Image

ශ්‍රී ලංකන් සභාපතිට යන්න කියපු හේතුව

ශ්‍රී ලංකන් සභාපතිට යන්න කියපු හේතුව

ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරාගේ හේලීස් සමාගමේ නියෝජිතයින් හිටිහැටියේ මාර්තු 31 වෙනිදා ශ්‍රීලන්කන් එකෙන් ඉල්ලා අස්වුණා. අස්වුණා ම නෙමෙයි ඉල්ලා අස්වෙන තැනට වැඩේ පත්තු වුණා.

ඔන්න අප්‍රේල් 07 වෙනිදා සජබ මන්ත්‍රී එස්. එම්. මරික්කාර් පාර්ලිමේන්තුවේ දී ශ්‍රීලංකන් ගුවන්සේවයේ සභාපතිවරයා හදිස්සියේ ම ඉවත් වූ හේතුව සම්බන්ධයෙන් විෂයබාර අමාත්‍යවරයා ගෙන් ප්‍රශ්න කළා. හැබැයි එහෙම ප්‍රශ්න කෙරුවේ ධම්මික පෙරේරාගේ හෝ හේලීස් සමාගමේ නම නොකියා මෙන්න මෙහෙම.

''ශ්‍රීලංකන් එකට වැඩිම ලාභය ලැබෙන්නෙ කොළඹ-ලන්ඩන් ගුවන් ගමන්වලින්, ඒ ප්‍රමාණය ඩොලර් මිලියන 30ක්, ඊළඟට කොළඹ-මෙල්බර්න්වලින්, ‌ඩොලර් මිලින 14ක්. ගිය සතියේ සභාපතිවරයා හදිසියේ ම ඉල්ලා අස්වෙනවා, ඒ වෙද්දි ඔහු සේවය කරන පෞද්ගලික සමාගම විසින් මෙල්බර්න් සහ කොළඹ අතරත්, ලන්ඩන් සහ කොළඹ අතරත් ගුවන් ගමන් ආරම්භ කරන්න සියලු කටයුතු සූදානම් කරලා අවසන්. එතුමා ගේ සමාගම තමයි දේශීය නියෝජිතයා (GSA) විදියට කටයුතු කරන්නෙ. මෙතනදී ගැටලුවක් මතුවෙනවා ඔබතුමාලා පත්කරපු සභාපතිවරයා ඔහු ගේ සමාගමට බිස්නස් අරන්දීලා, තමන් ගේ වැඩේ කරලා ඉවරවෙලා ඉවත් වුණා ද කියලා.‌ මේක ‌“conflict of interest” එකක් නේද'' යැයි මරික්කාර් මන්ත්‍රීවරයා අහනවා.

පිළිතුරු දෙමින් වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අනුර කරුණාතිලක කිව්වේ මෙහෙම කතාවක්.

 ''ඔව්, සමහර ව්‍යාපාරිකයින් ඉන්නවා, අපි දැනුනොත් ඒක අදාළ සමාගම සමඟ “conflict of interest” තත්ත්වයක් කියලා, ඔවුන් ඉවත් කරනවා. දැන් ඒ අනුව එතුමා සභාපතීත්වයෙන් ඉල්ලා අස්වෙලා තියනවා..''

''එතකොට ඔය සභාපතිව පත්කෙරුවේ කවුද ? රනිල්ගේ කාලේ ශ්‍රී ලන්කන් එක විකුණන්න ටෙන්ඩර් කැඳවපු වෙලාවේ ධම්මික පෙරේරා ගේ හේලීස් සමාගමත් , ශ්‍රී ලන්කන් එක ගන්න ට්‍රයි කරපු බව මාලිමා ආණ්ඩුවේ ලොක්කෝ නොදැන හිටිය ද? '' කියලත් සමහර බුකිවාසින් ප්‍රශ්න කරන්න පටන් අරන්.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න