මතුගම සී.ඩබ්.ඩබ්. කන්නන්ගර විදුහලේ විදුහල්පතිනියට වහාම ක්‍රියාත්මක වන පරිදි ඉසුරුපායට ස්ථාන මාරුවක් ලබාදී ඇත.
මෙයට හේතුව වී ඇත්තේ අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී සහ නලින්ද ජයතිස්සගේ අනීතික ඉල්ලීම් ඉටු නොකළ නිසා යැයි ආරංචිමාර්ග සඳහන් කරයි.
විශේෂයෙන් ම මෙම විදුහල්පතිනියට ස්ථාන මාරුව ලබා දීමට හේතුව වී ඇත්තේ අමාත්‍ය නලින්ද ජයතිස්ස සහ අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී විසින් අනීතිකව පාසලට දරුවන් ඇතුළත් කරගැනීමට කරන බලපෑම්වලට යටත් නොවීම සහ ජවිපෙට සහය පළ නොකිරීම යි.
ඇය 12 වන වියේ පසු වෙද්දී, 1988 දී, ඇය දහම් පාසල් ඇඳුමින් සැරසී සිටියදීම ඇයගේ පියා ඇයගේ ඇස් ඉදිරියේ දී කැරලිකාරයින් ගේ වෙඩි පහරට ලක්ව මිය ගියේ ය. ඒ 1988 මාර්තු 27 වන ඉරිදා උදේ 7.10ට ය. එතැන් සිට පිය රැකවරණය අහිමි වූ පවුලේ ඇය උත්සාහයෙන් ඉගෙන ගෙන විදුහල්පතිනිය දක්වා පෙරට පැමිණ ගෙවුණු වසර කිහිපයේ දී මතුගම කන්නන්ගර විද්‍යාලය ඉහළ තැනකට ඔසවා තබන්නට වෙහෙසී වැඩ කළා ය.
හදිසියට සිදුකළ මෙම ස්ථාන මාරුව නිසා එම විදුහලට තවමත් විදුහල්පතිවරයකු පවා පත්කර ගැනීමට නොහැකිවී ඇත. පසුගිය කාලය පුරාම නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා ජනතා විමුක්ති පෙරමුණට සහාය දෙන විදුහල්පතිවරයකු සොයා ගැනීමට උත්සාහ කළත් එම උත්සහාය ඉටු කරගැනීමට නොහැකිවී ඇත.
පසුගිය කාලයේ පාසල අධ්‍යාපනික සහ බාහිර කටයුතු අතින් ඉහළට ගෙන ඒමට කටයුතු කළ තවමත් 50 වන වියේ පසුවන විදුහල්පතිණිය මාරු කර යැවීම සඳහා හේතු වූ කිසිඳු කරුණක් බලධාරීන් විසින් දන්වා නොමැත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
