මාසිකව සිදු කරන මිල සංශෝධනයට අදාළව මෙම මස අගදී කිසිදු මිල සංශෝධනයක් සිදු නොකරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
මාලිමා අයවැයට ඡන්දය දුන් ශ්‍රිලනිප පළාත් පාලන ආයතන නියෝජිතයින්ට වැඩ වරදී
මාලිමා ආණ්ඩුව ගැටලුවලට මුහුණ දෙන්නේ ඇයි...? - Ideas front වීඩියෝවක්
මතවාදයක් (Ideology) නොමැතිව රටක පාලන බලය ලබාගත් විට එය පාලනය කිරීමේ දී බරපතළ ගැටලුවලට මුහුණ දීමට සිදුවන්නේ යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
මාලිමා ආණ්ඩුව ජනතාවට බයයි - පුබුදු ජයගොඩ (වීඩියෝ)
මාලිමා ආණ්ඩුව බිය වී සිටින්නේ ත්‍රස්තවාදීන්ට නොව ජනතාවට යැයි පෙරටුගාමි සමාජවාදි පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පැවසී ය.
මාලිමා ආණ්ඩුව ජේ. ආර්. යුගයට යන්න හදනවා - රවි කුමුදේශ්
දුම්රිය රියදුරන් වර්ජනයකට සැරසෙන විට හමුදාව යොදවා දුම්රිය ධාවනය කිරීමට ආණ්ඩුව සැරසෙන්නේ නම් එය මීට වසර පනහකට පමණ පෙර ජේ. ආර්. ජයවර්ධන ට පාලනය කිරීමට ගත් පියවර ම යැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් පවසයි.
මාලිමා ආණ්ඩුව දැවැන්ත දේශපාලන පරාජයක් ලබමින් සිටිනවා - සුගීෂ්වර බණ්ඩාර
මාලිමා ආණ්ඩුව දැවැන්ත දේශපාලන පරාජයක් ලබමින්, දේශපාලන පසුබැසීමක පවතින්නේ යැයි නව ජනතා පෙරමුණ පක්ෂ නායක සුගීෂ්වර බණ්ඩාර පැවසී ය.
මාලිමා ආණ්ඩුව මහා භාණ්ඩාගාරය කඩලා - ශිරාල් ලක්තිලක
භාණ්ඩාගාරයේ මුදල් ඇමරිකන් ඩොලර් මිලියන 02.05ක මුදල හැකර්වරයකුගේ අතට පත් වී නොමැති බව වගකීමෙන් පවසන්නේ යැයි නීතිඥ ශිරාල් ලක් තිලක පවසයි.
මාලිමා ආණ්ඩුව මෙච්චරට ම ආඩම්බර ඇයි...? - Ideas front වීඩියෝවක්
පෙර සිටි පාලක පංතිය ඉදිරියේ අපි ආඩම්බර වන්නේ අපි, මහජනයා අතරින් පැමිණි නිසා යැයි බිමල් රත්නායක පැවසූ බව සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
මාලිමා ආණ්ඩුව වාමාංශික ද...? - Ideas front වීඩියෝවක්
මාලිමා ආණ්ඩුවෙන්: සමාජ සාධාරණත්වය, විප්ලවවාදී වෙනස් වීම්, දුප්පතුන්ට විමුක්තිය යනාදි තේමා පැන නගින්නේ ම මොවුන් වාමාංශික නිසා ම යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
මාලිමා ආණ්ඩුව, නියපොත්තෙන් කැඩිය හැකි දේ පොරවෙන් කපන තත්ත්වයට පත්වන තුරු සිටියේ ඇයි...? Ideas front වීඩියෝවක්
මේ මොහොතේ ආණ්ඩුව පුද්ගලික මාධ්‍ය පිළිබඳ දොස් පැවරීමෙන් පලක් නොමැති බවත්, ආණ්ඩුව පත්වූ විගස ම රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරු විසින් ක්‍රියාත්මක කිරීමට සුදානම් කර තිබූ විජයානන්ද ජයවීර ප්‍රමුඛ ජනමාධ්‍ය නියාමන කොමිසම ක්‍රියාත්මක කළේ නම් අද මෙබඳු තත්ත්වයක් රට තුළ ඇති නොවනු ඇතැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
මාලිමා ආණ්ඩුවට ඇත්තට ම හොරු ඇල්ලීමට වුවමනා ද...? - Ideas front වීඩියෝවක්
වත්මන් ආණ්ඩුව බලයට පත්වීමට පෙර 'හොරු අල්ලනවා' යැයි පොරොන්දු වූ බවත්, එම ක්‍රියාවලිය අව්‍යාජ (Authentic) නම් හෝ එය බරපතළ (Serious) ලෙස බාර ගන්නේ නම් ඒ සම්බන්ධයෙන් විශේෂිත අධිකරණ පද්ධතියක් ස්ථාපිත කළ යුතුව තිබුණා යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
මාලිමා ආණ්ඩුවෙන් පස්සෙ එක ඩොලරයක් හෝ සෘජු විදේශ ආයෝජන පැමිණ නැහැ - එස්.එම්.මරික්කාර්
වර්තමාන රජය බලයට පත්වීමෙන් අනතුරුව මේ වන තෙක් එක ඩොලරයක් හෝ සෘජු විදේශ ආයෝජන පැමිණ නැති බවත්, ඉදිරි වසරේ දී ද ඒවැන්නක් දැකිය හැකි තත්ත්වයක් නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් පැවසී ය.
මාලිමා ආණ්ඩුවේ අලුත් ම දඬුවම් ක්‍රමය
මාලිමා ආණ්ඩුව විසින් අලුතින් යෝජනා කර ඇති විදුලි ප්‍රතිපත්තිය පාරිභෝගිකයන්ට මෙන්ම පුනර්ජනනීය බලශක්ති අංශයට ද දඬුවම් කරන්නක් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සදහන් කරයි.
මාලිමා ආණ්ඩුවේ ඇමතිවරු බිරින්දෑවරු නමින් වත්කම් සඟවයි - කුෂාන් මදනායක හෙළි කරයි
මාලිමා ආණ්ඩුවේ කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න ගේ සහ සමන්ත විද්‍යාරත්න ගේ වත්කම් සහ බැරකම් ප්‍රකාශවල ඔවුන්ගේ බිරින්දෑවරුන්ගේ නමින් වත්කම් සඟවා තබා ගෙන සිටින බවට කරුණු හෙළි කරමින් නව ජනතා පෙරමුණ බොරැල්ල ආසන සංවිධායක කුෂාන් මදනායක සහ මධ්‍යම කාරක සභික භාණ්ඩාගාරික මොහොමඩ් රෂ්දාන් රහුමාන් සහ නැගෙනහිර කොළඹ ආසනයේ රුක්මන් ද සිල්වා අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසම් සභාවේ අධ්‍යක්ෂ වෙත ලිපියක් බාර දී ඇත.
එම අවස්ථාවේ දී බොරැල්ල ආසන සංවිධායක කුෂාන් මදනායක පැවසුවේ කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න සහ වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න 2023 අංක 09 දරණ දූෂණ විරෝධි පනත යටතේ අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට සම්පූර්ණ කර බාර දෙන ලද 2025 වත්කම් බැරකම් ප්‍රකාශවල සටහන් කර ඇති පරිදි ඔහුගේ බිරින්දෑවරු නමින් විශාල මුල්‍ය වත්කම් ප්‍රමාණයක් සටහන් කර ඇති බව ය.
වැඩි දුරටත් අදහස් පළ කළ කුෂාන් මදනායක...
මිලියන හයක් ඉතිරි කළේ කොහොම ද...?
''නාමල් කරුණාරත්න ගේ බිරිඳ වන ආර්.ඩී ස්වර්ණලතා මාලනී වෘත්තියෙන් ගුරු සේවයේ නියුතු මකුල්පොත මහා විද්‍යාලයේ ඉගැන්වීම් කටයුතු සිදු කරන මාසික ආදායම රු 66,000 ක් පමණ ලබන අයෙකි. පසුගිය කාලවලදී නමල් කරුණාරත්න පූර්ණ කාලීනව අපි දුටුවා කුඹුරේ අමුඩ ගසා ගෙන බජරි කමින් ඉන්නවා. ඒ නිසා අපිට සාධාරණ සැකයක් තියෙනවා එතුමා ජීවත් වන්න ඇත්තේ එතුමාගේ බිරිඳ විසින් උපයන ලද ගුරු වැටුපෙන් කියලා. එලෙස ගුරු වැටුපෙන් ජීවත් වූ පවුලක් කොහොම ද මෙච්චර මුදලක් ඉතුරු කළේ කියලා අපිට ගැටලුවක් පවතිනවා.
සාමාන්‍යයෙන් ආරම්භක ගුරු වැටුප රු 66,000 ක් පමණ වෙනවා. ජ්‍යෙෂ්ඨත්වය අනුව වැටුප වැඩි වෙනවා. ඒ නිසා එතුමියට රු 100,000 ක පමණ මුදලක් ලැබේ යැයි අපි උපකල්පනය කළත් මෙවැනි මිලියන 06 කට ආසන්න මුදලක් ඉතුරු කිරීමට කිසිසේත්ම බැරි බව අපට පැහැදිලි වෙනවා. මේ පිළිබඳව රටේ සමස්ත ගුරුවරු බලා සිටිනවා කොහොමද මෙතරම් විශාල මුදලක් ගුරු වැටුපෙන් එතුමිය ඉතුරු කළේ කියලා.
ඒනිසා අපට පැහැදිලි වන්නේ මෙම මුදල් එතුමියගේ නොවන බවත් ඒ සියල්ල නාමල් කරුණාරත්න මහත්මයාගේ බවත් ය. එම නිසා එතුමිය අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවට කැඳවලා මේ මුල්‍ය වත්කම සම්බන්ධව වහාම පරීක්ෂණයක් කරන්න කියලා අපි ප්‍රකාශ කර සිටිනවා.
එක් පුද්ගලයෙක් සතුව බැංකු ගිණුම් 15ක්...?
එලෙසම වෘත්තියෙන් ගුරු සේවයේ නියුතු සමන්ත විද්‍යාරත්නගේ බිරිද වන බදුල්ල විහාරමහාදේවි උසස් බාලිකා විද්‍යාලයේ ඉගැන්වීම් කටයුතු සිදු කරන තිලකා මහත්මිය නමින් ද බැංකු ගිණුම් 15 යටතේ වත්කම් බැරකම් ප්‍රකාශයේ ගිණුම් ශේෂ සටහන් කර ඇත. ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි බැංකු ප්‍රමාණය වනුයේ ද 24 කි. සමන්ත විද්‍යාරත්න ගේ බිරිඳගේ නමින් මෙලෙස බැංකු ගිණුම් 15 ක් විවෘත කිරීම කුමන අරමුණක් යටතේ සිදු කර ඇත්දැයි අපට පැහැදිලි සැකයක් පවති. රාජ්‍ය සේවයේ නියුතු නිලධාරියකුට මෙතරම් ගිණුම් පවත්වා ගෙන යා හැකිද? මෙම ගිණුම්වල අවසාන ශේෂය නොව වැදගත් වනුයේ මෙම ගිණුම් ආරම්භයේ සිට කොතරම් මුදලක් සංසරණය වුවා ද යන්නය. මේ පිළිබඳව පැහැදිලි තොරතුරු රටට හෙළිකල යුතුවේ.
ඒ වගේම දවසේ විහිළුව තමා එතුමිය රු 240,000 ක බැංකු ණයක් ලබා ගන්නවා. නමුත් එම මුදල වැනි අට ගුණයක් එතුමියගේ බැංකු ගිණුම්වල තියෙනවා. මෙය කොළය වහලා ගහන ලද ක්‍රියාවක්. 2003 අංක 09 දරණ දූෂණ විරෝධි පනත රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා සම්මත කරලා නීතියක් බවට පත් නොකරන්න මේ රටේ ජනතාව සිතා ගෙන ඉන්නේ ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ සුචරිත දේශපාලන පක්ෂයක් කියලයි.
පැහැදිලි පුළුල් විමර්ශනයක් සිදු කළ යුතුයි
කතානායක ජගත් වික්‍රමරත්න නම් තම වත්කම් බැරකම් ප්‍රකාශය තුළ තමන්ගේ මුදල් තමන් නමින්ම සටහන් කර තිබිම ඉතා වැදගත් වේ. නමුත් අපි දන්නේ නෑ එතුමගේත් මුදල් වෙන වෙන අයගේ නමින් තැන්පත් කරලා තියෙනවද කියලා. නමුත් නාමල් කරුණාරත්න හා සමන්ත විද්‍යාරත්න මහතා ලැජ්ජ විය යුතුයි තම වත්කම් බිරින්දෑවරුන්ගේ නමින් තැන්පත් කර රටේ ජනතාව මුලා කිරීම සම්බන්ධව.
මෙලෙස වත්කම් බැරකම් ප්‍රකාශවල අමාත්‍ය නාමල් කරුණාරත්න ගේ හා අමාත්‍ය සමන්ත විද්‍යාරත්න ගේ බිරින්දෑවරු නමින් තැන්පත් කර ඇති මුල්‍ය වත්කම් උපයා ගැනීම කුමන ආකාරයෙන් සිදු කර ඇත්ද යන්න ඔවුන්ගේ බිරින්දෑවරු අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවට කැඳවා පැහැදිලි පුළුල් විමර්ශනයක් සිදු කර රටට සත්‍ය තොරතුරු හෙළි කරන ලෙස ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා.''
මාලිමා ආණ්ඩුවේ ගල් අඟුරු හොරකම
මහජන හඬ මෙහෙයුම් කමිටුව විසින් සංවිධානය කරන ලද 'මාලිමා ආණ්ඩුවේ ගල් අඟුරු හොරකම' සම්මන්ත්‍රණය ඊයේ (09)කොළඹ පදනම් ආයතනයේ දී පැවැත්වුණා .
මාලිමා ආණ්ඩුවේ තක්කඩිත් හොරකම් කරනවා - එස් එම්. මරික්කාර්
රුපියලක්වත් හොරකම් කරන්නේ නැතැයි ජනාධිපතිතුමා පුන පුනා පවසද්දී මේ තක්කඩි හොරකම් ටික නොපෙනෙන්නේ මන්දැයි ජනාධිපතිතුමා ගෙන් විමසන්නේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම්. මරික්කාර් පැවසී ය.
මාලිමා නියෝජිතයින් සියලු දෙනා ඉවත් වී භාරකාර ආණ්ඩුවක් පත්කරන්න - සුගීස්වර බණ්ඩාර
ගල් අඟුරු වංචාව සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂනයක් පැවැත්වීමට නම් කුමාර ජයකොඩි පමණක් ඉල්ලා අස් වීමෙන් පළක් නොමැති බවත්, එබැවින් ජනාධිපතිතුමා, අගමැතිතුමිය ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ප්‍රමුඛ මාලිමා නියෝජිතයින් 159 ම ඉවත් වී භාරකාර ආණ්ඩුවක් පත් කළ යුතු යැයි නව ජනතා පෙරමුණෙහි නායක සුගීෂ්වර බණ්ඩාර පැවසී ය.
මාලිමා පාලකයින් ආර්ථික කළමනාකරණය පිළිබඳ දැනුවත් ද...? - Ideas front වීඩියෝවක්
මේ වන විට පවතින ගැටලුව වන්නේ අපේ පංතියේ ම පිරිසක් බලයට පත්වී ඔවුන් රටේ පාලනය සම්බන්ධයෙන් දක්වන අදහස් සහ ක්‍රියා කරන ආකාරය පිළිබඳව යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
මාලිමා මන්ත්‍රිනියගේ විදුහල්පති සැමියාට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීම ගැන දෙමව්පියන්ගෙන් පැමිණිලි
සූරියවැව ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකුගේ පහරකෑමට ලක්වූ පාසල් සිසුවෙකු මේ වන විට දින කිහිපයක් පුරා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.
මාලිමා මන්ත්‍රී ශාන්තගේ පහරදීමේ සිදුවීම ගැන පොලීසියෙන් නිවේදනයක්
ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර ඇතුළු පිරිසක් විසින් පොලිස් නිලධාරියෙකුට කළ බව කියන පහරදීමක් සම්බන්ධව වාර්තා වන කරුණුවලට අදාළව පොලීසිය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

