සෞඛ්‍ය කේෂ්ත්‍රයේ බරපතළ ගැටලු විසඳීමට සෞඛ්‍ය අමාත්‍යාංශය දිගින් දිගටම අසමත්ව ඇති බවත්: ඖෂධ හිඟය, උපකරණ හිඟය, රෝහල් පහසුකම් සපයාදීමට රජය වෙත සිදුකළ ඉල්ලීම් රැසක් කළ කළ ද වෛද්‍ය කේෂ්ත්‍රයේ වෘත්තිකයින්ගේ ගැටලු සම්බන්ධයෙන් විධිමත් සාකච්ඡා පැවැත්වීම හෝ ප්‍රශ්න සම්බන්ධයෙන් ඇහුම්කම්දිමක් හෝ අමාත්‍යාංශ පාර්ශවයෙන් සිදු නොවුණ බව ස්වාධීන වෘත්තීය සමිති එකමුතුව සඳහන් කරයි.
අද දින ආරම්භ වූ වැඩ වර්ජනයට ස්වාධීන වෘත්තීය සමිති එකමුතුවේ පූර්ණ සහාය පළ කරන අතර, අවලාද අපහාස වෙනුවට ගැටලු විසඳීම සඳහා සෞඛ්‍ය කේෂ්ත්‍රයේ සියලු වෘත්තීය සමිති සමග එලදායී සාකච්ඡා ඇරඹිය යුතු බවට බලකර සිටින්නේ යැයි එම වෘත්තීය සමිති එකමුතුව නියෝජනය කරමින් ඉන්දික දොඩංගොඩ ගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.
මතු පළ වන්නේ ස්වාධීන වෘත්තීය සමිති එකමුතුව විසින් නිකුත් කරන ලද සම්පූර්ණ නිවේදනය යි.


