සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇති දූෂණ වංචා හෙළිදරව් කරන වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මාධ්‍යට කතා කළා කියා රැකියාව අහිමි කර තිබෙනවා. එය අසාධාරණ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (19) පාර්ලිමේන්තුවේ කළ කතාවේ දී ය.
එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...
බාල බෙහෙත් සම්බන්ධයෙන් රජය ගන්නා පියවර කුමක් ද...?
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලි සංශෝධනයක් සිදු කරන බවට ගරු අග්‍රාමාත්‍යතුමිය පැවසුවා; ඒ සම්බන්ධයෙන් ස්තූතිවන්ත වන අතර මේ සංශෝධනය සඳහා අප රටේ මූලික අයිතිවාසිකම් යන විග්‍රහය පුළුල් කර සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පමණක් නොව නිදහස් සෞඛ්‍ය, නිදහස් අධ්‍යාපනය, සංස්කෘතිමය අයිතිය, ආගමික අයිතිය ආදී පුලුල් නිර්වචනයක් තුළ මූලික අයිතිවාසිකම් ක්‍රියාත්මක විය යුතු යි.
මේ වන විට බාල එන්නත් ගැටලුවක් මතු වී හබරකඩ සහ මතුගම ප්‍රදේශයේ තරුණියන් දෙදෙනකු මේ එන්නත් නිසා ජිවිතක්ෂයට පත්වෙලා. දැන් අනවසර ඖෂධ මාෆියාවක් සිදු වෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා සෞඛ්‍ය මූලික අයිතිවාසිකමක් වන විට ජීවත් වීමේ අයිතිය ද ශක්තිමත් විය යුතුයි. මේ තත්ත්වය තුළ බාල බෙහෙත් සම්බන්ධයෙන් රජය ගන්නා ක්‍රියාමාර්ග ඉදිරිපත් කරන්න.
බාල බෙහෙත් හේතුවෙන් ජීවිත දෙකක් අහිමි වෙලා
එසේම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇති දූෂණ වංචා හෙළිදරව් කරන වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා මාධ්‍යට කතා කළා කියා රැකියාව අහිමි කර තිබෙනවා. එය අසාධාරණ යි. එතුමාට බාල බෙහෙත් ගැන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දූෂණ වංචා ගැන කතා කරන්න අයිතියක් තිබෙනවා. මේවා මුලික අයිතිවාසිකමක්. ජීවත් වීම සෞඛ්‍ය අයිතිය මුලික අයිතිවාසිකමක්. බාල බෙහෙත් නිසා ජිවිත අහිමි වුවත් තාම කාගේවත් වැඩ තහනම් කරල නැහැ. මේක අසාධාරණ යි.

