හදිසි නීතිය ක්‍රියාත්මක කරන්නේ පවත්නා ආපදා තත්ත්වය කළමනාකරණය කිරීමට මිස වෙනත් කිසිදු හේතුවකට නොවන බවත්, ආපදාවට ලක්වූ ජනතාව ගේ ජන ජීවිතය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා රජය පූර්ණ අවධානය යොමු කර ඇති බවත් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පැවසුවා ය.
සමාජ මාධ්‍යවල ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවේ ඇතැම් මැති ඇමතිවරුන්ට එරෙහිව අපහාසාත්මක ප්‍රචාරයන් සිදුකරන පුද්ගලයින්ට එරෙහිව හදිසි නීතිය ක්‍රියාත්මක කරන ලෙස සුනිල් වටගල නියෝජ්‍ය අමාත්‍යවරයා පොලීසියට උපදෙස් ලබා දී තිබේ.
දෙහිවල ගල්කිස්ස මහ නගරසභාවේ නාගරික මන්ත්‍රීන්ගේ නිල කාමරයේ ස්ථාපිත කර තිබූ බුද්ධ ප්‍රතිමා වහන්සේ නගර සභා බලධාරීන් විසින් හදිසියේම ඉවත් කිරිිම පසුගියදා මහත් ආන්දෝලනයට තුඩු දුන් සිදුවීමක් විය.
පසුගිය අප්‍රේල් 1 වැනිදා පෘථිවියෙන් සමුගෙන, හරියට ම දවස් 6 කට පස්සේ අද (අප්‍රේල් 7) හඳ වටේ රවුමක් ගහලා ආපහු එන්න පිටත් වුණු Artemis II කණ්ඩායම ගැන දැන් මුළු ලෝකයම කතා වෙනවා.
එක්සත් ජනපද ජනපති, ඩොනල්ඩ් ට්‍රම්ප් අද (13) ඊශ්‍රායලය වෙත ලඟා වීමත් සමග හමාස් භාරයේ පසුවූ ඉතිරි ප්‍රාණ ඇපකරුවන්ගෙන් පළමු පිරිස නිදහස ලදහ.
ඒ අනුව, ප්‍රථමයෙන්, ප්‍රාණ ඇපකරුවන් හත් දෙනකු ගාසා තීරයේදී මුදා හැරිණි. ඉන් පසුව ඉතිරි ප්‍රාණ ඇපකරුවන් 13 දෙනකුද මීට ස්වල්ප වෙලාවකට පෙර නිදහස් කිරීමට හමාස් සංවිධානය පියවර ගත්තේය. ඒ අනුව, හමාස් භාරයේ ජීවතුන් අතර වූ සියළු ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස ලබා සිටී.
බටහිර ඉවුරේ ඊශ්‍රායල බන්ධනාගාර වෙතින් මුදා හළ පලස්තීන සිරකරුවන් රැගත් බස් රථ කිහිපයක් ගාසා තීරයේ නියමිත ස්ථානයක් වෙත ප්‍රවාහනය කෙරෙමින් පවතින බව රොයිටර්ස් පුවත් සේවය පවසයි.
මේ අතර, ඊශ්‍රායලයට සැපත් වූ ජනපති ට්‍රම්ප්, එරට රාජ්‍ය නායකයා, ඉහළ පෙළ සියළු අමාත්‍යවරු, නිලධාරීන් සහ හමුදා ප්‍රධානීන් ද එක්ව, ආචාර පෙළපාලි මධ්‍යයේ මහත් හරසරින් පිළිගත්හ.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(
10/13/2025
ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය සාම ගිවිසුමේ පළමු අදියර සඳහා අත්සන් තබා ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
ඒ අනුව හමාස් භාරයේ පසුවන ඊශ්‍රායල ප්‍රාන ඇපකරුවන් කඩිනමින් නිදහස්වීමත් ඊශ්‍රායල එකඟ වූ සීමාවන් යටතේ ඔවුන්ගේ හමුදා ඉවත් කරගැනීමත් සිදුවනු ඇති බව ට්‍රම්ප් ජනාධිපතිවරයා පෙන්වාදෙයි.
2023 වසරේ දී හමාස් සටන්කාමීන් විසින් ඊශ්‍රායල ජාතිකයින් 1,200 දෙනෙකු ඝාතනය කර තවත් 251 දෙනෙකු සිය ප්‍රාන ඇපයට ගනු ලැබීය.
මේ හේතුවෙන් 2023 වසරේ ඔක්තෝබර් මාසයේ සිට ඊශ්‍රායලය විසින් ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලියින් 67,183 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මේ අතර ඉදිරි දිනවල දී අමෙරිකානු ජනාධිපතිවරයා මැද පෙරදිග සංචාරයක නිරත වීමට ද නියමිතව ඇති බව සඳහන් වේ.
අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා ලබා සිටි ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටියට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර දෙකක සිරදඬුවම් නියම කළේය.
ජනක් ද සිල්වා, අර්ජුන ඔබේසේකර යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ විසින් මෙම තීන්දුව ලබා දුන්නේය.
මෙම ක්‍රියාව තුළින් වග උත්තරකාර හර්ෂ ඉලුක්පිටිය අධිකරණයට බරපතළ අපහාසයක් සිදුකර තිබෙන බවත් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළේය.
ඉකුත් රජය සමයේ විද්‍යුත් වීසා නිකුත් කිරීමේ කටයුතු පෞද්ගලික සමාගම් දෙකකට පැවරීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමෙන් අනතුරුව වීසා නිකුත් කිරීමේ පැරණි ක්‍රමවේදය යළි ක්‍රියාවට නංවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ආගමන හා විගමන පාලකවරයාට අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබුණි.
එම අතුරු තහනම් නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටියට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.
පුද්ගලික විශ්වවිද්‍යාල භාරව පවතින්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට බවත්, එය බාරව සිටින්නේ අග්‍රාමාත්‍ය, අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය හරිණි අමරසූරිය වෙත බවත්, ඇය සිය වගකීම ඉටු කරනවා ද යන්න සැකසහිත යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
හසලක මිනිපේ පමුනුපුර ප්‍රදේශයේ සිදු වූ නායයෑමකින් පුද්ගලයින් 05දෙනෙකු මියගොස් තවත් 12දෙනෙකු අතුරුදන්ව තිබේ.
හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු පස් කඳු ඉවත් කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව හැටන් කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රදීප් වීරසේකර පවසයි.
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ දුරකථන අංක පාවිච්චි කරමින් පුද්ගලයන්ගේ පෞද්ගලික තොරතුරු ගන්නා බවට වාර්තා වී ඇතැයි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
රත්න ශ්‍රී මහත්තයා හොඳ කවියෙකි. එතුමා ගැන මා නං මුලින්ම දැන ගත්තේ මහින්ද මහත්තයාගේ දෑත් ශක්තිමත් කළ නිසා ය.
ඩේලි මිරර් පුවත්පත සහ එහි වෙබ් අඩවියේ සේවය කරන ජනමාධ්‍යවේදීන් විසින් මාස දෙකක හිඟ දීමනා සහ පෙබරවාරි මාසයට අදාළ වැටුප් නොගෙවීම හේතුවෙන් ප්‍රවෘත්ති සැපයීමෙන් වැළකී සිටීමට තීරණය කර ඇත.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල ගේ ඥාති සහෝදරයෙකු වන බණ්ඩාර රඹුක්වැල්ල අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අමාත්‍යවරයකු වශයෙන් කටයුතු කරමින් සිය නිත්‍යානුකූල ආදායම ඉක්මවා දේපළ අත්පත් කර ගැනීමේ චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව අද (19) කොළඹ මහාධිකරණය හමුවේ යළි කැඳවනු ලැබීය.
හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය සෙහාන් සේම සිංහගේ පියා වූ, උතුරු මැද පළාත් සභාවේ හිටපු අමාත්‍ය H.B. සේමසිංහ,රුපියල් ලක්ෂ 1350 ක,මූල්‍ය අක්‍රමිකතාවයක් සිදුකර ඇත.
මෙම මූල්‍ය අපරාධයට, උතුරු මැද පළාත් සභාවේ හිටපු අමාත්‍යවරුන් වන, K.H. නන්දසේන හා පුංචි බණ්ඩා රත්නායකද හවුල් වී ඇත.
එපමණක් නොව, උතුරු මැද පළාත් සභාවේ ලේකම් ධූරය දැරූ, ආනන්ද කුලරත්න හා පළාත් අමාත්‍යාංශ ප්‍රධාන ලේකම් සාන්ත දිසානායකද, දායකත්වය සපයා ඇත.
ඒ අනුව, උතුරු මැද පළාත් සභාවේ මැති ඇමතිවරුන් ඇතුළු නිලධාරීන් 14 ක් මෙම මූල්‍ය වංචාවට සම්බන්ධ වී ඇති බව කරන ලද පරීක්‍ෂණයකදී කරුණු අනාවරණය වී තිබේ.
ගෝඨාභය රාජපක්ෂ හා රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරය දරන විට, එම ආණ්ඩුවේ මුදල් රාජ්‍ය ඇමැති ධූරය දැරූ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ, අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙහාන් සේමසිංහගේ, පියා වූ උතුරු මැද පළාත් සභාවේ හිටපු අමාත්‍ය H.B. සේමසිංහ, මෙහි ප්‍රමුඛයා ලෙස කටයුතු කර ඇත.
චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපති ධූරය දරණ විට,H.B.සේමසිංහ, එම ආණ්ඩුවේ අනුරාධපුර දිස්ත්‍රික්, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළේය.
පසුව ඔහු මහින්ද රාජපක්ෂ ජනාධිපති ධූරය දරණ විට උතුරු මැද පළාත් සභාවේ ඇමතිවරයකු වශයෙන් පත්විය.
සෙහාන් සේමසිංහ හා H.B.සේමසිංහ පිය පුතු දෙදෙනා, මාරුවෙන් මාරුවට මහ ආණ්ඩුවේ සහ පළාත් සභාවේ ඇමැතිදූර දරමින්, හම්බන්තොට රාජපක්ෂලාසේ, අනුරාධපුරයේ දේශපාලනය, සේමසිංලාගේ පවුලට උරුම කර ගැනිණි.
උතුරු මැද පළාත යනු, වකුගඩු රෝගයට බහුල වශයෙන් ජනතාව ගොදුරු වී සිටින බල ප්‍රදේශයකි. එම ජනතාවට පිරිසිදු පානීය ජලය ලබාදීමට මුවා වී, පළාත් සභාව සතු රුපියල් 13,41,20,000 ක්, මේ පිරිස අවභාවිතා කර ඇති බව පරීක්ෂණයෙන් හෙළිවී තිබේ.
එනම්, හිටපු අමාත්‍ය දුමින්ද දිසානායකගේ පියා වූ, බර්ටි ප්‍රේමලාල් දිසානායක, උතුරු මැද පළාත් සභාවේ මහ ඇමති ධූරය දැරූ, 2010, 2011 හා 2012 යන වර්ෂ වල මෙම මූල්‍ය වංචාව සිදු වී තිබේ.
උතුරු මැද පළාතේ වකුගඩු රෝගීන්ට අවස්ථා තුනකදී, ජල පෙරන යන්ත්‍ර 5000 ක්, 2500 ක් හා 5000 ක් යනාදී ආකාරයට එම යන්ත්‍ර 12,500 ක්,
සීමාසහිත ජිනසේන සමාගමෙන් මිලදී ගත් බවට ව්‍යාජ වංචනික තොරතුරු පළාත් සභාවේ ලේඛනවලට ඇතුළත් කර මෙම මූල්‍ය අක්‍රමිකතාවය සිදුකර තිබේ.
එම ක්‍රියාවට, සීමාසහිත ජිනසේන සමාගමේ, උතුරු මැද පළාත් සංවර්ධන කළමනාකරු ලෙස සේවය කළ, නලින් ගලේගොඩද හවුල් වී ඇත.
එපමණක් නොව, එවකට ජල සම්පාදන මණ්ඩලයේ වයඹ පළාත් භූගත කළමනාකරු, උපුල් සුසන්ත වික්‍රමරත්න, උතුරු මැද පළාත් සභාවේ ගිණුම් අධ්‍යක්ෂ, ඥානා විජේසිංහ, පළාත් සභාවේ සහකාර සැලසුම් ලේකම්, නන්දලාල් ගමගේ, මෙම ක්‍රියාවට හවුල් වී ඇති බව අදාල ලේඛන වල සඳහන්වේ.
එසේම, එවකට ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුවේ සංවර්ධන සහ සැලසුම් අධ්‍යක්ෂ සුගත් නයනානන්ද, පළාත් ප්‍රසම්පාදන කමිටුවේ සභාපති ධුරය දැරූ ආරියදාස තලාකොටුවගේ, වෛද්‍ය නිලධාරී විජයරාජ දයානන්ද මෙයට දායකත්වය සපයා ඇත.
ලක්ෂ 1350 ක් පමණ වන මෙම මූල්‍ය අපරාධයට මහනුවර, ධර්මාශෝක පාරේ, අංක 133 දරන ස්ථානයේ පදිංචි, චන්දන කුඩා බණ්ඩාර සෙනෙවිරත්න හා දෙහිවල, කළුබෝවිල, සුනන්දා නන්ද පාර, එඩ්මන්ඩ් පෙදෙස, අංක 3 දරන ස්ථානයේ පදිංචි අසංක වෙනුර රණසිංහ යන පුද්ගලයන් දෙදෙනාද, මෙයට වගකිව යුතු බවට අදාළ පරීක්ෂණයෙන් සනාථ වී තිබේ.
රුපියල් 13,41,20,000ක් යනු සුළුපටු මුදලක් නොවේ. එබැවින් මේ සිද්ධිය පිළිබඳව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ඉක්මනින්ම පරීක්‍ෂණයක් පවත්වා වැරදිකරුවන්ට විරුද්ධව නීතිමය පියවර ගත යුතුය.
වකුගඩු රෝගීන් යනු, මොනතරම් අන්ත අසරණ දුක්ඛිත තත්ත්වයට පත් වී සිටින පිරිසක්ද.? ඔවුන්ට එම රෝගය සුව කර ගැනීම සඳහා උපරිම සහාය ලබාදිය යුතුය.
එවන් පසුබිමක් තුළ ඔවුන්ට සහන සැලසීමට මුවාවී, උතුරු මැද පළාත් සභාව සතු, රුපියල් කෝටි 14 කට,ආසන්න මුදලක්, මේ මැති ඇමතිවරු සහ නිලධාරීන් එකතු වී වංචා කිරීම මොනතරම් නින්දිත ක්‍රියාවක්ද.?
(සටහන:- ශ්‍රී ලාල් ප්‍රියන්ත)
ethalayanews.com
1982 වර්ෂයේ දී ශ්‍රී ලංකාවේ මංගල ටෙස්ට් ක්‍රිකට් තරගයට ක්‍රීඩා කළ පාදඟ පන්දු යවන ක්‍රීඩකයෙකු වූ ඩී.එස් ද සිල්වා අභාවප්‍රාප්ත වී තිබේ.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (28) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටියේය.
දශක හතකට අධික කාලයක් සිංහල සිනමාවේ පසුබිම් ගායිකාවක ලෙස රැඳී සිටිමින් සිය ජීවන ගමනට සමුදුන් හෙළයේ ගීත කෝකිලාවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවසන් ගෞරව දැක්වී ය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට අදාළ නඩුවේ සැකකරුවෙකු ලෙස අධිකරණයට ඉදිරිපත් වූ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක පෙබරවාරි මස 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (28) නියම කළේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

