ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් ඇමෙරිකානු ඩොලර් බිලියන 6.82 දක්වා ඉහළ ගොස් තිබේ.
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම යටතේ නිසි ලෙස ගනු දෙනු වාර්තා නොකළ ආයතන හතකින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය විසින් මේ වසරේ (2025) ජූලි මස සිට සැප්තැම්බර් මස දක්වා වූ කාල පරිච්ඡේදය තුළ එකතු කරගන්නා ලද සමස්ත දඩ මුදල රුපියල් මිලියන නවයයි දශම පහක් (රු. 9,500,000.00) ලෙස වාර්තා වේ.
වර්තමාන වෛද්‍ය විද්‍යාවේ රෝග විනිශ්චය සඳහා X-ray, CT scan, සහ MRI වැනි විකිරණ පරීක්ෂණ අත්‍යවශ්‍ය වේ. නමුත්, ඇතැම් රෝහල් පටු ලාභ පරමාර්ථ කරගනිමින්, නිසි වෘත්තීය සුදුසුකම් නොමැති පුද්ගලයින් මෙම පරීක්ෂණ සඳහා යොදවන බව නිරීක්ෂණය වී ඇත. මෙය ඔබේ ජීවිතය දැඩි අවදානමකට ලක් කරන ක්‍රියාවකි.
දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් වූ ක්ෂුද්‍ර, සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර යළි නඟා සිටුවීම සඳහා රජයේ මැදිහත්වීම මත ක්‍රියාත්මක කරනු ලබන විශේෂ ණය යෝජනා ක්‍රමයේ පළමු ණය නිදහස් කිරීම මහජන බැංකුව ආරම්භ කරයි.
මහන්තත්ත්වය පසෙක තබා වෘත්තිය සමිතිවලට සහ වෛද්‍යවරුන්ට ඇහුම්කන් දෙන ලෙසත් පාතාලයේ කණ්ඩායම් මිනිසුන් ඝාතනය කිරීම වැළැක්වීමට වැඩපිළිවෙළක් යොදන ලෙසත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ රජයෙන් ඉල්ලීමක් කළේ ය.
ඡායාරූපයේ සුදු පැහැ කමිසයකින්සැරසී සිටින්නේ මහ දිසාපති උඩවත්තය
පසුගියදා මහනුවර කච්චේරියේ ගංවතුර සහ නාය යාමේ ආපදාව සම්බන්ධව විශේෂ සාකච්ඡාවක් පැවැත්විනි.
කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට වසරකට ලක්ෂයකට ආසන්න පිරිසක් ප්‍රතිකාර සඳහා ඇතුළත් වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි.
මාර්ග අනතුරු හේතුවෙන් වසරකට 2500 කට පමණ ජිවිත අහිමි වන බවත් එම සංඛාව මෙන් දස ගුණයක් සදාකාලික ආබාධිත තත්ත්වයට පත් වන බවත් අමාත්‍යංශයේ සඳහන් කරයි.
සහශ්‍ර සංවර්ධන ඉලක්කයන් සාක්ෂාත් කර ගැනීමේ දී 2030 වසර වනවිට මෙරට මාර්ග අනතුරු සංඛ්‍යාව 2020 වසරට සාපොක්ෂව සියයට 50 කින් අඩු කර ගත යුතු වන අතර, එය අභියෝගාත්මක ඉලක්කයක් බව අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙරට හදිසි අනතුරු ප්‍රතිකාර සේවා ශක්තිමත් කිරීමට මෙන්ම හදිසි අනතුරු හේතුවෙන් රෝහල්ගත වන රෝගීන් ප්‍රමාණය අවම කර ගැනීම සඳහා ප්‍රජාව දැනුවත් කිරීමට හදිසි අනතුරු පිළිබඳ ජාතික සමුළුව 2025 (National Trauma Conference – 2025) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ගේ ප්‍රධානත්වයෙන් කොළඹ “ගෝල්ෆේස්” හෝටලයේ දී හෙට (17) පැවැත්වීමට නියමිතය.
(අංජුල මහික වීරරත්න - lankadeepa)
දේශපාලන ඉතිහාසයට වඩා සංස්කෘතික ඉතිහාසය පුළුල් ය; විචිත්‍ර ය. එය ලිවීම ද ප්‍රසාද සිත් උපදවයි. අද ලියන්නේ අප රටේ සම්ප්‍රදායික සංගීතය, නර්තන කලා ආදිය ශාස්ත්‍රීය පදනමක් මත හැදෑරීමේ පදනම හඳන්වා දුන් සංස්කෘතික බුද්ධිමය පුරෝගාමියා වූ මහවලතැන්නේ බණ්ඩාර ගැන ය.
මහවැලි ගඟ ද්‍රෝණියේ පහත්බිම් ආශ්‍රිත ප්‍රදේශ සඳහා ඉදිරි පැය 24ක කාලය තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
දේශපාලනඥයන් ඇතුළු විවිධ තරාතිරම්වල ප්‍රභූවරුන් මහවැලි ගඟ දෙපස (මහනුවර ප්‍රදේශයේ) නිසි අනවසරයෙන් තොරව පවත්වාගෙන යන හෝටල් සහ සංචාරක අවන්හල් දෙසීයකට වැඩි සංඛ්‍යාවක් පිළිබඳව පරිසර අංශවල විශේෂ අවධානය යොමුව ඇත.
මහවැලි ගඟ සඳහා නිකුත් කළ ගංවතුර අවදානම් රතු නිවේදනය තවත් පැය 48ක් දක්වා දීර්ඝ කර තිබේ.
භික්ෂූන් වහන්සේලා පිරිසක් ඉතාම නිර්ලජ්ජිත ලෙස සංඝ සමාජය හෑල්ලු කරමින් ඉන්නවා. භික්ෂුවක් යනු කායික, වාචික හා චිත්ත හික්මීමකට ලක්වුණ සහ එවැන්නක් දිගින් දිගටම පවත්වාගෙන යා යුතු පිරිසක්. ඔවුන් අනුගමනය කළ යුතු විනය රීති 227 ක් විනය පිටකයේ තිබෙනවා.
මහා පරිමාණ මෝල්හිමියන් කීරි සම්බා සහල් තොග සැඟවීමේ ප්‍රතිඵලයක් ලෙස වෙළෙඳපොළේ අද වනවිට සහල් හිඟයක් නිර්මාණය වී ඇති බව ගොවීන් මෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල්හිමියන්ගේ සංගමය පවසයි.
ඔවුන් පවසන්නේ ඒ හේතුවෙන් රජය කීරි සම්බා සහල්වලට ආදේශක සහල් වර්ගයක් ආනයනය කිරීම හරහා වෙනත් මාෆියාවක් ද නිර්මාණය වන බවය.
දේශීය වෙළෙඳපොළේ කීරි සම්බා සහල් හිඟයක් සහ පාලන මිලට වඩා වැඩි මිලකට සහල් අලෙවිය පිළිබඳව සති කිහිපයක සිට තොරතුරු වාර්තා වේ.
මෙවන් පසුබිමක දේශීය වෙළෙඳපොළේ කීරි සම්බා සහල් හිඟයක් පැවතීම සහ පාලන මිලට වඩා වැඩි මිලකට අලෙවිකරන බවට තොරතුරු වාර්තා හෙයින් කීරි සම්බා සහල්වලට ආදේශක සහල් වර්ගයක් ආනයනය කිරීමට පසුගියදා කැබිනට් අනුමැතිය හිමිවිය.
ඒ අනුව පසුගිය 15වනදා සිට මාසයක කාලයක් තුළ එක් ආනයනකරුවෙකුට මෙට්‍රික්ටොන් 520ක උපරිමයකට යටත්ව පොන්නි සම්බා ආනයනය කිරීමට අවස්ථාව උදාවේ.
රටේ මුදල් ඇමතිවරයා ද වන ජනාධිපති අනුර දිසානායක මහතා ගේ යටතේ තිබෙන මහා භාණ්ඩාගාරයේ සිදුව තිබෙන මූල්‍ය අපරාධය පිළිබඳ ජනතාවට හෙළිදරව් කිරීම ගැන ශිරාල් Shiral Lakthilaka ලක්තිලක මහතා සහ මෛත්‍රී ගුණරත්න මහතා ඇතුළු ෆ්‍රී ලෝයර්ස් සංවිධානයට මහජනයා ගේ ස්තුතිය හිමිවිය යුතු ය.
මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5 ක ගෙවීම පිළිබඳ විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලා "දිනණ දකුණ" සාමූහිකය නිවේදනයක් නිකුත් කර ඇත.
බුද්ධ ධර්මය වෙනුවෙන්, බුද්ධ ශාසනය වෙනුවෙන් සහ මහා සංඝරත්නය වෙනුවෙන් පෙනී සිටීම ජාතිවාදය නොවේ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.
ගරු මහාචාර්ය ඇලෝසියස් පීරිස් පියතුමන්ව මහාචාර්ය සුචරිත ගම්ලත් ශූරීන් සිය ලිපියක මෙසේ හඳුන්වා ඇත.
කොළඹ විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය අංශයේ මහාචාර්ය ප්‍රදීප් වීරසිංහ සජබ කෘත්‍යාධිකාරි මණ්ඩලයට පත් කර ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) මූල්‍ය අපරාධ විමර්ශන අංශය (FCID) හමුවේ පෙනී සිටින ලෙස මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහට දැනුම් දී ඇති බවට පළ වන වාර්තා සම්බන්ධයෙන් තමන් ගේ දැඩි කනස්සල්ල පළ කරන බව විශ්වවිද්‍යාල ආචාර්යවරු, මාධ්‍යවේදී සහ උගත් බුද්ධිමත් පිරිසක් සඳහන් කරති.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

