විදුලිබල ක්ෂේත්‍රය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ පුරවැසි මෙහෙයුම සමඟ රයිට්ස් නව් සංවිධානය විසින් සංවිධානය කරනු ලබන විදුලිබල ක්ෂේත්‍රය ප්‍රතිසංස්කරණය පිළිබඳ පුරවැසි මෙහෙයුමේ වාර්තාව එළි දැක්වීම සහ මාධ්‍ය හමුව 2026 පෙබරවාරි 19වන දා පෙරවරු 11.00 ට කොළඹ 02, නිපොන් හෝටලයේ ශ්‍රවණාගාරයේ දී පැවැත් වේ.
වායු දුෂණය අවම කිරීමේ සහ පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කිරීමේ ප්‍රධාන පියවරක් ලෙස විද්‍යුත් වාහන ප්‍රවර්ධනය කිරීම රජය තීරණය කර තිබුණත් විද්‍යුත් වාහන සඳහා මහජනතාවගේ තිබෙන උනන්දුව අඩුවෙමින් පවතින බව විද්‍යුත් වාහන හිමියන්ගේ සංගමය පවසයි.
එයට හේතුව රේගුව බී.වයි.ඩී. වාහන 1000 කට වැඩි ප්‍රමාණයක් රඳවා ගැනීමට ගත් තීරණය බවත් එමගින් ඉන් දැනටමත් විද්‍යුත් වාහන සඳහා ආයෝජනය කර ඇති පාරිභෝගිකයන් අධෛර්යමත් වී වෙළෙඳපොළ අවිනිශ්චිතතාවක් මතුවී තිබෙන බවත් එම සංගමය ප්‍රකාශ කළේය.
පසුගිය ජූලි මාසයේදී බී.වයි. ඩී. වාහන තොග දෙකක් රඳවා ගැනීමට රේගුව තීරණය කළ නමුත් ශ්‍රේෂ්ඨාධිකරණයේ රිට් පෙත්සමක් ගොනු කිරීමෙන් අනතුරුව පසුගිය අගෝස්තු 7 වැනිදා රඳවා ගෙන සිටි වාහන 991 ක් සහ තවත් වාහන 506 ක් බැංකු ඇපතරයක් මත මුදා හැරීමට රේගුව කටයුතු කළේය.
කෙසේ නමුත් තවත් බී.වයි.ඩී. වාහන 1000 රේගුව රඳවා ගෙන සිටින අතර එය ඉක්මනින් මුදා හැරීමේ අවශ්‍යතාව ජෝන් කීල්ස් සී.ජී. ඔටෝ සමාගම පසුගියදා පෙන්වා දුන්නේය.
ජෝන් කිල්ස් සී.ජී. ඔටෝ සමාගම ප්‍රකාශයට පත්කළ මෝටර් ධාරිතාවේ ගැටළුවක් තිබෙන බවට චෝදනා කරමින් එම වාහන සියල්ල රඳවා ගැනීමට ශ්‍රී ලංකා රේගුව තීරණය කළේය.
දැනටමත් විද්‍යුත් වාහන මිලදීගෙන ඇති සහ මිලදී ගැනීමට අත්තිකාරම් බැඳ ඇති පාරිභෝගිකයන්ට රේගුවේ මෙම ක්‍රියාව බලපාන බව විද්‍යුත් වාහන හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළේය. පසුගිය මාස හයේදී අවම වශයෙන් පාරිභෝගිකයින් 10,000 ක් විදුලි වාහන සහ ප්ලග්-ඉන් දෙමුහුන් වාහන මිලදී ගෙන ඇති බවද එම සංගමය පැවැසුවේය.
ඒ හේතුවෙන් රජයට විද්‍යුත් වාහන ආනයනය කිරීමේ ක්‍රියාවලියට මැදිහත් වී එය විධිමත් කරන ලෙස විද්‍යුත් වාහන හිමියන්ගේ සංගමයේ කැඳවුම්කරු දීලක පිටගම්පොල රජයෙන් ඉල්ලා සිටියේය.
නිෂ්පාදක සහතික පිළිගැනීම රේගුව ප්‍රතික්ෂේප කිරීම සහ මෝටර් ධාරිතාව තහවුරු කර ගැනීම සඳහා ජාත්‍යන්තරව පිළිගත් පරීක්ෂණාගරයක් නොමැතිකම ව්‍යාකූල තත්වයක් ඇති කරන බවත් ඉන් පාරිභෝගික විශ්වාසය අවතක්සේරුවට ලක් කරන බවත් ඔහු පැවැසුවේය.
මෝටර් ධාරිතාව තහවුරු කළ හැක්කේ නවීන තාක්ෂණය සහිත පරීක්ෂණාගාරයකදී පමණක් බවද ඔහු පෙන්වා දුන්නේය. එවැනි පහසුකමක් නොමැතිව දේශීයව මෝටර් ධාරිතාව තහවුරු කර ගැනීමට යෑමේදී ඉන් සියලු පාර්ශ්වයන්ට සෑහීමකට පත්විය හැකි පිළිතුරක් නොලැබෙනු ඇති බවත් ඉන් තත්වය තවත් දරුණු අතට හැරෙනු ඇති බවත් හෙතෙම ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල විශේෂඥයින් සතුව දැනුම තිබුණද, නිවැරදි පරීක්ෂණයක් කිරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් දැනට ඔවුන් සතුව නොමැති බව පිටගම් පොල පැහැදිලි කළේය. නිසි ආකාරයෙන් තහවුරු කිරීමකින් තොරව රේගුව විසින් පත් කරන ලද කමිටුව නිකුත් කරන ඕනෑම වාර්තාවක් අර්බුදය තවදුරටත් සංකීර්ණ කළ හැකි බවත් ඉන් විද්‍යුත් වාහන පාරිභෝගිකයින්ට හානියක් විය හැකි බවත් ඔහු අනතුරු ඇඟවීය.
(උපුටා ගැනීම -lankacnews)
මුලාශ්‍රය :
පසුගිය දිනක විදුලි බල අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඒකාබද්ධ ජාතික නිදහස් සේවක සංගමයේ වෘත්තීය සමිති සාමාජිකයන් සමඟ සාකච්ඡාවක් සිදු වූ බවත් එහි දී එම සංගමයේ ලේකම් වන සමින්ද ගමගේට ප්‍රහාරයක් එල්ල කර ඇති බවත් ඊට අමතරව එම සේවක සංගමයේ සභාපති ලෙස කටයුතු කරන ප්‍රියන්ත මධුකුමාර කාමරයක දමා හිරකර ඔහුගේ දුරකථනයේ තිබූ දත්ත මකා ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
අද (20) විදුලිබල මණ්ඩල මූලස්ථානයේදී විදුලි වෘත්තීය සමිති හා විදුලිබල මණ්ඩලයේ ප්‍රධානීන් අතර සාකච්ඡාවක් පැවැත්වුණි.
මෙම සාකච්ඡාව අතරතුරදී විදුලි වෘත්තීය සමිති සමාජිකයින් විරෝධය පලකරමින් ඉන් පිටව ගිය බව වාර්තා වෙයි.
සාකච්ඡාව සඳහා ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ අධ්‍යක්ෂවරයාද සභාගිවී සිටි බවත් ඔහුට විරෝධය පළකරමින් විදුලි වෘත්තීය සමිති සමාජිකයින් මෙලෙස ඉවත් වී තිබේ.
මෙම සාකච්ඡාව සඳහා අමාත්‍යාංශ ලේකම්වරු 25 දෙනෙකු සහ වෘත්තීය සමති නියෝජිතයින් තිදෙනෙකු සහභාගීවී සිටි බව සඳහන් වන අතර අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය එළැඹෙන 21 වනදා දක්වා ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.
කෙසේවෙතත් විදුලි වෘත්තීය සමිති සඳහන් කරන්නේ, ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් 24 වනදා තීරණයක් ගැනීමට නියමිත බවය.
සිය ඉල්ලීම් ඉටු නොකර ලංකා විදුලි බල මණ්ඩලය ඈවර කිරීමේ දිනය ගැසට් මගින් ප්‍රකාශයට පත්කළහොත් දැනුම් දීමකින් තොරව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව විදුලි බල වෘත්තීය සමිති පවසයි.
වැඩවර්ජනයකට එළැඹීමේ තීරණය තාවකාලිකව අත්හිටවූ බව අකුරට වැඩ කිරිමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතව සිටින විදුලි වෘත්තිය සමිති පවසයි.
ලංකා විදුලි බල මණ්ඩලයේ තක්ෂණික ශිල්පීන්ගේ සංගමයේ සභාපති කෝසල අබේසිංහ සඳහන් කළේ, ඊයේ (24) පැවති සාකච්ඡාවකදි එම තීරණය ගත් බවයි.
කෙසේ වෙතත්, අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් එලෙසින් ම ක්‍රියාත්මක කරන බව වෘත්ති සමිති නායකයා ප්‍රකාශ කළේ ය.
ඔහු තවදුරටත් පැවසුවේ, ජාත්‍යන්තර කම්කරු සංවිධානය මෙම ගැටලුවට මැදිහත්වීමක් සිදු කර ඇති බවත් ඒ අනුව අද (සැප්. 25) එම සංවිධානයේ නියෝජිතයන් හා කම්කරු කොමසාරිස්වරයා සමග වෘත්තීය සමිති නියෝජිතයන් සාකච්ඡාවක් පවත්වන බවත් ය.
ඒ අනුව, මෙම සාකච්ඡාවෙන් පසුව ඉදිරියට ගන්නා ක්‍රියාමාර්ගය තීරණය කරන බව වෘත්ති සමිති නායකයා කෝසල අබේසිංහ වැඩිදුරටත් පැවසීය.
විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කරමින් පෞද්ගලීකරණය කිරීමට එරෙහිව විදුලි වෘත්තිය සමිති ආරම්භ කළ අකුරට වැඩ කිරිමේ වෘත්තිය ක්‍රියාමාර්ගයට අදට දින 21ක් වේ.
විදුලි බලය සැපයීම සම්බන්ධ සියලු සේවා, ඉන්ධන, ඛනිජ තෙල් නිෂ්පාදන, ගෑස් සැපයීම හෝ බෙදාහැරීම, රෝහල්, බෙහෙත් ශාලා, මගී හෝ භාණ්ඩ ප්‍රවාහනය ආදී සේවා රැසක් අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
අප රටේ විදුලිබල ක්ෂේත්‍රය මෑතකදී ගත් දැවැන්තම පරිවර්තනය සනිටුහන් කරමින් ප්‍රතිව්‍යුහගත වැඩපිළිවෙල සම්පූර්ණ කළ බවත්, ඔබ සම්බන්ධ වුණු අලුතින් පිහිටවූ ආයතනවල අධිෂ්ඨානශීලිව සහ කැපවීමෙන් කටයුතු කරමින් “පොහොසත් රටක් ලස්සන ජීවිතයක සිහිනය“ සැබෑ කර ගන්න අත්වැල් බැද ගනිමු යැයි බලශක්ති අමාත්‍යවරයා පැවසී ය.
විදුලිබල ක්ෂේත්‍රයේ මිලදී ගැනීම් ටෙන්ඩර් පටිපාටිවලට සහ ප්‍රසම්පාදන ක්‍රමවේදවලට අනුකූලව නීත්‍යානුකූලව සිදුකර ඇතැයි බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි පැවසී ය.
විදුලිබල ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ජනතා අදහස් ලබා ගැනීම සඳහා දින 21ක් ලබා දුන්නා යැයි බලශක්ති අමාත්‍යවරයා පැවසී ය.
විදුලිබල ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළට අදාළව වෘත්තීය සමිති නියෝජිතයින් සහ බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි අතර සාකච්ඡාවක් ඊයේ (13) සවස දින බලශක්ති අමාත්‍යංශයේ දී පැවැත්විණි.
එහි දී අදහස් දැක්වූ අමාත්‍යවරයා...
මගේ ප්‍රතිපත්තිය මෘදු ලෙස ප්‍රතිචාර දැක්වීම යි
''වැඩකරන ජනතාවගේ අවශ්‍යතාවයන් හොඳින් හඳුනාගත් රජයක් ලෙස මේ ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල පුරා සේවක වරප්‍රසාද සහ අයිතිවාසිකම් සුරැකීම කෙරෙහි අවධානය යොමු කළා. වෘත්තීය සමිති නියෝජිතයින් හා විටින් විට සාකච්ඡා කරමින් විශේෂ අවධානයක් යොමු කරමින් කටයුතු කළා. ඒ අනුව, වෘත්තීය සමිතිවල ඉල්ලීම් ඉටු කිරීමට උපරිමව ක්‍රියා කළා. වෘත්තීය සමිති ක්‍රියාමාර්ග කෙරෙහි වුවත් අමාත්‍යවරයා වශයෙන් මෘදු ලෙස ප්‍රතිචාර දැක්වීම මගේ ප්‍රතිපත්තිය යි. සාකච්ඡා ක්‍රියාමාර්ග ඔස්සේ ගැටලු විසඳා ගැනීමේ ක්‍රමවේදයට මුල් තැනක් දී ඉදිරියටත් ක්‍රියාකරනවා.''
මෙහි දී අදහස් දැක්වූ වෘත්තීය සමිති නියෝජිතයෝ තම ඉල්ලීම් වැඩි ප්‍රමාණයක් ඉටු කිරීමට ක්‍රියා කිරීමත්, ඉතිරි ඉල්ලීම් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සලකා බැලීම සඳහා එකඟවීමත් පිළිබඳව බලශක්ති අමාත්‍යවරයාට සහ රජයට ස්තූතිවන්ත වන බවත්, සිදුකරගත් එකඟතා අනුව, විශේෂයෙන් ම දැනට ක්‍රියාත්මක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සමග සම්බන්ධවී සිටින වෘත්තිය සමිති හෙට දින රැස්වී එකී ක්‍රියාමාර්ගය පිළිබදව මෙන්ම ඉදිරි කටයුතු පිළිබදව සාකච්ඡා කර වැඩි විස්තර රටට හෙළිකරන බවත් ප්‍රකාශ කළහ.
විදුලිබල ක්ෂේත්‍රයට අයත් වෘත්තීය සමිති වැඩි ප්‍රමාණයක නියෝජිතයින් මෙන්ම පනත අනුව විදුලිබල ක්ෂේත්‍රය වෙනුවෙන් අලුතින් පිහිටවූ සමාගම් හතරෙහි අධ්‍යක්ෂවරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
(ශාන් මොහොමඩ්)

දශක ගණනාවක් මෙරට බලශක්ති ක්ෂේත්‍රයේ ඒකාධිකාරය දැරූ ලංකා විදුලිබල මණ්ඩලය (CEB) නිල වශයෙන් අහෝසි කරමින්, එය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අද (09) සිට බලාත්මක වන බව රජය නිවේදනය කරයි.
විදුලිබල මණ්ඩලය කොටස් කිරීමේ ඇත්ත ම වුවමානාව වන්නේ පෞද්ගලික අංශයට මේ ආයතන විකුණා දැමීම වන බවත්, එය ක්‍රියාත්මක කිරීමට නම් මණ්ඩලේ සේවක ප්‍රමාණය අඩු කර,
ජනපති නියමයෙන් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කර ඇත.
ඒ විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවා අත්‍යාවශ්‍ය සේවාවන් බවට ප්‍රකාශයට පත්කරමින්.
1979 අංක 61 දරන අත්‍යාවශ්‍ය මහජන සේවා පනතේ 2වන වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක අද (21) මේ සඳහා අත්සන් තබා ඇත.
සාමාන්‍ය ජනජීවිතය පවත්වාගෙන යාම සඳහා අත්‍යාවශ්‍ය වන බව සහ එකී සේවාවන්ට අවහිරයක් හෝ බාධාවක් විය හැකි බව සැලකිල්ලට ගනිමින් මෙම ගැසට් පත්‍රය නිකුත්කර තිබේ.
ඊට අදාළ ගැසට් පත්‍රය මතු පළවේ.

විදුලිබල අමාත්‍යාංශයේ ලේකම්වරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී ඇති බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
විදෙස් ගත ශ්‍රී ලාකිකයින් සඳහා ඡන්ද අයිතිය ලබාදීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම සමග සාකච්ඡා ආරම්භ කර ඇතැයි විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර පවසයි.
මේ වන විට රට තුළ ක්‍රියාත්මක වන ව්‍යාපෘතිවල මුදල් දිට්වා සුළි කුණාටුවට සහන සහන දීම සඳහා භාවිත කරන නිසා එම ආධාර ලබා නොගෙන නව ආධාර ලබා දෙන ලෙස ඒ ඒ ආයතනවලින් ඉල්ලා සිටින ලෙසට රජයේ අවධානය යොමු කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රජයෙන් ඉල්ලීමක් කළේ ය.
ගූගල් මැප්ස් (Google Maps) සහිත අපේ ස්මාට් ජංගම දුරකතනය රැගෙන අපි එහා මෙහා යන සෑම අවස්ථාවක ම, අප සිටින්නේ කොතැන දැයි ගූගල් ආයතනය දැනගනී.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරමින් ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදි සමාජවාදි ජනරජයට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා රජය කටයුතු කරමින් සිටින බවට අග්‍රාමාත්‍ය හරිණි අමරසූරිය පාර්ලිමේන්තුවේ දී කළ සහතික වීම පිළිබඳව සාධාරණ සමාජයක් සඳහා වන ජතික ව්‍යාපාරය අතිශයින්ම සතුටට පත්වන බවත්, එමෙන් ම රජයේ එම ක්‍රියාමාර්ගයට සුබ පතන අතර ම සංවිධානයක් ලෙස ඔවුන්, ඔවුන් ගේ උපරිම සහාය ද පළ කරන බව ද සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.
රාජ්‍ය සම්මාන 2025 - සම්මාන සහ නිර්දේශ කටයුතු කෙතරම් අගති රහිත ලෙස, ගුණාත්මක ලෙස සිදු කරන්නට සංවිධායකයින් ලෙස අප කටයුතු කළේ දැයි මාධ්‍ය සහ විවිධ ප්‍රකාශන හරහා අප ජනතාව දැනුවත් කොට තිබුණා. වාර්ෂිකව සිදුවන විවේචන පවා මෙවර දකින්නට නොලැබුණේ ඒ දැරූ වෙහෙස නිසා. (තමන්ට සම්මාන නොලැබීම නිසා ඇති වන සිත් රිදවා ගැනීම් නම් ලෝකාවසානය දක්වා පවතින්නට නියමිත බැවින් ඊට කළ හැකි යමක් නම් නෑ. )
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

