1990 දශකයෙන් පසු, විශේෂයෙන් ම චන්ද්‍රිකා කුමාරතුංග ගේ ආගමනයෙන් පසු ලංකාවේ නීති පද්ධතියේ (system) විශාල බිඳ වැටීමක් දක්නට ඇතැයි දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය.
ලංකාවේ පළවෙනි චිත්‍රපට තුනට ම මගේ සීයා 40-50 දශකයේදී මුදල් යොදවා ඇත.
ශ්‍රී ලංකාවේ චිත්‍රකතා (Comics) ඉතිහාසය දෙස අවධානය යොමු කිරීමේ දී එය 20 වන සියවසේ මැද භාගය තෙක් දිව යන බව දක්නට ලැබේ.
හෙන්ලි විදේශ ගමන්බලපත්‍ර දර්ශකයේ නවතම ශ්‍රේණිගත කිරීම ශ්‍රී ලංකා විදේශ ගමන්බලපත්‍රය ස්ථානයක් පහළට ගොස් ලොව 98වන ස්ථානයට පත්ව ඇත.
වත්මන් ශ්‍රී ලංකා විදේශ ගමන්බලපත්‍රයෙන් ලොව රටවල් 41කට පමණක් වීසා රහිත ප්‍රවේශය ලබාගත හැකිය.
අවසන් වරට ඉකුත් සැප්තැම්බර් 11 වනදා නිකුත් කරන ලද දර්ශකයේ ශ්‍රී ලංකාව 97 වන ස්ථානයේ සිටියේය.
2024 වසරේ දී 96 වන ස්ථානයේ සිටි ශ්‍රී ලංකාව මෙම වසර මුලදී 91 වන ස්ථානය දක්වා ස්ථාන 5ක් ඉදිරියට පැමිණ කැපී පෙනෙන ප්‍රගතියක් අත්කරගෙන තිබුණි.
ලොව බලවත්ම විදේශ ගමන් බලපත්‍රයට හිමි ගෞරවය තවමත් සිංගප්පූරුව සතුව ඇති අතර, එම ගමන්බලපත්‍රයට රටවල් 193කට වීසා රහිතව ගමන්කළ හැකිය.
දකුණු කොරියාව (190) එහි දෙවන ස්ථානයේ ද, ජපානය (190) තෙවන ස්ථානයේද පසුවේ.
අසල්වැසි ඉන්දියාව ද ස්ථාන 5කින් පහළට පැමිණ මේ වනවිට 85වන ස්ථානයේ රැඳී සිටියි. එම විදේශ ගමන්බලපත්‍රය යටතේ රටවල් 57කට වීසා රහිත ප්‍රවේශය ලබාගත හැකිය.
දකුණු ආසියානු රටවල් වන බංග්ලාදේශය මෙහි 100වන ස්ථානයේද, පාකිස්තානය 103වන ස්ථානයේද පසුවෙයි.
මෙහි අවසන් ස්ථානය එනම් 106වන ස්ථානයේ ඇෆ්ගනිස්තානය රැඳී සිටියි. එරට පුරවැසියන්ට රටවල් 24කට පමණක් වීසා රහිතව ගමන්කළ හැකිය.
දෙනියාය කොටපොල විවිධ සේවා සමුපකාරයට නියෝජිතයන් තෝරා පත් කර ගැනීම සඳහා පැවැති නිලවරණයෙන් විපක්ෂ කණ්ඩායම බලය තහවුරු කරගෙන තිබේ.
ලංකාවේ විශාලතම සමූපකාරය වන බෙරලපනාතර සමූපේ ඡන්ද විමසීමේදී 84ට 15ක් ලෙස ජයග්‍රහණය කිරීමට පොදු විපක්ෂය සමත් විය.
ලංකා ගමනාගමන මණ්ඩලයේ වෘත්තීය සමිති අටක නියෝජිතයන් සඳහා විවෘත නිදහස් ගමන් අවසර පත්‍ර 138ක් නිකුත් කිරීමෙන් රුපියල් කෝටි හතරකට වැඩි පාඩුවක් සිදුව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
එසේම හුවමාරු පදනම මත දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ලබා ගත් දුම්රිය නිදහස් ගමන් අවසර පත් විසි දෙකක් වෘත්තිය සමිති සඳහා ලබාදීමෙන් තවත් කෝටි දෙකකට වැඩි පාඩුවක් සිදුව ඇතැයි ජාතික විගණන කාර්යාලය පැවසීය
රජය පිළිගත් වෘත්තිය සමිති සම්මේලනයක් වෙනුවෙන් නිලධාරීන් දෙදෙනකු පූර්ණ කාලීනව සම්මේලනයේ කටයුතු සඳහා නිදහස් කළ හැකි බවත් එසේ මුදා හරින නිලධාරියෙකුට දිවයිනේ ඕනෑම ස්ථානයකට ගමන් කිරීම සඳහා නිදහස් දුම්රිය බලපත්‍ර සහ ලංකා ගමනාගමන මණ්ඩලයේ නිදහස් ප්‍රවේශ පත්‍ර ලබාදිය යුතු බවත් පැවසිය. කෙසේ වෙතත් ඉහත නිදහස් ගමන් බලපත්‍ර නිකුත් කර ඇත්තේ ඒ නීතියට පටහැනිව බවද එම වාර්තාව ප්‍රකාශ කරයි.
මේ තොරතුරු සඳහන් වන්නේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ 2023 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන ලේඛනයේය.
( lankadeepa | සුජිත් හේවාජුලිගේ)
ලංගම බස් රථ අලුත්වැඩියා කිරීමට සපයන අමතර කොටස්වල ප්‍රමිතිය අන්තිම සවුත්තු යැයි ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා ඇමැති බිමල් රත්නායක පාර්ලිමේන්තුවේදී ඊයේ (11දා) පැවසීය.
තමන්ට ජීවිත තර්ජන ඇති බැවින් යාපනයට පැමිණිය නොහැකි බැවින් 2011 වර්ෂයේදී යාපනයේදී අතුරුදන් කළ දේශපාලන ක්‍රියාකාරීන් දෙදෙනෙකු වූ ලලිත් කුමාර් වීරිරාජ් සහ කුගන් මුරුගානන්දන්ගේ අතුරුදහන් කිරීමට අදාළ නඩුවේ සාක්ෂි ලබා දීම ඔන්ලයින් මාර්ග ගත ක්‍රමය ඔස්සේ ලබා දිමට අවසර ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ලිඛිත ඉල්ලීමක් සිදු කර ඇත.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක පොලිස් පරිපාලන තනතුරෙන් ඉවත් කර ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.
විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කරනු ලබන්නේම විදුලි බිල අඩු කිරීම ඉලක්ක කරගෙන බව කැබිනට් ප්‍රකාශක, ඇමැති, වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසීය.
ඔහු මේබව කියා සිටියේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (08) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ය.
විදුලි බිල අඩු වුණ අවස්ථා, වැඩි වුණ අවස්ථා සහ අඩු වැඩි නොකර පවත්වා ගෙන ගිය අවස්ථාවලුත් තිබුණ බව හෙතෙම කීවේය.
ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේ ද පැවසීය.
“කාලයක් තිස්සේ විදුලිබල මණ්ඩලය අරගෙන ආව පාඩුවක් තිබෙනවා. මහජන අදහස් විමසීමේ ක්‍රියාවලියක තමයි මහජන උපයෝගිතා කොමිසම ඉන්නේ. විදුලි බිලේ කොහොම සංශෝධනයක් කරනව ද කියන එක තාමත් මහජන උපයෝගිතා කොමිසම ප්‍රකාශයට පත් කරලා නැහැ. විදුලිබල මණ්ඩලයත් යෝජනාවක් ඉදිරිපත් කරලා තිබෙනවා. මහජනතාවත් විවිධ දේ ප්‍රකාශයට පත් කරලා තිබෙනවා. ඒ සියල්ල මත පදනම් වෙලා විදුලි බිල ගැන මහජන උපයෝගිතා කොමිසම තීරණයක් ලබාගනීවි.
පාරිභෝගිකයන්ගේ පැත්තෙන් එන ඉල්ලීම, කර්මාන්තකරුවන්ගේ හා ආයෝජකයන්ගෙන් එන ඉල්ලීම් සියල්ල සලකා බලමින් විදුලිබල මණ්ඩලය ලාභ ලබන ආයතනයක් බවට පත් කරගැනීමට නම්, අනිවාර්යෙන්ම ප්‍රතිව්‍යුහගතකරණයට යා යුතු වෙනවා. ඉංජිනේරුවන්ට සහ කාර්ය මණ්ඩලයට කිසිදු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔබ දැනටමත් සේවය කරමින් ඉන්න ඒ ඒ අංශවලට ඇතුළත් වෙන්න. එහෙම නැතුව කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.”
(නුවන් කොඩිකාර)
1937 නොවෙම්බර් 25 වැනි දින කෑගල්ලේ ප්‍රදේශයේ රන්දෙණිය ග්‍රාමයේ දී නන්දසේන සමරසිංහ නමින් උපත ලද මොහු කලා ලොව තුළ සේන සමරසිංහ නමින් ප්‍රකට විය.
කෘෂිකර්ම පශුසම්පත් ඉඩම් හා වාරිමාර්ග කැබිනට් අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳව ජාත්‍යාන්තර සම්මුති (ICCPR පනත) උල්ලංඝනය කරමින් බෞද්ධාගමට සහ මහා සංඝ රත්නයට අපහාස කර ඇතැයි නාමල් රාජපක්ෂ පැවසී ය.
ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිල ගණන් සංශෝධනය කර ඇත.
අපේ රටේ ජාතික තේ නිෂ්පාදනයට 60%ක් හෝ ඊට ආසන්න ප්‍රමාණයක් කුඩා තේවතු හිමියන් දායකත්වය ලබා දෙන අතර ඔවුන්ට තේ වතු ඉඩම්වලින් 30%ක හෝ 40%ක හිමිකම් තිබෙන බවත්, මෙසේ අඩු ඉඩම් ප්‍රමාණයක් ඇති අය විශාල දායකත්වයක් ලබා දෙන විට වැඩි ඉඩම් අයිතියක් ඇති රාජ්‍ය සමාගම් හෝ පෞද්ගලික වතු සමාගම් ලබා දෙන්නේ අඩු දායකත්වයක් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
ළමයින් හට ලිංගික අධ්‍යාපනය ලබා දීමට එරෙහිව විවිධ ආගම් නියෝජනය කරන පිරිස් එදා 'හතේ අපේ පොත' අධ්‍යාපනික කෘතියට විරුද්ධ වූවා සේම නැවත වතාවක් විරුද්ධත්වය දක්විමට පෙලඹී සිටිති.
බටහිර සහ ලතින් ඇමරිකාවේ වාමාංශිකයින් ලිංගික ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඉතාම ලිබරල් ආකල්පයක සිට කටයුතු කළ ද අවාසනාවකට ජවිපෙ ලිංගික ක්‍රියාවලිය සම්බන්ධයෙන් දෙබිඩි සහ කුහක පිළිවෙතක් අනුගමනය කරන්නේ යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
ලිංගිකත්වය සහ සමාජීය පදනම පිළිබඳව කතා නොකරන සමාජයක පැහැදිලි කිරීම් නැති බවත්, පැහැදිලි කිරීම් නැති සමාජයක දැනුම නැතුවා සේ ම තේරුම් ගැනීම් ද නැතැයි.
ලිබියානු යුද හමුදාපති මොහොමඩ් අලි අහ්මඩ් අල් හඩාඩ්, තුර්කියේ අන්කාර නුවර ආසන්නයේ සිදුවූ ගුවන් අනතුරකින් මියගොස් තිබේ.
පැරිසියේ ලූවර් කෞතුකාගාරයේ මෑතක දී සිදු වූ පුරාවස්තු සොරකම ජාත්‍යන්තර අවධානය දිනාගත් මෑතකලීන විශෙෂ සිදුවීමක්.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

