ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ජ්‍යෙෂ්ඨ නිලධාරී මට්ටමේ සාකච්ඡාවල 6 වැනි වටය සහ උපායමාර්ගික සාගර සංවාදයේ 4 වැනි වටය පසුගියදා (සැප්තැම්බර් 21) කොළඹදී සාර්ථකව අවසන් විය.
මෙම සාකච්ඡා සඳහා ඕස්ට්‍රේලියානු විදේශ කටයුතු හා වෙළෙඳ දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ප්‍රථම සහකාර ලේකම් සාරා ස්ටෝරි සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එම්. ආර්. කේ. ලෙනගල සම සභාපතිත්වය දැරූහ.
මෙහිදී දෙරට අතර ද්විපාර්ශ්වික දේශපාලන සබඳතා, කෘෂිකර්මාන්තය, වෙළෙඳාම, ආරක්ෂාව සහ අධ්‍යාපනය යන ක්ෂේත්‍රවල සහයෝගීතාව වර්ධනය කරගැනීමේ නව මංපෙත් පිළිබඳව සවිස්තරාත්මකව සාකච්ඡා කළ අතර,
කලාපීය, බහුපාර්ශ්වික සහ සාගර කටයුතු සම්බන්ධයෙන් දෙරට අතර පවතින සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට දෙපාර්ශ්වයම එකඟතාව පළ කළහ.



newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
