1970 මාර්තු 02 දා, කොළඹ හයිඩ් පිටියේ පැවැති ඓතිහාසික රැලියේ දී, රෝහණ විජේවීර සහෝදරයා ඉතා වැදගත් අනාවැකියක් කීවේ ය.

සුදු ජාතිකයන් විසින් මෙරට මධ්‍ය කඳුකරයේ අඩි පන්දහසකට (5,000) වැඩි උසකින් තේ වගා ආරම්භ කරමින්, මහා ව්‍යසනයක් ආරම්භ කළ බවත්, අඩි 3,000 කට වඩා උස් භූමියේ නැවත වන රෝපණ නොකළහොත්, දශක තුන හතරක ඇවෑමෙන් බරපතල ආපදා ඇති වන බවත් ඔහුගේ එම කතාවේ අවධාරණය කෙරිණි.
එදා මේවා දේශද්‍රෝහියෙකුගේ ප්‍රකාශ ලෙස බහුතර ප්‍රජාව විසින් සමච්චලයට ලක් කළ බව අමුතුවෙන් කිව යුතු නැත. එහෙත්, ඒ 'දේශද්‍රෝහියාගේ අනාවැකිය' අද ඇස් පනාපිට ඔප්පු වී තිබේ. මධ්‍ය කඳුකරයේ ඉහළ උන්නතාංශයේ වැදගත්කම ඔහු තරම් අවබෝධ කර ගත් වෙනත් අයෙක් සිටියේ ද යන්න සැක සහිත ය.
විපත්වලට මං පෑදුණු මග
පුරාතනයේ පටන් විවිධ මිථ්‍යා විශ්වාස මෙන්ම, බුද්ධපාද ස්පර්ශාදි කතා පුවත් මගින් ද කඳුකරය නොඉඳුල්ව තබා ගැනීමේ වැදගත්කම ඉස්මතු කර තිබුණි. අඹගමුවෙන් එහා, එනම් අඩි 3,000 න් ඉහළ කොටස සුමන සමන් අඩවිය බැවින්, කට සහ ක්‍රියා වරද්දා නොගත යුතු බවට විශ්වාසයක් - පිළිගැනීමක් ඇති වූයේ ද මේ අනුව ය.

සුද්දා නුවරඑළියට යන තුරු, එම භූමිය ජනාවාස කරන්නට ස්වදේශිකයන් කටයුතු නොකළේ, එසේ කරන්නට තිබූ බැරිකමක් නිසා නොව, ඉහළ කඳුකරයේ වැදගත්කම - විශේෂයෙන් ම, වියළි කලාපයේ ආර්ථික සමෘද්ධිය සමග ඉහළ ජලාධාර කලාපවල වැදගත්කම පැරැන්නන් වටහා ගෙන තිබූ නිසා ය. අලි ඇතුන් දහස් ගණනක් වනසා, සැමුවෙල් බේකර්ලා විසින් විකෘති කරන ලදුව - කලු සුද්දන් විසින් නඩත්තු කරනු ලැබූ අමුතු සම්ප්‍රදාය නිසා, වර්තමාන විපත්තිවලට මං පෑදී තිබෙන බව ඕනෑම සබුද්ධිකයෙකුට වටහා ගත හැකිය.
විජේවීර සහෝදරයා ඉස්මතු කරන්නට උත්සාහ කළ කරුණ එය යි.
විජේවීර ගේ අනාගත දැක්ම
1971 මහ නඩුවේ දී [විය යුතුයි] ඔහු ලබා දුන්නේ යැයි කියන මේ ප්‍රකාශය මගින්, යටත් විජිත පාලකයන්ගේ ද්විත්ව ආර්ථික ව්‍යාපෘතිය මෙන්ම ධනපති පක්ෂ විසින් ක්‍රියාත්මක කරන මහවැලි යෝජනා ක්‍රමවලින් සිදු වන හානිය ගැන මනා විග්‍රහයක් ඇතුළත් ව ඇත.
“මධ්‍යම කඳුකරය කියන්නේ අපේ රටට තියෙන ලොකුම සම්පත. එයට ලොකුම හානිය සිදු කළේ අධිරාජ්‍යවාදීන්. ස්වාභාවික වනාන්තර පද්ධතිය විනාශ කරලා කෝපි, තේ වගා කළා. දැන් මහවැලි ස්කිම් එකෙන් කරන්න හදන්නේ ඒකෙ අනිත් එක. පොල්ගොල්ලෙ පිම්රෝස් කන්දෙන් පටන් ගෙන අඩි 1000 සමෝච්ච රේඛාවෙන් ඉහත ජලාශ ගණනාවක් හදන්න යනවා. ඒක භයානක තත්ත්වයක්. ඓතිහාසික රාජධානි සමයේ අඩි 1000න් පහත වැව් 32,000ක් හදපු සිංහල රජවරු මධ්‍යම කඳුකරයේ එකම වැවක්වත් හැදුවේ නැහැ. මධ්‍ය කඳුකරයේ බෑවුම තියෙන්නේ උතුරට, හරියට පැත්ත ගහපු ඊ අකුරක් වගේ. දකුණ තමයි උස. කිරිගල්පොත්ත, නමුණුකුල, ඊළඟට එල්ක් ප්ලේස්, හෝර්ටන් ප්ලේස්, සානු. මේ පිහිටීම හරිම වැදගත්. රට වටේ ගංගා 103ක් ගලන්නෙ මේ ආශ්චර්යවත් පිහිටීම නිසා.
නමුණුකුල
එදා රජවරු මේ කඳුකරයට අත තිබ්බේ නෑ. තද නීති දමල ආරක්‍ෂා කළා. අපි ධාතුසේන රජුගෙන් ඉගෙන ගන්න ඕනෑ. කලා ඔයට දොළොස්බාගෙ කඳුවලින් ලැබෙන ජලය තෙත් කලාපය මායිමේ ඉදි වූ යෝධ ඇළෙන් වියළි කලාපයට තල්ලු කළා. ඒක ඉතා අසීරු වැඩක්. සැතපුමට අඟලක් බැස්සුවා. අද නවීන විද්‍යාවට ඒක කරගන්න බෑ. දැන් මේ ආණ්ඩු පොල්ගොල්ල ඉඳලා නැඟෙනහිරට, ඊසානට වතුර ගන්න තියෙන මාර්ගය හරස් කරනවා. සම්පූර්ණයෙන් අහුරලා උතුරට අඹන් ගඟට ටනල් එකක් කපනවා. භූගෝල විද්‍යාත්මකව මෙතැන භු ගර්භයේ තියෙන්නේ විපරීත හුනුගල් පාෂාණය. පොළොව යට විශාල උමං නිර්මාණය වී තිබෙනවා. පතල් සෑදී තිබෙනවා. පොළොව යටට හෑරුණු දෝනාවල් තියෙනවා. මාතලේ ප්‍රදේශය පිහිටා තියෙන්නේ හුනුගල් පාෂාණ තට්ටුවක් උඩ. මේක ජලාශ හදන්න ගියොත් අපට ස්වාභාවිකව ලැබුණු ගංගාවන් නැති වෙනවා. අද නොවෙයි අනාගතයේ මේ රටේ ජනතාවට භයානක විපාක විඳින්න සිදුවෙනවා."

මේ කාරණය අද සත්‍යයක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම එදා විජේවීර සහෝදරයාට කරන්න බැරි වුණ දේ කරන්න, ඔහුගේ අනුප්‍රාප්තිකයන්ට බලය, ජනතාව විසින්ම ලබා දීලා තියෙනවා.
දැන්වත්, මේ ඓතිහාසික වැරදි, නිවැරදි කරමු. සම්පූර්ණයෙන්ම කරන්න බෑ. ඒත් මූලික අඩිතාලමවත් යොදමු!
පරිසරයට වඩා ඉහළ කිසිවක් තිබිය නොහැකියි.
(සටහන - Nimesha Thiwankara)
උපුටා ගැනීම - Nimesha Thiwankara ගේ ෆේස්බුක් පිටුවෙන්...
November 27

