුයේ තරගය පලමුව අවසන් කල දෙසීය දෙනා සදහා රන්පදක්කම් (Gold Finisher medal) ලබා දීමක් සිදුවේ. මෙම තරගය සදහා ධනුෂ්කට කිලෝමීටර් 76 දුරක් සදහා පැය 14 විනාඩ් 30 තත්ත්පර 57 කලයක් ගත කල අතර මෙම තරගාවලියේ සමස්ථ වයස් කාණ්ඩයේ 143 වැනියා ලෙස තරගය අවසන් කිරීමද විෂේශත්වයකි.

    මෙම තරගාවලියෙන් පසු නොවැම්බර් මස ඉතාලියේ Puglia නගරයේ ඇති යුරෝපයේ ඇති දිගම සානුව හරහා පැවත්වෙන Puglia by UTMB තරගය කිලෝමීටර් 144 තරග ඉසව්වට ද ධනුෂ්ක සහබාගී වීමට නියමිතව ඇත.

     

    | සමීර මදුසංක හේවා ගමගේ ✍️

  • ශ්‍රී ලංකාවේ පළමු චිත්‍රපට විචාරය; ''කඩවුණු පොරොන්දුව''

    ‘ශ්‍රී ලාංකීය සිනමාවේ ශත සංවත්සරය (1925-2025) සහ 75 වසරක මෙරට කතානාද සිනමාවේ හොඳම චිත්‍රපට 25 ප්‍රකාශයට පත් කිරීමේ උත්සවය 2025 දෙසැම්බර් 29 වන සඳුදා (අද), සවස 4.30 ට කොළඹ 05, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පිහිටි ‘ඇසිදිසි මැදුර’ ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට නියමිත ය.

  • ශ්‍රී ලංකාවේ ප්‍රථම කොන්ටම් පරිගණකය කොළඹ විශ්වවිද්‍යාලයේ...

    ශ්‍රී ලංකාවේ විද්‍යාත්මක හා තාක්ෂණික ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරමින් මෙරට ප්‍රථම කොන්ටම් පරිගණකය (Quantum Computer) පසුගියදා හදුන්වා දුන්නේ ය.

  • ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය: බුද්ධි අංශ අසමත්වීමක් ද...? නැතහොත් බුද්ධි මෙහෙයුමක් ද...?

    2019 අප්‍රේල් 21 වන දින ශ්‍රී ලංකාවේ කොළඹ නගරය කැලඹූ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයින් 250 කට වැඩි පිරිසක් මිය ගොස් තවත් 500 කට තුවාල සිදු විය. එදින සිට, සිදුවීමට පෙර සහ පසු ශ්‍රී ලංකා හමුදාවේ සහ බුද්ධි අංශවල භූමිකාව වටා ඇති ප්‍රශ්නවලට පිළිතුරු මේ වන තෙක් නිසි ලෙස ලැබී නොමැත.

  • ශ්‍රී ලංකාවේ බලශක්ති අවශ්‍යතාව සපුරන්න රුසියාව සූදානම්

    ශ්‍රී ලංකාවේ සංචාරයක නියුතු රුසියාවේ නියෝජ්‍ය විදේශ අමාත්‍ය Andrey Rudenko සහ විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අතර හමුවක් ඊයේ (02) අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

  • ශ්‍රී ලංකාවේ මධ්‍යම පංතියට සිදුවෙමින් පවතින්නේ කුමක් ද...? - Ideas front වීඩියෝවක්

    1977 වසර දක්වා මන්දගාමී ලෙස වර්ධනය වූ මැදපංතිය 77 වසරෙන් පසුව ඉතා වේගයෙන් වර්ධනය වූ බවත්, එසේ සිදු වූයේ රැකියාවෙන් පමණක් නොව වෙනත් ක්‍රමවලින් යැයි  දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න