මන්ත්‍රීලාගේ මැතිසබේ අල්මාරි අවුස්සයි

මන්ත්‍රීලාගේ මැතිසබේ අල්මාරි අවුස්සයි

අයවැය ඉලක්ක කර ලබන  මාසයේ දින තුනක් පාර්ලිමේන්තුව විශේෂ ආරක්ෂක පරීක්ෂාවකට ලක් කරන බව කතානායකවරයා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය.

නොවැම්බර් මස4, 6, සහ 7දෙදිනේදී මෙම පරික්ෂාව සිදු කෙරේ

එහිදී මන්ත්‍රීවරුන්ගේ විවේක කාමර ඇඳුම් අල්මාරිද ඇතුළුව සමස්ත පාර්ලිමේන්තු ගොඩනැගිල්ලම මෙම දිනවල  පූර්ණ පරීක්ෂාවකට ලක් කෙරෙන  බවද කතානායකවරයා ප්‍රකාශ කළේය.

අයවැය කතාව ජනාධිපතිවරයා නොවැම්බර් මස 7 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිතය. මහජන ගැලරිය ලබන මස 7 වැනිදා  ආරාධිත අමුත්තන්ට පමණක් සීමා කෙරේ.

පාර්ලිමේන්තු රථ ගාලද මෙදින වසා දැමෙන බව කථානායකවරයා පැවසීය.

මන්ත්‍රීවරුන් පැමිණෙන රථවාහන අදාළ රථ ගාල් වෙත යොමු කෙරේ. මේ සඳහා සියලුම මන්ත්‍රීවරුන්ගේ සහයෝගය අපේක්ෂා කරන බවද කතානායකවරයා පැවසීය.

රථ වාහන පොලිසිය සමීප පොලිස් ස්ථාන මගින්  මෙදින විශේෂ රථ වාහන වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක කෙරේ.


2026 අයවැය විවාද පිලිබඳ වැඩසටහන මෙන්න



WhatsApp Image 2025 10 23 at 11.26.09 300cea5c




(lankadeepa)


Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න