විශේෂඥ වෛද්‍යවරුන්ට වෙනමම සේවා ව්‍යවස්ථාවක් සැකසීම එළැඹෙන (2026) ජනවාරි 31 වැනිදාට පෙර සිදුකරන බවත් ඊට අමතරව වැටුප්, ස්ථාන මාරුවීම් ඇතුළු අනෙකුත් ගැටලුවලට කඩිනමින් විසඳුම් ලබාදෙන බවටත් සෞඛ්‍ය ඇමැතිවරයා පොරොන්දු වූ බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ මහ ලේකම් විශේෂඥ වෛද්‍ය ආර්. ඥානසේකරම් පැවැසීය.
විශේෂඥ වෛද්‍යවරුන් සඳහා වන සේවා ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ උපදෙස් පරිදි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය පියවර ගෙන ඇත.
ජාතික ව්‍යසනයක් බවට පත්ව ඇති විෂ මත්ද්‍රව්‍යවලින් ශ්‍රී ලාංකේය සමාජය මුදා ගැනීම අරමුණු කර ගත් ‘රටම එකට’ ජාතික මෙහෙයුම ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් තංගල්ල මහජන ක්‍රීඩාංගණයේදී අද (20) පස්වරු 3.00ට ආරම්භ කිරීමට නියමිතව තිබේ.
විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය මුලිනුපුටා දැමීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම් සභාව ඊයේ (18) ජනාධිපති කාර්යාලයේ දී රැස් වුණි.
2026 වර්ෂයේ සැලසුම් සහගතව ක්‍රියාත්මක කිරීමට යෝජිත විෂ මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා තොරතුරු ලබා ගැනීමට පොලීසිය විසින් දුරකතන අංක හඳුන්වා දී ඇත.
නැගෙනහිර පළාතේ කල්මුනේ ප්‍රදේශයේ අක්කරෙයිපත්තු මූලික රෝහලෙහි වෛද්‍ය අධිකාරිවරයා ගේ ක්‍රියාකලාපය හේතුවෙන් රෝහල තුළ සිදු කෙරෙන සියලු කටයුතු අර්බුදයට ලක් වෙමින් පවතින්නේ යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය චමිල් විජේසිංහ පැවසී ය.
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක අවසන් පූර්ව වටය අද (04) ආරම්භ වන අතර, එහි පළමු තරගය සඳහා ප්‍රබල දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම සූදානමින් සිටී.
ප්‍රවීණ මාධ්‍යවේදී, ලේඛක තිඹිරියාගම බණ්ඩාර විසිපස් වසරකට පසු පාඨක ප්‍රජාව වෙත කෙටිකතා සංග්‍රහයක් ඉදිරිපත් කරන්නට බලාපොරොත්තුවෙන් සිටී.
ඉස්ලාම් භක්තිකයෙක් විදියට මම දන්න ඉස්ලාමයට අනුව ඉස්ලාමයේ කොහේවත් කියලා නෑ කාන්තාවන් මුහුණ වහන්න ඕනේ කියලා.
වීදිය බණ්ඩාර කුමරු ලංකා ඉතිහාසයේ වීර චරිතයක් මෙන්ම දක්ෂ සටන්කාමියෙක් වශයෙන් ද හැඳින්වේ.
ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසයේ "වීරත්වය" යන්න පාලකයන් විසින් අර්ථකථනය කරනු ලැබුවේ පදක්කම් සහ උසස්වීම් මගිනි.
නිලුපුල් ගේ වීරප්පන් බලකායේ නින්දිත, අධම ක්‍රියා මගින් තමාගේ දේශපාලන කටයුතු නැවැත්විය නොහැකි බව මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිණී කවිරත්න අවධාරණය කර සිටියි.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ 2023 ලන්ඩන් සංචාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) ගොනු කර ඇති නඩුවට අදාළව අතිශය තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයක් සටහන් වී තිබේ.
“ආරාධනාව නිලයි” කී විශ්වවිද්‍යාල ලිපියෙන් මතුවන නෛතික යථාර්ථය
වෘත්තිය සමිති ගැටලුවක් සම්බන්ධයෙන් මැදිහත් වෙන්නැයි කියූ විට පහරදී එළවන තැනට ආණ්ඩුව පරිවර්තනය වී ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.
එළඹෙන බ්‍රහස්පතින්දා සෞඛ්‍ය අමාත්‍යවරයා සමග සාකච්ඡාවක් පැවැත්වීමට බලාපොරොත්තු වන බවත්, එය පදනම් කරගනිමින් තම සංගමය මෙතෙක් පවත්වාගෙන ගිය වෘත්තීය ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවිමට තීරණය කළ බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය අජන්ත රාජකරුණා පැවසී ය.
මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන ගේ මාධ්‍ය ක්‍රියාකාරීත්වයට එරෙහිව අනීතික ලෙස ගම්පොළ පොලිසිය වෙත කැඳවීම සහ හිරු මාධ්‍ය ආයතනයේ විකාශන බලපත්‍රය අහෝසි කිරීමට ශ්‍රී ලංකා පොලිසිය විසින් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමෙන් ඉල්ලා සිටීම මගින් භාෂණයේ සහ ප්රකාශනයේ නිදහසත්, මාධ්‍ය නිදහසත් මර්දනය කිරීමට පොලිසිය මෙහෙයවමින් රජය දරමින් සිටින උත්සාහය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බව ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සඳහන් කරයි.
රත්මලාන වෘත්තිය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ (UNIVOTEC) අධ්‍යයන පාඨමාලා නැවත සමාලෝචනය කිරිම සහ ජාතික මෙන් ම ජාත්‍යන්තර මට්ටමට ගැළපෙන ලෙස ඒවායෙහි ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යවරිය වෙත නිර්දේශ හා යෝජනා ලබා දීමට සාමාජිකයන් හය දෙනෙකුගෙන් (6) යුත් විශේෂඥ කමිටුවක් පත් කර ඇත.
ඊට අදාළ පත් කිරීම් අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව විසින් සිදු කරනු ලැබූ අතර එම කමිටු සාමාජිකයන්ගේ නම් පහත පරිදි වේ.
1- ආචාර්ය ජානක ජයලත් - සභාපති (අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදේශන මණ්ඩල සභික)
2- මහාචාර්ය තුෂාර චාමින්ද - සමාජික (ඉංජිනේරු පීඨය, රුහුණ විශ්වවිද්‍යාලය)
3- මහාචාර්ය ජේ.සී. එන් රාජේන්ද්‍ර - සාමාජික( වෘත්තීය තාක්ෂණික විශ්වවිද්‍යාලයේ කවුන්සිල සාමාජික)
4- ආචාර්ය කේ.ඒ. ලලිතධීර - සමාජික (අධ්යක්ෂ ජනරාල්, තෘතීයික හා වෘත්තිය අධ්‍යාපන කොමිෂන් සභාව)
5- ඉංජිනේරු එස්.බී. අනුර දේශප්‍රිය සේමසිංහ - සාමාජික (ප්‍රධාන විධායක නිලධාරි, මධ්‍යයම ඉංජිනේරු සේවා (පුද්ගලික) සමාගම, ශ්‍රී ලංකා/ අබුඩාබි
6- හිමාලි ඩබ්. කේ අතාවුදගේ - කැඳවුම්කරු (අතිරේක ලේකම්, වෘත්තීය අධ්‍යාපන අංශය, අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය)
මේ සතියේ රූපවාහිනී ආයතන දෙකක ප්රවෘත්ති ප්‍රචාර නරඹන විට දැක ගන්නට ලැබුණු අකටයුතු දෙකක් සාකච්ඡාවට ලක් කිරීම වැදගත් ය. ඒ විචාරාත්මක ව ජනමාධ්‍ය පරිහරණය කිරීමට අපට ඇති හැකියාව හෙවත් මාධ්‍ය සාක්ෂරතාව වැඩි දියුණු කර ගැනීමටත් තම වැරදි නිවැරදි කර ගැනීමට අදාළ ආයතන යොමු කර ගැනීමටත් ය.
ඇය හුදෙක් වෛද්‍යවරියක් පමණක් නොවූවා ය. යාපනය විශ්වවිද්‍යාලයේ කායික විද්‍යා අංශයේ ප්‍රධානියා වූ ඇය, තුවක්කුවට සහ ඒකාධිපතිත්වයට එරෙහිව පෑන අවියක් කරගත් අභීත ගැහැනියකි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

