#newstube

  • විපතට පත් ජනතාවට උපකාර කිරීම සඳහා රජය විසින් නිකුත් කළ බැංකු ගිණුම් අංක මෙන්න

    විපතට පත් ජනතාවට උපකාර කිරීම සඳහා නිකුත් කරන ලද බැංකු ගිණුම් අංක බොහෝ පිරිසකගේ ඉල්ලීම පරිදි මතු දැක්වෙන

  • විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා මුදල් බාධාවක් කර නොගෙන මැදිහත් වන්න


    ආපදා සහන සේවා කටයුතු සඳහා මේ වන විට රුපියල් බිලියන 1.2 ක (එකයි දශම දෙකක ) මුදලක් වෙන්කර ඇති අතර  2025 අයවැයෙන්ද තවත් රුපියල් බිලියන 30 ක් හදිසි අවශ්‍යතා සදහා වෙන්කර ඇති බවත් එබැවින් මුදල් කිසිදු බාධාවක්

  • විප්ලවවාදී රතු කමිසය යට සැඟවුණු සාම්ප්‍රදායික උපාසකයා

    ශ්‍රී ලාංකීය දේශපාලන කරළිය තුළ සදාචාරයේ සහ පිරිසිදු දේශපාලනයේ පරමාදර්ශී නියමුවන් ලෙස පෙනී සිටින ජනතා විමුක්ති පෙරමුණේ වර්තමාන රංගනය දෙස බලන විට පෙනී යන්නේ, බලය පිපාසය හමුවේ ඕනෑම දෘෂ්ටිවාදයක් පාවා දීමට ඔවුන් සූදානම් බවයි.

  • විමල් ඇවිස්සු පරණ කතා

    යළි වැඩ ආරම්භ කළ කඩවත – මීරිගම කිලෝමීටර 37ක අධිවේගී මාර්ග කොටස සෑදීමට බොරු කතා ගොතා එදා ප්‍රමාද කළ අයට අද එදාට වඩා හත් අට ගුණයක් වැඩියෙන් මහජන මුදල් වැය කර මිලියන ගණනක වන්දියක් ද සමගින් එම මාර්ගයේ වැඩ කටයුතු පටන් ගන්නට සිදුව ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ඊයේ (සැප්. 17) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

     

    මේ අය එදා පඬුකරඳගහ ඇතුළු විවිධ කතා කියලා මිථ්‍යා මත පතුරලා මේ වැඩ කටයුතු ප්‍රමාද කළා. මේ අය එදා සහයෝගය දී කටයුතු කළා නම් මේ හා මහා විශාල මුදලක් වැය නොකර එදා මේ මාර්ගය සකස් කර ගත යුතුව තිබුණු බවත් ඒ තුළින් විශාල මුදලක් රටට ඉතිරි කර ගත හැකිව තිබුණු බවත් නමුත් එහෙම කටයුතු නොකොට එදා බොරු කියා මිථ්‍යා මත කියා මෙය නතර කරන තැනට කටයුතු කළා. එදා ජාතික ජන බලවේගයේ හිටිය මහත්වරු අද ඒ මුදලටත් වැඩි වැඩිපුර මුදල් විශාල ප්‍රමාණයක් වැය කර වියදම් කර මේ අධිවේගී මාවත සකස් කරන්නට කටයුතු කරන බවද විමල් විරවංශ පැවසීය.

     

    ඔහු සඳහන් කළේ, එදා මේ මාර්ගයේ කිලෝමීටර් 37ක ගමන් මාර්ගය සකස් කරන්න ඉඩ දුන්නා නම් මෙතරම් මුදල් විනාශයක් සිදු වන්නේ නෑ. එහෙම කළා නම් මේවගේ හත් අට ගුණයක් වගේ ප්‍රමාණයක් සකස් කරන්න හැකියාවක් තිබුණ බව ය.


    විකුණාගෙන කෑම, හිඟා කෑම, උලා කමින් රට පෙරට ගමන් කරවීමේ ආර්ථික ප්‍රතිපත්තියක ජාතික ජන බලවේග ආණ්ඩුව ගමන් කරන බවත් ජනතාවගේ ඡන්ද අයිතිය අමු අමුවේ උල්ලංඝනය කරමින් ජනතාව නැති බංග කරන්නට කටයුතු කරමින් රට විනාශයට පත් කර විදෙස් රටවලට රටේ සම්පත් ගෙඩි පිටින්ම බිලි දෙන්නට කටයුතු කරන බවද විමල් විරවංශ පැවසීය.

    ඉදිකිරීමේ කටයුතු ප්‍රමාද වීම හේතුවෙන් රජයට රුපියල් බිලියන 34-35ත් අතර මුදලක් ගෙවීමට සිදුවෙලා යැයි ඇමති බිමල් ප්‍රකාශ කලේය.

    මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ කඩවත සිට මීරිගම දක්වා වූ කොටසේ ඉදිකිරීම් යළි ආරම්භ කිරීමේ සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ඊයේ (සැප්තැම්බර් 17) පැවැත්විණි.

    ඉදිකිරීම් නැවත ආරම්භ කිරීම සඳහා චීනයේ අපනයන-ආනයන බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 500කට සමාන යුවාන් ණය මුදලක් අනුමත වී තිබේ.

    මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සහ මීරිගම අතර කොටසේ දුර කිලෝමීටර් 37ක් වන අතර ආර්ථික අර්බුදය හේතුවෙන් මෙම මාර්ගය සඳහා වෙන්කර තිබූ ණය පහසුකම් අත්හිටුවීම නිසා මෙම කොටසේ ඉදිකිරීම් 2022 මැද භාගයේදී අත්හිටුවා තිබිණි.

    ඉදිකිරීමේ කටයුතු නැවත ආරම්භ කිරීමේ සමාරම්භක උත්සවයට එක්වෙමින් ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කලේ, ඉදිකිරීමේ කටයුතු ප්‍රමාද වීම හේතුවෙන් රජයට රුපියල් බිලියන 34-35ත් අතර මුදලක් ගෙවීමට සිදුව ඇති බවය.


  • විමල් වීරවංශ, උදය ගම්මන්පිල, අසංක නවරත්න සහ දිලිත් ජයවීරට නොතීසි නිකුත් කිරීම මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කරයි!

    පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන සහ අධිකරණ ක්‍රියාවලියට බාධා කිරීම සහ බලපෑම් කිරීමේ චෝදනා මත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල අසංක නවරත්න යන අයට මෙන්ම සර්වජන බලය පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, මහින්ද පතිරණ සහ සුගීෂ්වර බණ්ඩාරයන අයට ලබන ජූලි මස 01 දා අධීකරණය හමුවේ පෙනී සිටින ලෙසට නොතිසි නිකුත් කරන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ ඉල්ලීම  කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද ප්‍රතික්ෂේප කළේ ය.

  • විමල් වීරවංශගේ සත්‍යග්‍රහය අවසන්

    ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් විසින් ආරම්භ කර තිබූ අඛණ්ඩ සත්‍යග්‍රහය මේ වනවිට අවසන් කර ඇත 

  • වියට්නාමය 'බූලොයි' සුළි කුණාටුවට සැරසෙයි

    වියට්නාමය  ඊයේ  (28) එරට සියලු ගුවන්තොටුපොළ වසා දැමීමට පියවර ගත්තේය. ළඟ එන 'බූලොයි' (Bualoi) සුළි කුණාටුව හේතුවෙන් එම පියවර ගෙන තිබේ.

    ඊට මැදි වෙතැයි අපේක්ෂිත කලාපවල දහස් සංඛ්‍යාත පිරිස් ආරක්‍ෂිත ස්ථාන කරා ඉවත් කිරීමට ද රජය විසින් කටයුතු යොදා ඇත.

    කුණාටුව හේතුවෙන් ෆිලිපීනයේ ද ගංවතුර තත්ත්වයක් හටගෙන ගැනිණි.

    අද (29) උදෑසන වන විට සුළි කුණාටුව පැයට කි.මී.133කට අධික සුළං ප්‍රවාහ සමගින්, මධ්‍යම වියට්නාමයට පතිත වීමට නියමිතය. කුණාටුව වෙරළ තීරයට ලඟා වීමත් සමග සුළඟේ වේගය අඩාල වනු ඇතැයි කාළගුණ විද්‍යාඥයෝ අනාවැකි පළ කරති.

    සුළි කුණාටුව පැමිණීමත් සමග ඇති විය හැකි දැඩි සුළං ප්‍රවාහ, තද වර්ෂාපතනය, සාමාන්‍ය සහ හදිසි ගංවතුර තත්ත්වයන්, නාය යාම් සහ වෙරළ ඛාදනය වැනි විපත් පිලිබඳ අනතුරු ඇඟවීම් දැනටමත් නිකුත් කර තිබේ.

    ලබන මස 01 දින පසු වන තෙක් උතුරු සහ මධ්‍යම වියට්නාමයේ මි.මී.600 ඉක්ම වූ වර්ෂාපතනයක් අපේක්ෂා කෙරේ. නදී ජල මට්ටම මීටර 9 තෙක් ඉහළ නැගීමෙන්, ගංවතුර සහ නාය යාම් විපත් සිදු විය හැකි බවට ද අනතුරු අඟවා ඇත.

    මධ්‍යම වියට්නාමයේ, හා-ටින් (Ha Tinh) පළාතේ පූර්ව විපත් කළමනාකරණ ආරම්භ ව පවතින අතර, පුද්ගලියන් 15,000කට අධික පිරිසක් ආරක්‍ෂිත ස්ථාන කරා යොමු කිරීමට දැනටමත් පියවර ගෙන තිබේ. හමුදා භටයින් දහස් ගණනක්, විපත් කළමනාකරණ සහ මුදා ගැනීමේ මෙහෙයුම් පිණිස සූදානම්ව සිටිති.

    මේ වසරේ හටගත් කජිකි (Kajiki) සුළි කුණාටුව ද වියට්නාමයට විපත් රැසක් ගෙන දුන්නේය. හෙට සිට එරට පාසල් රැසක් ද යළි දැනුම් දෙන තෙක් වසා තැබේ.


    (සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
    (This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)
    9/28/2025

    මුලාශ්‍රය :

    Vietnam evacuates thousands, shuts airports as Typhoon Bualoi nears

  • වියට්නාමයේ ජල ගැලීම් : 13ක්  බිලි ගනී;  11ක් අතුරුදන්; සංචාරක ව්‍යාපාරයටත්  බාධා !

    මධ්‍යම වියට්නාමයේ ඉකුත් දින කිහිපයේ පැවති තද වැසි හේතුවෙන් හටගත් ජල ගැලීම් හේතුවෙන් පුද්ගලයින් 13 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ. පුද්ගලයින් 11 දෙනෙක් තවමත් අතුරුදන්ව සිටිති.

  • විල්පත්තුවේ පදිංචි කිරීම සම්බන්ධයෙන් බදියුදීන්ට එරෙහි පෙත්සම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

    උතුරු පළාතේ නැවත පදිංචි කිරීම සම්බන්ධයෙන් නාගානන්ද කොඩිතුවක්කු සහ මලින්ද සෙනෙවිරත්න මහත්වරු විසින් 2018 දී ගොනු කරන ලද රිට් පෙත්සම, අභියාචනාධිකරණය විසින් (15) ප්‍රතික්ෂේප කළේය.

    උතුරු පළාතේ නැවත පදිංචි කිරීම සම්බන්ධයෙන් වසර හතකට ආසන්න කාලයක් තිස්සේ විභාග වෙමින් පැවති මෙම නඩුව, අධිකරණයේ නියෝග කිහිපයක් නොතකා, අවසන් කිරීම ප්‍රමාද වී තිබිණ.

    පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් වෙනුවෙන් අභියාචනාධිකරණයේ කරුණු දැක්වූ නීතිඥ හෙජාස් හිස්බුල්ලා  කියා සිටියේ නඩුව පවත්වාගෙන යෑමට නෛතික පසුබිමක් නොමැති බවත්, මාධ්‍ය ප්‍රචාරයක් ලබා ගැනීම සඳහා පෙත්සම්කරුවන් මෙම නඩුව පවත්වාගෙන යෑමට උත්සාහ කරන බවයි.

    පෙත්සම්කාර පාර්ශ්වය නඩුව ඉදිරියට පවත්වාගෙන යෑමට අපොහොසත් වීම හේතුවෙන්, අදාළ පෙත්සම නිශ්ප්‍රභ කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

    ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය අදාළ රිට් පෙත්සම ප්‍රතික්ෂේප කළේය.

    පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් නීතීඥ සුගන්තිකා මහත්මිය පෙනී සිටියාය. 1 සිට 3 දක්වා වගඋත්තරකරුවන් වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මනෝහර ජයසිංහ පෙනී සිටියේය.

    නීතීඥ ෂිෆාන් මහරුෆ් සමඟ නීතිඥ හිජාස් හිස්බුල්ලා, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් වෙනුවෙන් පෙනී සිටි අතර, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ වෙනුවෙන් නීතීඥ රුවන්ත කුරේ  පෙනී සිටියේය

  • විවාහය සහ මාතෘත්වය ප්‍රතික්ෂේප කළ; පරස්පර විරෝධතාවලින් පිරි 'සිමොන් ද බෝවා'

    විසිවන සියවසේ බුද්ධිමය ඉතිහාසය දෙස බලන විට සිමොන් ද බෝවා (Simone de Beauvoir) යනු හුදෙක් ලේඛිකාවක හෝ දාර්ශනිකාවක පමණක් නොවේ. ඇය මානව නිදහස සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ සාම්ප්‍රදායික දැක්ම රැඩිකල් ලෙස වෙනස් කළ විප්ලවීය චරිතයකි.

  • විවෘත ආර්ථිකය හැර වෙනත් මගක් නැහැ - රවි කරුණානායක

    ජේ. ආර්. ජයවර්ධන මෙරටට විවෘත ආර්ථිකය හඳුන්වා දුන් බවත්, ජවිපෙ එදා සිට එම ක්‍රමය හංවඩු ගැසූව ද වර්තමානයේ වෙනස් ගමනක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රි වි කරුණානායක පැවසී ය.

  • විශ්‍රාමික 'රණවිරුවන්' පිරිසක් පොල්දූව මංසන්ධියේ විරෝධතාවක

    විශ්‍රාමික රණවිරුවන් පිරිසක් විසින් අද (24) පොල්දූව පාර්ලිමේන්තු වටරවුමේදී විරෝධතාවක නිරත විය.

  • විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ (UGC) කැත දේශපාලනය

    UGC කැත දේශපාලනය යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපති  තේරීමේ ඉදිරිපත් කිරීම්වලදී පැහැදිලි වෙයි.

  • විශ්වවිද්‍යාල පීඨාධිපති - අංශාධිපති පත් කිරීම් දේශපාලනීකරණය භායානක අනතුරකි

    විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි විශ්වවිද්‍යාලවල පිඨාධිපතිවරුන් සහ අංශාධිපතිවරුන් පත් කිරීම අත්හිටුවීමට දැනුම් දී ඇත.

  • විශ්වවිද්‍යාල මිය යන්නේ කෙසේද? - How Universities Die

    1.අන්ධකාරොන්මාධය (Darkocracy):

    විශ්වවිද්‍යාල අතිශය නිලධාරිවාදීකරණයට ලක්වෙමින් තිබේ. නව-ලිබරල්කරණය  සහ වාණිජකරණය නිසා උග්‍ර වූ අර්බුද සහිත විශ්වවිද්‍යාල විෂ සහිත කාර්යස්ථාන toxic workplaces  (අන්ධකාර පිස්සුවක් ) බවට පත් වී ඇත.

  • විශ්වීය මාරුව: අයින්ස්ටයින් ගේ හයිකු, බ්ලේක් ගේ අංශු සහ වර්ඩ්ස්වර්ත් ගේ දත්ත

    (අද ලියන්නේ විද්‍යාවෙි සහ කවියේ බුද්ධිමය ඉතිහාසයකට අදාළ ප්‍රහසනයකි)

  • විශිෂ්ට ජයක් ලැබූ ජපාන අගමැති වෙත නරේන්ද්‍ර මෝදි සුබ පතයි

    ජපාන මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයක් ලැබූ එරට අග්‍රාමාත්‍ය සනයි තකයිචි වෙත ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය සුබ පැතුම් එක්කර ඇත.

  • විශිෂ්ටතම තුන්ඉරියව් ක්‍රීඩක ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් දිවි ගමනට සමු දෙයි

    ක්‍රිකට් ඉතිහාසයේ බිහිවූ විශිෂ්ටතම තුන්ඉරියව් ක්‍රීඩකයා ලෙසින් සැලකෙන ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් (ගාෆීල්ඩ් සෙන්ට් ඔබ්‍රන් සෝබර්ස්) වසර 89ක් ආයු වළඳා 2026 ජූලි 17 වැනිදා අභාවප්‍රාප්ත විය. බාබඩෝස් හි ශාන්ත මයිකල් කලාපයට අයත් හයිගේට් ගාඩ්න්ස් හි පිහිටි සිය නිවසේ දී ඔහු සාමකාමීව අවසන් හුස්ම හෙළා ඇත.

  • විශේෂ අවශ්‍යතා අයට වෙනම බස් සේවයක්

    නියමු ව්‍යාපෘතියක් වශයෙන් විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් සඳහා පහසුකම්  සහිත වායුසමනය කරන ලද පත්ල පහත් නව බස් රථ 10ක් සේවයේ යෙදවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

  • විශේෂඥ අනතුරු ඇඟවීමක්: "ක්ෂණික තීරුබදු කප්පාදුව ආර්ථික ස්වයං-විනාශයක අවදානමක්"

    ශ්‍රී ලංකාව "ආරක්ෂිත සහ තිරසාර" මට්ටමේ විදේශ විනිමය සංචිත නැවත ගොඩනගා ගන්නා තෙක්, අලුතින් හඳුන්වා දුන් 2024 අංක 45 දරන ආර්ථික ස්ථායීකරණ පනත යටතේ තීරුබදු සහ පරා-තීරුබදු අහෝසි කිරීමට ඉක්මන් නොවිය යුතු බව ප්‍රමුඛ කර්මාන්ත විශේෂඥයෙක් අනතුරු අඟවා තිබේ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න