#newstube

  • ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන ක්ෂේත්‍රය එක තැන පල්වෙයි; CAPS වාර්ෂික වාර්තාව හෙළි කරයි

    Doing Good Index (DGI) දර්ශකය ඔස්සේ ආසියානු කලාපයේ සමාජ සේවා තත්ත්ව ඇගයීමට ලක් කරන ‘ආසියානු පරිත්‍යාගශීලීත්වය හා සමාජය සඳහා වූ මධ්‍යස්ථානය’ (Centre for Asian Philanthropy and Society - CAPS) විසින් නිකුත් කරන ලද නවතම වාර්තාව මගින් මේ බව හෙළිදරව් කර ඇත.

  • ශ්‍රී ලංකාවේ විදේශ ගමන් බලපත්‍රය ගෝලීය ශ්‍රේණිගත කිරීම්වලින් පහළට

    ශ්‍රී ලංකාවේ විදේශ ගමන් බලපත්‍රය ගෝලීය ශ්‍රේණිගත කිරීම්වලට අනුව 2025 වර්ෂයේ දී එක් ස්ථානයකින් පහත වැටී තිබේ.

    2025 වර්ෂය සඳහා හෙන්ලි විදේශ ගමන් බලපත්‍ර දර්ශකය සැප්තැම්බර් මස 11 වන දින නිකුත් කළ අතර ශ්‍රී ලංකාවට 97 වන ස්ථානය හිමිව ඇති බව සඳහන් වේ.

    පුර්ව වීසා බලපත්‍රයක් නොමැතිව ඇතුළු විය හැකි ගමනාන්ත පදනම් කරගනිමින් හෙන්ලි විදේශ ගමන් බලපත්‍ර දර්ශකය ලොව පුරා විදෙස් ගමන් බලපත්‍ර ඇගයීමට ලක් කෙරේ.

    මෙම දර්ශකයට අනුව ලොව බලවත්ම විදෙස් ගමන් බලපත්‍රය ලෙස සිංගප්පූරුව පත්ව ඇති අතර දෙවන ස්ථානය දකුණු කොරියාවත් තෙවන ස්ථානය ජපානයත් ලබා ගෙන ඇත.

    ඇෆ්ගනිස්ථානය අවසන් ස්ථානයෙහි පසු වේ.

    ශ්‍රී ලංකාව සමග ඉරානය ද මෙම දර්ශකයේ 97 වන ස්ථානයේ රැඳී සිටිම විශේෂයකි.


  • ශ්‍රී ලංකාවේ, සියයට 20ක් අන්ත දුක්ඛිත දරිද්‍රතාවෙන් පෙළෙනවා - ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා

    2025 වසරේ දී ශ්‍රී ලංකාවේ දරිද්‍රතා රේඛාව සියයට 22.4ක් වන බව ලෝක බැංකුව පුරෝකථනය සිදුකරන බවත්, 2027 දී ශ්‍රී ලංකාවේ අන්ත දුක්ඛිත දරිද්‍රතාවයෙන් පෙළෙන ප්‍රතිශතය සියයට 20කට වඩා වැඩි බවත් ලෝක බැංකුව දත්ත මගින් පෙන්වා දී තිබෙන්නේ යැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා පැවසී ය.

  • ශ්‍රී ලන්කන් අධ්‍යක්ෂ මණ්ඩලය ඉල්ලා අස් වුණේ ඇයි...? (වීඩියෝ)

    මෙම වසරේ ජනවාරි මස 29වන දා ශ්‍රී ලන්කන් ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම ඉල්ලා අස් වූ අතර මාර්තු මස 31වන දා සරත් ගනේගොඩ සහ රොහාන් ගුණතිලක ද ඉල්ලා අස් වූ බවත්, මේ පිටුපස පවතින සත්‍ය හේතු මොනවා ද යන්න චාමර විජේසූරිය හෙළිදරවු කළේ ය.

  • ශ්‍රී ලන්කන් අලාභය සියයට 15.1කින් අඩුවෙයි

    ශ්‍රී ගුවන් සමාගමේ වියදම 2024/2025 වර්ෂයේ දි  රුපියල් බිලියන 275.6ක් දක්වා  සියයට 15.1කින් අඩුකරගැනිමට හැකිවි ඇති බැව්  මුදල් හා ආර්ථික සංවර්ධන අමාත්‍යංශය විසින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ.

    ගුවන්යානා ඉන්ධන පිරිවැය  සියයට 20.4කින් අඩුවිම, බදුපදනම මත ලබාගත් ගුවන්යානා සදහා  කුලි සහ ගුවන්යානා නඩත්තු වියදම  සියයට 68කින් අඩුවිම ,අලුත්වැඩියා වියදම සියයට 13.2කින් අඩුවිම මේ සදහා  ප්‍රධාන වශයෙන් හේතුවි ඇති බවද  මෙම වාර්තාවේ සදහන් වේ. කෙසේවුවද  ශ්‍රි ලංකන් ගුවන් සමාගම 2024/2025 වර්ෂයේ දි  රුපියල් බිලියන 8.4ක  බදු පසු ශුද්ධ  අලාභයක් වාර්තාකොට තිබුණි.

    දිගුකාලින මෙහෙයුම් අකාර්යක්ෂමතා සහ රුපියල් බිලියන 586.5ක් වු  අතිත ණය බර  මේ සඳහා  ප්‍රධාන හේතුවක් වි ඇති බවද මෙකි වාර්තාවේ සදහන් වේ

    රජය විසින් ජාතික ගුවන්සේවය ආරක්ෂා කිරිමේ  උත්සාහයක් ලෙස  ගුවන් සමාගමේ පවතින  මුල්‍ය ගැටළුවලට  සහායවිම සදහා 2024 වර්ෂයේ දි  රජය විසින්  රුපියල් බිලියන 9.8ක මුල්‍ය දායකත්වයක් ගුවන් සමාගමට ලබා දි ඇත. මිට අමතරව  රජය විසින්  ඇමෙරිකානු ඩොලර් මිලියන 175ක  ජාත්‍යන්තර ස්වෛරිත්ව  බැදුම්කර ප්‍රතිව්‍යුහගත  කිරිම සදහා සහායවිමට  ඉදිරිපත් වි තිබේ.

     ගුවන් සමාගමේ දිගුකාලිනව  නොගෙවු ණය  සේවා බැදිම් පියවිමට  රජය එකගවි ඇති අතර  ඒ අනුව ණය පියවිම සදහා 2025 වර්ෂයේ අයවැය මගින් රුපියල් බිලියන 20ක  ප්‍රතිපාදන අනුමතකර ඇත.

    (Ada  - ලලිත් චාමින්ද)

  • ශ්‍රී ලාංකික සාහිත්‍යයේ ඉරණම තීන්දු කරන්නේ ආරක්ෂක අමාත්‍යංශය ද...? - දීපචෙල්වන් විමසයි

    දීපචෙල්වන් ලියන්නේ යුද්ධයේ ඔහු ලද අත්දැකීම් බවත්, ඒ හැර ඔහුට ලියන්නට වෙනත් යමක් නැති බවත් ඔහු පැවසූ බව කථිකාචාර්ය, ලේඛිකා අනූෂා ශිවලිංගම් පැවසුවා ය.

  • ශ්‍රී ලාංකික සිසුවෙකු බැංගලෝර්හිදි ලිංගික අපයෝජනයට

    බැංගලෝර්හි 24 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු ඉන්ස්ටග්‍රෑම් මාර්ගගත ලිංගික අපයෝජන ජාවාරමකට ගොදුරු වී තිබේ.

  • ශ්‍රී ලාංකික සෞඛ්‍ය සේවාව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රශංසාවට ලක් වුව ද එහි ගැටලු සහ අභියෝග ගණනාවක් පවතිනවා - GMOA

    ලංකාව පහළ මැදි ආදායම් ලබන රටක් වුව ද, ලෝකයේ ඉහළ සංවර්ධිත රාජ්‍යවලට නොදෙවෙනි සුවිශිෂ්ට සෞඛ්‍ය සේවාවක් ජනතාවට ලබාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික නිදහස් සෞඛ්‍ය සේවාව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ද ප්‍රශංසාවට ලක් වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

  • ශ්‍රී ලාංකීය ගීත වංශකතාවේ ගී රැජිනිය සමු ගන්නවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

    ශ්‍රී ලාංකීය ගීත වංශකතාවේ ගී රැජිනගේ අභාවය සම්බන්ධයෙන් අසීමිත ලෙස දුකට පත් වන බවත්, සිය පියාගේ සමයේ සිට ම ඇය සමග සමීප සම්බන්ධතාවක් පැවැති බවත් සෑම ගම් උදාවකම ඇය එක් වී රටේ ජනතාව වෙනුවෙන් රජය කළ සේවාවට ඉමහත් ශක්තියක් වූ බවත් විපක්ෂ නායකවරයා පැවසී ය.

  • ශ්‍රී ලාංකීය වියුක්ත චිත්‍ර කලාවේ පෙරගමන්කරු: එච්.ඒ. කරුණාරත්න

    කලා ගුරු එච්.ඒ. කරුණාරත්න ගැන මගේ මතකය අවදි කරන්නේ මහත් ආස්වාදයකින් යුතුව ය.

  • ශ්‍රී ලාංකීය සිනමා පාසල පිළිබඳ ව පැවති සිහිනය සැබෑ වන ලකුණු

    දිගු කාලයක සිට ශ්‍රී ලාංකීය සිනමා කර්මාන්තයේ නියැළෙන සියලු දෙනා ගේ බලාපොරොත්තුවක් වූ සිනමා පාසල ගොඩනැගීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබා දීමට ජනාධිපති අනුර කුමාර දිසානායක තමා වෙත පොරොන්දු වූ බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනවි පැවසී ය.

  • ශ්‍රී ලාංකීය සිනමාවේ ශත සංවත්සරය සැමරීම සහ 75 වසරක කතානාද සිනමාවේ හොඳම චිත්‍රපට 25 ප්‍රකාශයට පත් කෙරේ

    බුද්ධශාසන,ආගමික කටයුතු සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශය,සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා කලා මණ්ඩලය සමග රාජ්‍ය සිනමා අනුමණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන, ‘ශ්‍රී ලාංකීය සිනමාවේ ශත සංවත්සරය (1925-2025) සහ 75 වසරක මෙරට කතානාද සිනමාවේ හොඳම චිත්‍රපට 25 ප්‍රකාශයට පත් කිරීමේ උත්සවය 2025 දෙසැම්බර් 29 වන සඳුදා, සවස 4.30 ට කොළඹ 05, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පිහිටි ‘ඇසිදිසි මැදුර’ ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

  • ශ්‍රීලනිප සමස්ත ලංකා කාන්තා පෙරමුණ අනීතිකයි - දයාසිරි, නිමල් සිරිපාලට ලියයි

    2025.12.12වන දින පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමස්ත ලංකා කාන්තා පෙරමුණ ශ්‍රී ලංකා ව්‍යවස්ථාවේ දක්වා තිබෙන නීත්‍යනුකුල පදනමකින් තොරව පැවැත්වෙන්නක් යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම් දයාසිරි ජයසේකර සඳහන් කරයි.

  • ශ්‍රීලනිප සර්වරාත්‍රික පිරිත් පිංකම 63වන වරටත්

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නිර්මාතෘ එස්.ඩබ්.ආර්.ඩි. බණ්ඩාරනායක ගේ අභාවයෙන් පසුව ලෝකයේ ප්‍රථම අග්‍රාමත්‍ය දිවංගත සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය විසින් ආරම්භ කරනු ලදුව, ඉන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නොකඩවා පැවැත්වූ වාර්ෂික පිරිත් පිංකම 63 වන වරටත් වරටත් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

  • ශ්‍රීලනිපේ බැංකු ගිණුම්වලට දයාසිරිගෙන් බැරියර් එකක්!  

    ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය මේ වනවිට මැතිවරණ කොමිෂන් සභාව විසින් පිළිනොගන්නා බැවින් එම පක්‍ෂයේ බැංකු ගිණුම අත්හිටුවන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහජන බැංකුවෙන් ඉල්ලීමක් කර තිබේ.

  • ශානි අබේසේකර වෙතින් මනෝරි සලේ වෙත පිළිතුරු

    2019 වසරේ සිදු කළ පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් රඳවා ප්‍රශ්න කරමින් සිටින, හිටපු බුද්ධි අංශ නායක සුරේෂ් සලේ ගේ බිරිඳ වන මනෝරි සලේ බන්ධු සේන විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර වෙත යොමු කරන ලද ලිපියට ශානි අබේසේකර විසින් පිළිතුරු ලිපියක් යොමු කර ඇත.

  • ශිරන්ති අද FCID එන්න බෑ කියයි

    පෞද්ගලික හේතූන් මත තමාට අද (27) දිනයේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිටීමට නොහැකි බව ශිරන්ති රාජපක්ෂ දැනුම් දී ඇත.

  • ශිරන්ති රාජපක්ෂ FCIDය හමුවට

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට (FCID) පැමිණියාය.

  • ශිෂ්ටාචාරයේ ආවරණ ඉරා දැමූ "නිරුවත් වානරයා ගේ" නික්ම යෑම

    මිනිසා යනු තවමත් ප්‍රාථමික සහජාසවලින් මෙහෙයවෙන සතකු බව විද්‍යාත්මකව ඔප්පු කළ විප්ලවීය ප්‍රාඥයා, ඩෙස්මන්ඩ් මොරිස් (Desmond Morris) 2026 අප්‍රේල් 19 වන දින සිය 98 වසරක ජීවන ගමන නිමා කළේය.

  • ශීත කාලගුණයත් සමඟ වෛරස් රෝග ව්‍යාප්තිය ඉහළ යාම​ක්

    පවතින ශිත කාලගුණ තත්ත්වයත් සමඟ වෛරස් රෝග කිහිපයක ව්‍යාප්තියක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න