ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය මේ වනවිට මැතිවරණ කොමිෂන් සභාව විසින් පිළිනොගන්නා බැවින් එම පක්‍ෂයේ බැංකු ගිණුම අත්හිටුවන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහජන බැංකුවෙන් ඉල්ලීමක් කර තිබේ.
මරදාන ඩාලි පාරේ පිහිටි නිදහස් පක්‍ෂ මූලස්ථානය එක්තරා කණ්ඩායමක් බලහත්කාරයෙන් අල්ලාගෙන පක්‍ෂයේ අරමුදල් ඔවුන්ට අවශ්‍ය පරිදි වියදම් කරමින් සිටින බව ද මන්ත්‍රීවරයා බැංකුව වෙත යැවූ ලිපියේ සඳහන් කර ඇත.
පක්‍ෂය පිළිබඳව අධිකරණයේ නඩු කිහිපයක් පවතින බැවින් පක්‍ෂයේ අරමුදල් හිතුවක්කාර ලෙස වැය කිරීමට ඉඩදිය නොහැකි බව හෙතෙම සඳහන් කර තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
