විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමා ගෙන් ස්ථාවර නියෝග 27(2) යටතේ අසනු ලබන ප්‍රශ්න සහ ඒ සඳහා පිළිතුර
1.ද්වීපාර්ශ්වීය ගිවිසුම යටතේ ශ්‍රී ලංකාවට විදේශ රැකියා අවස්ථා ලබා දෙන රටවල් මොනවාද?
*ඊශ්‍රායල් රාජ්‍යය සහ කොරියානු ජනරජය
ඒ අතරින් කොරියානු ජනරජය විසින් ලබා දෙන රැකියා අවස්ථා ප්‍රමාණය කාණ්ඩ වශයෙන් වෙන් වෙන්ව මෙම සභාවට ඉදිරිපත් කළ හැකිද?
*කොරියානු රජය විසින් 2025 වර්ෂය සඳහා ලබාදීමට නියමිත උපරිම නිෂ්පාදන අංශයේ රැකියා ප්‍රමාණය 6800 ක් වන අතර සෙසු කාණ්ඩ සඳහා රැකියා අවස්ථා ප්‍රමාණයක් සඳහන් කර නොමැත.
*කොරියානු රාජ්‍යයේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සඳහා අනුමත රැකියා කාණ්ඩ වනුයේ
I.නිෂ්පාදන
II.ධීවර
III.ඉදිකිරීම්
IV.නැව් තැනීම් (නිෂ්පාදන ක්ෂේත්‍රය යටතේම)
V.සේවා අංශයන්
2.කොරියානු ජනරජය විසින් ලබා දෙන රැකියා අවස්ථා ප්‍රමාණය පසුගිය වසර පහ තුළ අඩු වී තිබේද? එසේ නම් ඊට හේතු මොනවාද? මේ සම්බන්ධයෙන් වත්මන් රජය විසින් සිදුකර ඇති අධ්‍යනයන් මොනවාද? ඒවා සභාගත කළ හැකිද?
2020 වර්ෂයේ සිට 2025 වර්ෂය දක්වා රැකියා සඳහා කාර්යාංශයේ ලියාපදිංචිව කොරියානු රැකියා සඳහා පිටත්වීම් ප්‍රමාණය

කොවිඩ් වසංගතය නිම වීමෙන් පසු 2022 දී ශ්‍රමිකයින් 6639ක් විදේශ ගත කර ඇති අතර ඉන් පසු සාපේක්ෂව අඩු වීමක් සිදු වී ඇත. එමෙන්ම මෙම වසර තුළ සැලකිය යුතු මට්ටමක රැකියා ගිවිසුම් අඩු වීමක් සිදු වී තිබේ.
සුවිශේෂි අධ්‍යනයන් සිදු කර නොමැති නමුත් එසේ අඩු වීමට මතු සඳහන් හේතුන් බලපා ඇති බැව් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිරීක්ෂණය කර ඇත.
I.කොරියානු ජනරජයේ දේශපාලන,ආර්ථික හා ප්‍රතිපත්තිමය වෙනස්වීම්.
II.කොරියානු ජනරජයේ දේශපාලනික හා ආර්ථික ස්ථාවරත්වයේ ඇති වූ වෙනස්කම්.
III.දකුණු කොරියාව තුළ නීති විරෝධීව රැඳී සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ගණන.
IV.ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් නිරන්තර සේවා ස්ථාන මාරු කිරිම ආදිය තුළ එරට හාම්පුතුන් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සම්බන්ධයෙන් දක්වන සෘණාත්මක ආකල්ප
3.කොරියානු ජනරජයේ රැකියා සඳහා සුදුසුකම් සපුරා ඇති එමෙන්ම වෙබ් අඩවියේ ලියාපදිංචි වී ඇති රැකියා අපේක්ෂකයින් වසර 02 ක කාලය අවසාන වීමෙන් පසුව ස්වංක්‍රීයව ඉවත්වීමට සිදු වීමෙන් එම අපේක්ෂකයින්ට සිදුවන අසාධාරණය වැළැක්වීම සඳහා රජයේ අවධානය යොමු වී තිබේද? මේ සම්බන්ධයෙන් දැනට රජය විසින් ගෙන ඇති පියවර මොනවද? එම පොරොත්තු කාල සීමාව දීර්ඝ කර ගැනීම සඳහා වත්මන් රජය විසින් කොරියානු ජනරජය සමග සාකච්ඡා පවත්වා තිබේද? එසේනම් ඒවායේ ප්‍රගතිය කෙබඳුද?
2004 වර්ෂයේ ශ්‍රී ලංකාව හා දකුණු කොරියානු රාජ්‍ය අතර අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම ප්‍රකාරව මෙම බඳවාගැනීම් සිදු කරනු ලබන අතර සේවා ගිවිසුම් ක්‍රමය ක්‍රියාත්මක කිරිමේ ක්‍රියා පටිපාටිය එකී ගිවිසුමේ මනාව සඳහන් කර ඇත.
ඒ අනුව යම් සේවා අපේක්ෂකයකු රැකියාවක් සඳහා තෝරා ගන්නා තුරු වෙබ් අඩවියේ රඳවාගනු ලබන උපරිම කාලය වසර දෙකක් වේ. මෙය රැකියා ගිවිසුම් නිකුත් කිරීම ක්‍රියාත්මක වන අනෙකුත් රටවල් 16 සඳහා ද පොදු වේ. එමෙන්ම සුදුසු කම් ලැබීමෙන් අනතුරුව වෙබ් අඩවියේ තොරතුරු ඇතුලත් කිරීමෙන් දකුණු කොරියාවේ රැකියාවක් ලැබීමේ සුදුසුකම් ලැබීමක් විනා ස්ථිර වශයෙන් රැකියාවක් ලබා දිම සහතික කිරීමක් නොවේ.
ඒ අනුව මෙම අයගේ වෙබ් අඩවියේ රඳවා ගනු ලබන කාලය වසර 02 න් පසු දීර්ඝ කර ගැනිමට නොහැක. කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් අදාල ආයතන සමඟ සාකච්ඡා සිදු කළ ද කොරියානු පාර්ශවයෙන් ඒ සම්බන්ධයෙන් එකඟතාවයක් ලබා ගැනීමට නොහැකි විය.
කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් තවදුරටත් අවශ්‍ය කටයුතු රාජතාන්ත්‍රක මට්ටමින් සිදු කිරීමට කටයුතු කරන අතර ශ්‍රී ලංකාවේ පිහිටුවා ඇති කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂකතුමිය සමග සාකච්ඡා කිහිපයක් සිදුකළේ ය. එහි දී 2025 වර්ෂයේ ශ්‍රී ලංකාව වෙත ලැබී ඇති රැකියා ගිවිසුම් ප්‍රමාණය අඩුවීම සම්බන්ධයෙන් සහ සේවා අංශයේ රැකියා ගිවිසුම් ලැබීම ඉතා අඩු මට්ටමක පැවතීම පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන ලදී. එහිදී අධ්‍යක්ෂකතුමිය ගේ අවධානය සේවා අංශයේ රැකියා ලැබීම් සම්බන්ධව යොමුකර ගැනීමට හැකි වූ අතර සේවා අංශයෙන් කොරියානු වෙබ් අඩවියේ රැඳීසිටින සුදුසුකම්ලත් රැකියා ආපේක්ෂකයින් නිෂ්පාදන ක්ෂේත්‍රයට ඇතුලත් කිරීම සම්බන්ධව කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනය සමග සාකච්ඡා කර ඔවුන් සඳහා යම් සහනයක් සැලසීමට උත්සහ කරන බවට එකඟතාවය පළ කළේ ය. එසේම මේ සම්බන්ධව රැකියා ලාභීන් විසින් කරන ලද ඉල්ලීම් ද කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනය වෙත යොමු කිරීමට කටයුතු සිදුකර ඇත
එසේම නැව් තැනීමේ රැකියා ක්ෂේත්‍රය යටතේ 2025 වර්ෂයේ ලැබී ඇති රැකියා ගිවිසුම් සංඛ්‍යාව 32ක් වන අතර කොරියානු වෙබ් අඩවියේ රැඳී සිටින පිරිස 1391 කි. (2026/01/01 දිනට) කොරියානු වෙබ් අඩවියේ රැඳී සිටින්නන් සඳහා නැව් තැනීමේ රැකියා ගිවිසුම් ලැබීමේ සම්භාවිතාව අඩුවී ඇති බැවින් ඔවුන් සුදුසු පරිදි නිෂ්පාදන ක්ෂේත්‍රය යටතේ වෙබ් අඩවියට ඇතුලත් කිරීමට තීරණය කර ඇති අතර එය ඉදිරි මස තුළ සිදු කරනු ඇත.
4.කොරියානු රජයේ රැකියා අපේක්ෂාවෙන් ලැයිස්තුගතව සිටින 9000 කට අධික අපේක්ෂකයින් සඳහා සහන සැලසීමට විශේෂ ගිවිසුම් හෝ ප්‍රමුඛතා වැඩපිළිවෙලක් කඩිනමින් සකස් කිරීමට රජය සූදානම්ද?
කොරියානු රැකියා සඳහා බඳවා ගැනීමට අදාළව මානව සම්පත් සංවර්ධන ආයතනය විසින් පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවියේ 2026.01.01 දිනට සිටින රැකියා අපේක්ෂිතයින් ගණන පහත පරිදි වේ.
නිෂ්පාදන 5,820
ඉදිකිරීම් 50
ධීවර 343
සේවා අංශ 2,518
නැව් තැනීම් 1,391
එකතුව 10122
මේ සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදීම මෙරට කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනයේ නියෝජිතයින් සමඟ සාකච්ඡා සිදුකර ඇති අතර ඉදිරියේදී ද සාකච්ඡා කිරීමට නියමිත ය.
තව ද ශ්‍රී ලංකා රජයේ ඉහළ පෙලේ දූත මණ්ඩලයක් කොරියාවට ගොස් කොරියානු රාජ්‍යයේ ප්‍රධානීන් මෙන්ම කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතය ප්‍රධානීන් සමග ද සාකච්ඡා කර ශ්‍රී ලංකාවට ලැබෙන රැකියා ප්‍රමාණය වැඩි කර ගැනීමට අවශ්‍ය කටයුතු 2026 වර්ෂයේ මුල් කාර්තුව තුළ සිදු කිරීමට අවශ්‍ය මූලික කටයුතු සිදු කරමින් පවතී.
ඉහත වැඩසටහන යටතේ ම කොරියාවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමග එක්ව ශ්‍රී ලංකාවෙන් වැඩි වශයෙන් සේවකයන් ලබා ගන්නා කර්මාන්තශාලා ආවරණය වන පරිදි රැකියා ප්‍රවර්ධන වැඩසටහන් මාලාවක් වසර පුරාවට සිදුකිරීමට ආපේක්ෂා කරයි. එහි දී කර්මාන්තශාලා ප්‍රධානීන් කැඳවා ශ්‍රී ලංකා ශ්‍රමිකයින්ගේ දක්ෂතාවයන් හා නිපුණතාවයන් විදහා දැක්වෙන පරිදි වැඩසටහන පැවැත්වීමට අරමුණු කරගෙන ඇත .
මීට අමතරව ශ්‍රී ලාංකික දූත කණ්ඩායම ශ්‍රී ලාංකාවෙන් සේවකයන් වැඩි වශයෙන් ලබා ගන්නා කර්මාන්තශාලා ප්‍රධානීන් පෞද්ගලිකව මුණගැසී වැඩි ශ්‍රී ලාංකිකයන් පිරිසක් රැකියා සඳහා යොමුකර ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කිරීමට ද අපේක්ෂා කර ඇත.
5.කොරියානු ජනරජය හැර නව රැකියා වෙළඳපොළවල් විවෘත කර ගැනීම වත්මන් රජය විසින් එළඹ ඇති ද්වීපාර්ශ්වික (Bilateral/G2G) ගිවිසුම් මොනවාද?
ඇමුණුම් අංක - 01 හි දක්වා ඇත.
6.2011 වර්ෂයේ ඉතාලි රජය සමඟ අත්සන් තබන ලද G2G ගිවිසුම යටතේ 2014 වර්ෂයේ පැවැති විභාගය සමත් වී ඇති නමුත් රැකියා සඳහා පිටත්ව යාමට නොහැකිව සිටින අපේක්ෂකයන් සඳහා අවස්ථාව නොලැබී යාමට හේතු මොනවාද?
ඉතාලි පාර්ශවයෙන් ශ්‍රී ලාංකික සේවකයින් බඳවා ගැනීමට කැමැත්තෙන් සිටින සංවිධාන නොලැබීම.
එම ගැටළු විසදීම සම්බන්ධයෙන් රජය ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාද?
ඉතාලි රාජ්‍යය සමග අවබෝධතා ගිවිසුමකට එළැඹීමට ශ්‍රි ලංකා රජය විසින් කටයුතු සිදුකරමින් පවතී.
එම පිරිසට සහන ක්‍රමවේදයන් සකස් කිරීමට රජය පියවර ගන්නේ ද?
ඉතාලියේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මාර්ගයෙන් ඉතාලි පාර්ශවයෙන් ශ්‍රී ලාංකික සේවකයින් බඳවා ගැනීමට කැමැත්තෙන් සිටින සංවිධාන සම්බන්ධ කරගැනීමට අවස්ථා ගණනාවකදී ශ්‍රී ලංකා රජය විසින් පියවර ගෙන ඇති අතර, එකී දැඩි පරිශ්‍රමය මත එක් අපේක්ෂකයෙකුට පමණක් මෑතකාලීනව ඉතාලි රාජ්‍යයේ රැකියා අවස්ථාවක් හිමිවී තිබුණි.
නොඑසේනම් ඒ මන්ද?
අදාළ නොවේ.

