#newstube

  • වෙඩි වැදුණු වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති මරුට

    නාදුනන වෙඩික්කරුවෙකුගේ වෙඩි පහරට ලක්ව බරපතල තුවාල ලබා රෝහල්ගත කළ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා මීට සුළු මොහොතකට පෙර මියගිය බව පොලිසිය පවසයි.

  • වෙද සිසු කැලට ප්‍රේමෙනා දිවියම පිදූ හාමිනා | නිසංසලා උදයාංගනී

    පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයට පියමනින ඕනෑම අයෙකුට හමු වන එක් සුවිශේෂී චරිතයක් විය.

  • වෙනිසියුලානු විපක්ෂ නායිකාව දිනූ නොබෙල් සාම ත්‍යාගය ට්‍රම්ප්ට පිරිනමයි

    වෙනිසියුලානු විපක්ෂ නායිකා මරියා මචාඩෝ සිය නොබෙල් සාම ත්‍යාගය අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත පිරිනමා තිබේ.

  • වෙනිසියුලාවේ තත්ත්වය සම්බන්ධයෙන් කනස්සල්ලට පත් වෙනවා - විදේශ කටයුතු අමාත්‍යංශය

    වෙනිසියුලාවේ මෑත කාලීන වර්ධන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය දැඩි කනස්සල්ලට පත්ව සිටින අතර එහි තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය සඳහන් කරයි.

  • වෙරිටේ රිසර්ච් ආයතනය යනු කුමක් ද...? Ideas front වීඩියෝවක්

    වෙරිටේ රිසර්ච් ආයතනය යනු එක් කාලයක රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ද, තවත් කලෙක සජිත් ප්‍රේමදාස වෙනුවෙන් ද සිය ශ්‍රමය සහ කාලය වැය කරමින් සේවය කළ ආයතනයක් යැයි දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය.

  • වෙසක් පෝය දිනට පසු දින නිවාඩු දිනයක් ද.?

    2026 වර්ෂය සඳහා ප්‍රකාශයට පත් කළ අංක 2438/22 හා 2025.05.27 දිනැති ගැසට් පත්‍රය මේ දක්වා සංශෝධනය කර නොමැති බව කම්කරු දෙපාර්තමේන්තුව පවසයි. 

  • වෙසක් සතිය ප්‍රකාශයට පත් කෙරේ

    ශ්‍රී සම්බුදු තෙමගුල සිහි කරමින් පැවැත්වෙන වෙසක් පුණ්‍යමහෝත්සවය මුල්කරගෙන 2026 මැයි 27වැනිදා සිට ජුනි 02වැනිදා දක්වා වෙසක් සතිය වශයෙන් 2026.03.30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය මගින් ප්‍රකාශයට පත්කර ඇති බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් නිවේදනය කරයි.

  • වෙළඳ අමාත්‍යවරයා ගේ අධ්‍යාපන සුදුසුකම් වහා ම රටට හෙළි කරන්න - නව ජනතා පෙරමුණ පක්ෂ නියෝජ්‍ය නායක උපතිස්ස කුමාරතුංග

    තමන් ගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව විවිධ අදහස්  සමාජය තුළ කතා බහට ලක් වී ඇති බැවින් ඒ පිළිබඳව සත්‍ය තොරතුරු රට හමුවේ හෙළිදරව් කිරීමේ අරමුණින් 2005 ඔක්තොම්බර් මස 01 වන දින මීට ප්‍රථම  ලිපියක් බාර දුන් නමුත්  මාස දෙකක් ගත වී ඇතත් ඒ පිළිබඳව කිසිදු තොරතුරක් මේ වනවිට ලැබී නැති බැවින් නැවතත් ඒ පිළිබඳව තොරතුරු විමසා අද දින විභාග දෙපාර්තමේන්තුවට ලිපියක් බාර දුන්නේ යැයි නව ජනතා පෙරමුණ පක්ෂ නියෝජ්‍ය නායක උපතිස්ස කුමාරතුංග පැවසී ය.

  • වෙළෙඳ ගනුදෙනු අරමුණු කරගනිමින් ඩොනල්ඩ් ට්‍රම්ප් ලබන මස අග දී චීනයට - ධවල මන්දිරය තහවුරු කරයි

    අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලබන මාර්තු මස අවසානයේ දී චීනයේ නිල සංචාරයක නිරත වන බව ධවල මන්දිරය නිල වශයෙන් තහවුරු කර ඇත.

  • වෛද්‍ය නිලධාරී සංගමයේ අරගලයට පූර්ණ සහයෝගය පළ කරනවා - රවි කුමුදේශ්

    ආණ්ඩුව සූදානම් වන්නේ වෛද්‍යවරු සහ විශේෂඥ වෛද්‍යවරු බෙදා වෙන් කර, විශේෂඥ වෛද්‍ය සේවාව මුදලාලිකරණය කිරීමට බවත්, නිදහස් සෞඛ්‍ය සේවාව සහ වෘත්තීය සමිති අයිතිය වෙනුවෙන්, වෛද්‍ය නිලධාරී සංගමයේ අරගලයට තම සංගමයේ පූර්ණ සහයෝගය පළ කරන බවත් සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් සදහන් කරයි.

  • වෛද්‍ය නිලධාරීන් ගේ ඌණ පහසුකම් (Difficult Station) සේවා ස්ථාන - 2026 වර්ෂය සඳහා සංශෝධන

    ශ්‍රී ලංකාවේ යුදමය වාතාවරණය පැවති සමයේ උතුරු සහ නැගෙනහිර පළාත්වල සේවය කළ වෛද්‍ය නිලධාරීන් සඳහා ක්‍රියාත්මක වූ වසර දෙකක විශේෂ ස්ථාන මාරු සහනය, වර්තමාන සංවර්ධන තත්ත්ව සැලකිල්ලට ගනිමින් වඩාත් විද්‍යාත්මක පදනමක් යටතේ සංශෝධනය කිරීමට 2020 වසරේ සිට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත. 

  • වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන ගේ වැඩ තහනම්; බාල බෙහෙත් ගෙනාව අය තවමත් සේවයේ

    සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇති දූෂණ වංචා හෙළිදරව් කරන වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මාධ්‍යට කතා කළා කියා රැකියාව අහිමි කර තිබෙනවා. එය අසාධාරණ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

  • වෛද්‍ය වර්ජනය ගැන සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් දැඩි ප්‍රකාශයක්

    සීමාවාසික පුහුණුව අවසන් කළ වෛද්‍යවරුන්ට පත්වීම් ලබාදීමේ ක්‍රමවේදයට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස අද (4) සිය දැඩි විරෝධය පළ කළේය.

  • වෛද්‍ය වැඩ වර්ජනය වසර 18 ක් අම්පාර රෝහලක රැඳී සිටි වෛද්‍යවරයෙක් ස්ථාන මාරු කිරීම නිසා ද ?

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හදිසි විධායක කමිටු රැස්වීමක් අද (07) දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.

    එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය හංසමාල් වීරසූරිය සඳහන් කළේ, අම්පාර දිස්ත්‍රික්කයේ වෛද්‍ය ස්ථානමාරුවීම් සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව පිළිබඳව සාකච්ඡා කිරීම මෙහි අරමුණ බවය.

    අම්පාර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය පරිපාලනය විසින් අත්තනෝමතික ලෙස වෛද්‍ය මාරුවීම් සිදුකිරීමට විරෝධය පළකරමින් මේවන විට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එම දිස්ත්‍රික්කය තුළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ.

    මෙතෙක් අදාළ ගැටලුව සඳහා රජයේ අවධානය යොමුවී නොමැති බැවින් සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව අද දිනයේ තීරණය කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය හංසමාල් වීරසූරිය  සඳහන් කළේය.


    Screenshot 2025 10 07 101741 2


    වෛද්‍ය වෘත්තීය සමිතියේ ත්‍රස්ත හැසිරීමට ආණ්ඩුව යටත් විය යුතු නැත...


    මේ අතර ආණ්ඩුවට පක්ෂපාති ඇතැම් සමාජ මාධ්‍ය වාර්තා කර ඇත්තේ, වසර 18ක් එකම රෝහලක රැඳී සිටි වෛද්‍යවරයෙක් ස්ථාන මාරු කිරීම නිසා අම්පාර දිස්ත්‍රික්කයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) වෛද්‍යවරු වැඩවර්ජනයක් ආරම්භ කර ඇති බවත් වෛද්‍ය වෘත්තීය සමිතියේ ත්‍රස්ථ හැසිරීමට ආණ්ඩුව යටත් විය යුතු නැති බවත් ය.

    එම පුවත් වාර්තා වලට අනුව,

    2007 වසරේ පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීමක් මත දෙහිඅත්තකණ්ඩිය මුලික රෝහලේ සේවයට පැමිණි වෛද්‍යවරයෙක් පුරා වසර 10 ක් එම රෝහලේ රැඳී සිටි අතර ඉන් පසුව 2017 දී පොළොන්නරුව, ලිහිණියාගම රෝහලට ස්ථාන මාරුවක් ලබා පිටත්ව ගොස් එක් දිනක් ඇතුළත නැවතත් තාවකාලික ස්ථාන මාරුවක් මත දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහල වෙතම පැමිණ තිබේ.

    එසේ පැමිණි එම වෛද්‍යවරයා තවත් වසර 08කට පසු මෙයට දින කිහිපයකට පෙර එම රෝහලෙන් නැවතත් පොළොන්නරුව, ලිහිණියාගම රෝහල වෙත අම්පාර දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විසින් නිදහස් කර යවන්නේ එලෙස දීර්ඝ කාලයක් තාවකාලික පදනමින් දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලේ රැඳී සිටිමින් වැටුප් හා අතිකාල ලබා ගැනීම ප්‍රශ්න කරමින් නිකුත් වූ විගණන වාර්තාවකට අනුවය.




    සාමාන්‍යයෙන් වෛද්‍යවරයෙන් සෑම වසර 04කට වරක්ම ස්ථාන මාරුවීම් ලැබිය යුතු වුවද අදාළ වෛද්‍යවරයා වසර 18 ක් පුරා සිය වෘත්තීය සමිතියේ බලය අවභාවිත කරමින් එකම රෝහලක රැඳී සිට ඇත. එම වෛද්‍යවරයා දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලේ සේවය කර ඇත්තේ වැඩබලන වෛද්‍ය අධිකාරි තනතුරේය.

     




    2025.05.24 දින එම රෝහලේ වෛද්‍ය අධිකාරි තනතුරට නව වෛද්‍යවරයෙක් මහඔය මූලික රෝහලේ සිට ස්ථාන මාරු ලබා පැමිණ ඇත. මෙලෙස නව පත්වීමක් ලබා දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලට පැමිණි වෛද්‍යවරයාට එරෙහිව මෙම වෛද්‍යවරයා සහ එම රෝහලේම සේවය කරන අදාළ සංගමයටම අයත් තවත් දූෂණ චෝදනා ඇති වෛද්‍යවරුන් කීපදෙනෙක් එක්ව ඔහුගේ රාජකාරියට දිගින් දිගටම බාධා කිරීමත්, තනතුරෙන් ඉවත්වන ලෙස බලපෑම් කිරීමත් නිසා එම වෛද්‍යවරයා අවසානයේ දී රාජ්‍ය සේවයෙන් ඉල්ලා අස්වී ඇත.

    දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලේ සිදුවු මෙම සිදූවිම් මාලාව සම්බන්ධයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විනය පරීක්ෂණයක් අරඹා ඇති අතර වසර 18ක් අනීතිකව රැඳී සිටි වෛද්‍යවරයා මාරු කිරීමට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) වෛද්‍යවරුන් මේ වනවිට අම්පාර දිස්ත්‍රික්කයේ වැඩවර්ජනයක් කැඳවා ඇත.

    මෙම වෛද්‍ය වැඩවර්ජනය සම්බන්ධව ප්‍රදේශයේ ජනතාවගේ අදහස නම්, කිසිදු සාධාරණ පදනමක් නැති, නීති විරෝධි ඉල්ලීම් වෙනුවෙන් සිදුකරන වැඩ වර්ජණවලට ආණ්ඩුව යටවිය යුතු නැති බවත් වර්ජකයින්ට එරෙහිව ආණ්ඩුව ක්‍රියාමාර්ග ගත යුතු බවත්ය. මෙම සංගමයේ බලපෑම් නිසා බොහොමයක් වෛද්‍යවරුන්ගේ වාර්ෂික ස්ථාන මාරු ක්‍රියාත්මක නොවී නතර වී ඇති අතර පසුගිය කාලයේ ස්ථාන මාරු ක්‍රියාත්මක කර ගැනීමට ඇතැම් වෛද්‍යවරුන්ට මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පවා යාමට සිදුවිය.

    එසේම මෙම සංගමයේ ප්‍රාදේශීය නායකයින් දීර්ඝ කාලයක් පුරා ස්ථාන මාරුවීම් නොලබා එකම සේවා ස්ථානවල රැඳි සිටින්නේ එම ප්‍රදේශවලට ලැබීමට නියමිත නව වෛද්‍ය පත්වීම් සීමා කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට බලපෑම් කරමින්ය.

    එසේම අනුරාධපුර රෝහලේ සිට ඉවත් කළ වැඩ බලන අධ්‍යක්ෂවරයාද, කොළඹ අක්ෂි රෝහලේ සහ බදුල්ල ශික්ෂණ රෝහලේ සේවය කරන මෙම සංගමයේ ප්‍රධානීන් ලෙස මාධ්‍ය ඉදිරියට එන වෛදවරුන් දෙදෙනාද වසර 10කට වැඩි කාලයක් ස්ථානමාරුවීම් නියෝග නොතකා, විවිධ දුෂණ ක්‍රියාවන්වලට සම්බන්ධ වෙමින් බලහත්කාරයෙන් රැඳී සිටි සහ සිටින වෛද්‍යවරුන්ය.




    රෝගී සත්කාර සේවා අඩාල කරන මෙම වෛද්‍ය වෘත්තීය සමිතියේ ත්‍රස්ථ හැසිරීමට ආණ්ඩුව යටත් විය යුතු නැත. රටේ පැවතිය යුත්තේ එක ආණ්ඩුවකි, එක නීතියකි. සෞඛ්‍ය සේවාව තුළ මෙය තහවුරු කිරීම සෞඛ්‍ය අමාත්‍යතුමා ඇතුළු අමාත්‍යාංශ බලධාරීන්ගේ වගකීමක් බවද ජනතාව සඳහන් කරති.

     

  • වෛද්‍ය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට ස්වාධීන වෘත්තීය සමිති එකමුතුව සහාය පළ කරයි

    සෞඛ්‍ය කේෂ්ත්‍රයේ බරපතළ ගැටලු විසඳීමට සෞඛ්‍ය අමාත්‍යාංශය දිගින් දිගටම අසමත්ව ඇති බවත්: ඖෂධ හිඟය, උපකරණ හිඟය, රෝහල් පහසුකම් සපයාදීමට රජය වෙත සිදුකළ ඉල්ලීම් රැසක් කළ කළ ද ‍වෛද්‍ය කේෂ්ත්‍රයේ වෘත්තිකයින්ගේ ගැටලු සම්බන්ධයෙන් විධිමත් සාකච්ඡා පැවැත්වීම හෝ ප්‍රශ්න සම්බන්ධයෙන් ඇහුම්කම්දිමක් හෝ අමාත්‍යාංශ පාර්ශවයෙන් සිදු නොවුණ බව ස්වාධීන වෘත්තීය සමිති එකමුතුව සඳහන් කරයි.

  • වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් මිනිත්තුවකටත් අඩු කාලයක දී මවක ගේ සහ නොමේරූ බිළිඳෙකු ගේ ජීවිත බේරා ගනී

    වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන්, මිනිත්තුවකටත් අඩු කාලයක දී සිදු කළ හදිසි සිසේරියන් සැත්කමක් මගින් මවක ගේ සහ නොමේරූ බිළිඳකු ගේ ජීවිත බේරාගෙන ඇත.

  • වෛද්‍ය සමන් වීරසිංහට රුසියා ජනාධිපති ගෙන් ඉහළම සම්මානයක්

    රුසියානු සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා හිටපු  තානාපති වෛද්‍ය සමන් රංජිත් වීරසිංහට රුසියානු සමූහාණ්ඩුවේ ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් විසින් "මිත්‍රත්වය සදහා වූ රුසියානු රාජ්‍ය සම්මානයෙන්" පිදුම් ලැබුවේය.

  • වෛද්‍යවරු 23,000ක් සෞඛ්‍ය කඳවුරු වෙත යොමු කර තිබෙනවා - GMOA

    සිදුවූ ව්‍යසනයත් සමග ලක්ෂ එකොළහකට අධික පිරිසක් පීඩනයට, අසරණ භාවයට පත්ව සිටින බවත්‍, ඒ අය වෙනුවෙන් රජයේ වෛද්‍ය නිලධාරින් ගේ සංගමයේ වෛද්‍යවරු 23,000ක් සෞඛ්‍ය කඳවුරු වෙත යොමු කර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස පැවසී ය.

  • වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අද උදෑසන සිට

    ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (17) උදෑසන 8 සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

  • ශතවර්ෂයක පටන් දිවයිනටම නුවණ බෙදන දැනුම් යාත්‍රාව කොළඹ මහජන පුස්තකාලයේ අපූරු ඉතිහාසය.

    ඔබ පොත්පත් කියවීමට නිබඳව ම ආශාවක් දක්වන්නෙකු නම් මෙම ලිපියෙන් ගෙන එන ස්ථානය පිළිබඳව ඔබ අනිවාර්යයෙන් ම දැන සිටීමට ඇති ඉඩකඩ ඉතා ඉහළ ය.

    එසේ නොවූවත්, ඔබ කොළඹ නගරයේ සැරිසරන අයකු නම්, ඒත් ඔබ මෙම ස්ථානය ගැන දැන සිටීමට පුළුවන. මෙම දැනුම් ගබඩාව අන් කිසිවක් නොව කොළඹ මහජන පුස්තකාලය යි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න