ශිරන්ති අද FCID එන්න බෑ කියයි

ශිරන්ති අද FCID එන්න බෑ කියයි

පෞද්ගලික හේතූන් මත තමාට අද (27) දිනයේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිටීමට නොහැකි බව ශිරන්ති රාජපක්ෂ දැනුම් දී ඇත.

නීතීඥයකු මාර්ගයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත ලිඛිතව අදාළ දැනුම් දීම සිදුකර ඇති බව පොලීසිය සඳහන් කළේ ය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂට ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (27) පෙරවරු 9.00ට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස පසුගිය සිකුරාදා දැනුම්දීමක් සිදුකර තිබුණි.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ සමයේ 'සිරිලිය' නමින් පවත්වාගෙන ගිය ගිණුමේ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා මෙම කැඳවීම සිදු කර ඇති බව සඳහන් වේ.

කෙසේ වෙතත් පෞද්ගලික හේතුවක් මත අද පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත පැමණීමට නොහැකි බවත් ඒ සඳහා සති දෙකකින් පසු දිනයක් ලබාදෙන ලෙසත් ශිරන්ති රාජපක්ෂ ඉල්ලීමක් සිදු කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න