ශතවර්ෂයක පටන් දිවයිනටම නුවණ බෙදන දැනුම් යාත්‍රාව කොළඹ මහජන පුස්තකාලයේ අපූරු ඉතිහාසය.

ශතවර්ෂයක පටන් දිවයිනටම නුවණ බෙදන දැනුම් යාත්‍රාව  කොළඹ මහජන පුස්තකාලයේ අපූරු ඉතිහාසය.

ඔබ පොත්පත් කියවීමට නිබඳව ම ආශාවක් දක්වන්නෙකු නම් මෙම ලිපියෙන් ගෙන එන ස්ථානය පිළිබඳව ඔබ අනිවාර්යයෙන් ම දැන සිටීමට ඇති ඉඩකඩ ඉතා ඉහළ ය.

එසේ නොවූවත්, ඔබ කොළඹ නගරයේ සැරිසරන අයකු නම්, ඒත් ඔබ මෙම ස්ථානය ගැන දැන සිටීමට පුළුවන. මෙම දැනුම් ගබඩාව අන් කිසිවක් නොව කොළඹ මහජන පුස්තකාලය යි.

"1925 දී ආරම්භ වුණු කොළඹ මහජන පුස්තකාලයට පසුගිය 2025 වසරට අවුරුදු 100 ක් සපිරුණා.
ඉතින් 100 වන උපන් දිනය සමරපු මේ රූක්ෂ වෘක්ෂය පිටුපස අපූරු ඉතිහාස කතාවක් තිබෙනවා."

'සිරි නිවසේ' සිට 'විහාරමහා දේවිය' දක්වා

siriniwasa සිරි නිවස

1920 දශකයේ පිටකොටුවේ සහ කොළඹ කොටුවේ පැවති ප්‍රජාමූල මණ්ඩල පුස්තකාලවලට සමාන පුස්තකාල දෙකක් කොළඹ මහජන පුස්තකාලය ගොඩනැගීමට මුලපුරලා තියෙනවා.

නමුත් මෙම පුස්තකාල දෙකම පවත්වාගෙන යෑමේ අපහසුතාව හේතුවෙන් එම පුස්තකාලවල පොත් කොළඹ මහනගර සභාවට භාරදී ඒ හරහා පුස්තකාලයක් ආරම්භ කිරීම කොළඹ මහජන පුස්තකාලයේ උපතයි.

ආරම්භයේ දී කිසිම පහසකමක් හෝ ගොඩනැගිල්ලක් නොතිබුණ නිසා මෙම පුස්තකාලය ආරම්භ කරන්නේ කොළඹ නගරාධිපති නිල නිවස වන සිරි නිවස තුළ යි. මුලදී බැහැරවීමේ අංශයක්, විමර්ශන අංශයක්, කියවීම් ශාලාවක් සහ පුවත්පත් අංශයක් සිරි නිවසේ ස්ථාපිත කර තිබු පුස්තකාලයට අයත් වුණා. සිරි නිවසේ ඉඩකඩ සිමා වීම නිසා පුස්තකාල සමාජිකයින් ප්‍රමාණය ඉහළ යෑමත් නිසා අවශ්‍ය ගුණාත්මක සේවය ලබා දීමේ අරමුණින් දශක 6ක් පමණ ගෙවී ගිය තැන ඊශ්වරි කොරේයා ප්‍රධාන පුස්තකාලාධිපති ධුරය දැරු සමයේ 1982 වසරේ දී විහාරමහදේවි උද්‍යානයේ කොටසක වර්තමාන පුස්තකාල ගොඩනැගිල්ල ඉදිකක කර මහජන පුස්තකාලය නැවත පිහිටුවා තිබෙනවා.

කොළඹ නගර සභාව මගින් කොළඹ ක්‍රියාත්මක වන මෙම පුස්තකාලයේ සාමාජිකත්වය පොත පත කියවීමට ඇල්මක් දක්වන ශ්‍රී ලංකාවේ ඕනෑම පුරවැසියකුට වයස් භේදයකින් තොරව ලබා ගත හැකි අතර, විදේශිකයකුට වුව ද පොත්පත් පරිශීලනයට අවසර පත්‍රයක් ලබා ගැනීමට ඉතා පහසු ය.

සියලුම ආකාරයේ පුස්තකාල සේවා, ජංගම පුස්තකාල සේවා, ශ්‍රවණාගාර පහසුකම්, නවීන කියවීම් ශාලා මෙන් ම ආපනශාලා සහ අනෙකුත් සියලු ම පහසුකම් විශාල ප්‍රමාණයක් පවතින ශ්‍රී ලංකාවේ එකම පුස්තකාලය ලෙස කොළඹ මහජන පුස්තකාලය නම් කිරීමට හැකි ය.

ආරම්භයේ සිට මේ දක්වා කොළඹ මහජන පුස්තකාලයේ ප්‍රධාන පුස්තකාලාධිපතිවරුන් 6 දෙනකු සේවය කර තිබෙන අතර වර්තමානයේ වරුණි ගඟබඩආරච්චි ප්‍රධාන පුස්තකාලාධිපනිය ලෙස කටයුතු කරමින් සිටිනවා. ඒ ආකාරයට බලන විට කොළඹ මහජන පුස්තකාලයට දීර්ඝ ඉතිහාසයක් හිමි වෙනවා.

කියවීම මිනිසා සම්පූර්ණ කරයි

කොළඹ කොළඹ මහජන පුස්තකාලය

"කියවීම මිනිසා සම්පූර්ණ කරයි කියලා කතාවක් තියනවා කියවීමට ළැදි සැමට කොළඹ මහජන පුස්තකාලය විවෘත වී තිබෙනවා. අවුරුදු සීයයක් නොසැලි රැඳී සිටි කොළඹ මහජන පුස්තකාලයට ලංකාවේ සුවහසක් අනාගත පරපුරට ගම් නියම් ගම් සිසාරා භේදයකින් තොරව සිය සෙනහස ලබා දේවි. එය තව දුරටත් පවත්වාගෙන යෑම සදහා තවත් ශක්තිය ලැබේවායි පතමු...!

ඉසුරි කොඩිප්පිලි

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න