ශ්‍රී ලාංකීය ගීත වංශකතාවේ ගී රැජිනගේ අභාවය සම්බන්ධයෙන් අසීමිත ලෙස දුකට පත් වන බවත්, සිය පියාගේ සමයේ සිට ම ඇය සමග සමීප සම්බන්ධතාවක් පැවැති බවත් සෑම ගම් උදාවකම ඇය එක් වී රටේ ජනතාව වෙනුවෙන් රජය කළ සේවාවට ඉමහත් ශක්තියක් වූ බවත් විපක්ෂ නායකවරයා පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (31) ලතා වල්පොළ ගේ අවමංගල්‍ය අවස්ථාව සඳහා එක්වෙමිනි.
එදා ඇති වූ ඒ බැඳීම නිසාම සැම වසරක ම නොවැම්බර් 21වෙනිදාට යෙදෙන ඇයගේ උපන්දිනය දවසට ඇය හමුවී එම දිනය සමරන බවත්, ඇය සෑම මොහොතක ම කෙළින් කතා කරන සුන්දර චරිතයක් බවත් මේ සමුගන්නා මොහොතේ ඇයට මොක් සුව ප්‍රාර්ථනා කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

