2025.12.12වන දින පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමස්ත ලංකා කාන්තා පෙරමුණ ශ්‍රී ලංකා ව්‍යවස්ථාවේ දක්වා තිබෙන නීත්‍යනුකුල පදනමකින් තොරව පැවැත්වෙන්නක් යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම් දයාසිරි ජයසේකර සඳහන් කරයි.
ඔහු මේ බව සඳහන් කරන්නේ නිමල් සිරිපාල ද සිල්වා වෙත ලිපියක් නිකුත් කරමිනි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා ලේකම් දයාසිරි ජයසේකරගේ අත්සනින් යුත් එම ලිපියේ සඳහන් වන අන්දමට නිමල් සිරිපාල ද සිල්වා කිසිදු ආකාරයකින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ලෙස පත් වි නොමැත; එමෙන් ම පක්ෂයේ ලේකම්වරයා ද නීත්‍යනුකුල පදනමකින් පත්වූවෙකු නොවේ.
එබැවින් එම දෙපළ මෙම කාන්තා පෙරමුණෙහි සමස්ත ලංකා කාරක සභාව කැඳවීම සම්පූර්ණ නිති විරෝධි ක්‍රියාවක් යැයි දයාසිරි ජයසේකර එම ලිපියේ වැඩි දුරටත් සඳහන් කර ඇත.
මතු පළ වන්නේ දයාසිරි ජයසේකර විසින් නිමල් සිරිපාල ද සිල්වා වෙත නිකුත් කරන ලද ලිපිය සහ ඒ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත දැක්වූ අදහස් අන්තර්ගත විඩියෝව යි.


newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
