2026 වසරේ මාර්තු මාසයේ සංචාරකයින් ගේ පැමිණීම 21% කින් පහත වැටී ඇත.
එවන් තත්ත්වයක, 2025 වසර සංචාරකයින් වැඩිම වශයෙන් පැමිණි වර්ෂය ලෙස ප්‍රකාශ කිරීම ජනතාව රැවටීමක් පමණි. 2018 සමඟ සසඳන විට 2025 වන විට හෝටල් කාමර ප්‍රමාණය 35% කින් වැඩිවී ඇත. නමුත් සංචාරකයින් ගේ වැඩිවීම 1% පමණ ය. මෙය පැහැදිලි කරන්නේ රටේ ධාරිතාව වැඩිවූවත්, සංචාරක ඉල්ලුම සමානුපාතිකව වැඩිවී නොමැති බවයි.
වසර ආරම්භයේ මාලිමා රජයේ නායකයින් ආඩම්බරයෙන් ප්‍රකාශ කළේ 2026 සඳහා සංචාරකයින් ලක්ෂ 30ක් ගෙන්වීමයි. අද එය ළඟා විය නොහැකි අතිශයෝක්තික ඉලක්කයක් බව පැහැදිලි ය. අවම වශයෙන් ලක්ෂ 20ක්වත් මේ වසර අවසානයේ රටට ගෙන්වා පෙන්වන්න ලෙස, මම රජයට අභියෝග කරමි. සෘජු හා ප්‍රායෝගික ක්‍රියාමාර්ග වහාම ක්‍රියාත්මක කරන ලෙස මහාචාර්යතුමා ගෙන් ඉල්ලා සිටිමි.
මේ අතර, දේශපාලන අවශ්‍යතා මත රාජ්‍ය නිලධාරීන්ට පීඩනය හා පළිගැනීම් නතර කළ යුතු ය. මැදපෙරදිග ගැටුම් වසර අවසානය තෙක් දිගු විය හැකි බැවින්, එය සංචාරක කර්මාන්තයට අභියෝගයකි. ඒ අනුව, වහාම අවධානය යොමු කළ යුතු කරුණු නම්: ජාත්‍යන්තර සංචාරක ප්‍රචාරණය ශක්තිමත් කිරීම සහ වෙළඳපොළ-මූලික, උපායමාර්ග ක්‍රියාත්මක කිරීම ය
අපට කයිවාරු අවශ්‍ය නැත; ජනතාව රැවටීම අවශ්‍ය නැත; සංචාරකයින් ගේ පැමිණීම සුරක්ෂිත කළ යුතු ය.
උදයංග වීරතුංග
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
