දරුවන් හිංසනයට ලක්වීම වැළැක්වීම සහ දරුවන් ශික්ෂණයට ලක් කිරීම සම්බන්ධයෙන් ලාංකේය සමාජය තුළ සංවාදයක් නිර්මාණය වීම සාධනීය තත්ත්වයක් බව ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම්, කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ පවසයි.
කෙසේ වෙතත් නව නීති සංශෝධන යටතේ ගුරු-විදුහල්පතිවරුන් අගතියට පත් වන බවට පළවන අදහස් ප්‍රතික්ෂේප කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.
නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ මේ බව ප්‍රකාශ කළේ ලංකා ගුරුසේවා සංගමය විසින් ඊයේ (29) කොළඹදී කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
දරුවන් සම්බන්ධයෙන් මේ වනවිටත් නීති, රීති සහ චක්‍රලේඛ රැසක් පවතින බව පෙන්වා දෙන මහින්ද ජයසිංහ වැඩිදුරටත් සඳහන් කළේ, මෙරට ගුරු-විදුහල්පතිවරුන් අනේකවිධ දුෂ්කරතා මධ්‍යයේ වුවද දරුවන් ශික්ෂණය කිරීමට මේ වනවිටත් කටයුතු කරමින් සිටින පිරිසක් බවයි.
මෙරට පාසල් අධ්‍යාපන ක්‍රියාවලිය නූතනත්වයට ගෙන එමින් ශික්ෂණයක් සහිත ශිෂ්‍ය ප්‍රජාවක් මෙන්ම ඉහළ වෘත්තීමයභාවයක් සහිත ගුරු-විදුහල්පති සේවයක් නිර්මාණය කිරීම වත්මන් රජයේ ප්‍රමුඛ අරමුණ වන බවද නියෝජ්‍ය ඇමතිවරයා පෙන්වා දුන්නේය.
මේ එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ මහින්ද ජයසිංහ,
"පසුගිය 25 වැනිදා දණ්ඩ නීති සංග්‍රහයට අදාළ සංශෝධන කිහිපයක් සම්බන්ධයෙන් විවාදයක් පැවැත්වුණා. අදාළ සංශෝධන සම්බන්ධයෙන් සාකච්ඡා, අදහස්, යෝජනා ගැන රජය තුළත් ඉන් බාහිරවත් සංවාදයක් නිර්මාණය වෙලා. එය ඉතා සාධනීය තත්ත්වයක්. ලංකාවේ ගුරුවරු කියලා කියන්නේ දරුවන් වෙනුවෙන් විවිධ කැපකිරීම් කරන පිරිසක්. 1907 වසරේ සිටම දරුවන්ට දඬුවම් කිරීම සම්බන්ධයෙන් විවිධ චක්‍රලේඛ මේ දක්වා නිකුත් කරලා තියනවා. පරාජිත පිරිස් මේ සම්බන්ධයෙන් අසත්‍ය සහ සාවද්‍ය අදහස් සමාජ ගත කරමින් ඉන්නවා. එවැනි අදහස්වලට නොරැවටෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. අපි හැමදාමත් පාසල් ශිෂ්‍ය ප්‍රජාව සහ ගුරු-විදුහල්පතිවරුන් වෙනුවෙන් පෙනී සිටියේ නිස්සරණධ්‍යාශයෙන්. ඉදිරියටත් ඒක එහෙමයි."
දරුවන්ට තලා සතුටුවීම අහිමිවීමෙන් හටගත් වේදනාව
ළමුන්ට දඬුවම් කිරීම සම්බන්ධයෙන් පසුගිය සතයේ නීති රීති සංශෝධනය කිරීම පිළිබඳව බිල්ලන් මැවීමට විපක්ෂය කටයුතු කළ ද, මේ සම්බන්ධ චක්‍රලේඛයක් 2016 දී නිකුත් කර ඇති බව ඔවුන්ට අමතක වී ඇතැයි lankatruth වාර්තා කරයි.
එම වාර්තාවේ සඳහන් පරිදි, එවකට අධ්‍යාපන අමාත්‍යංශයේ හිටපු ලේකම් ඩබ්ලිව්. එම්. බන්දුසේනගේ අත්සනින් 2016 අප්‍රේල් 29 වෙනි දින එම චක්‍රලේඛය නිකුත් කර ඇත.
වැඩිහිටියන් සහ ගුරුවරුන් විසින් ශාරීරිකව හෝ මානසිකව පීඩා සිදුවන ආකාරයට දඬුවම් කරන ආකාර 9ක් පිළිබඳව නිර්ණායක සහිතව 2016 අංක 12 දරන එම චක්‍රලේඛයෙන් හඳුන්වා දී තිබේ.
මේ සම්බන්ධයෙන් කරුණු දක්වන ඇතැම් විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ දරුවන්ට දඬුවම් ලබා දීමෙන් වින්දනයක් ලබන ඉතා සුළු පිරිසකගේ එම අවකාශය අහිමි වීමේ වේදනාවෙන් නොයෙක් අසත්‍ය චෝදනා එල්ල කරන බව ය.
The leader.lk
සමාජ මාධ්‍යවල සංසරණය වන, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සමග තමා පෙනී සිටින ආකාරය දැක්වෙන ඡායාරූපයේ සිටින්නේ තමා නොවන බව සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි අවධාරණය කරයි.
ජනතා විමුක්ති පෙරමුණ 2004 වසරේදී මහින්ද රාජපක්ෂ සමග ගිවිසුම්ගත වුණේ රනිල් වික්‍රමසිංහ රට පාවාදීමට සහ රට විකිණීමට ගෙනගිය වැඩපිළිවෙළ පරාජය කිරීමට බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ පවසයි.
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් වරදකරු වී සිරදඬුවම් නියම වී සිටින මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු විසින් එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කර තිබෙන අභියාචනා ජනවාරි මස 20 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.
අග්නිදිග ආසියානු කලාපයේ පැරණිතම සහ ප්‍රචලිතම අන්තර්ජාතික සිනමා උළෙල ලෙසට සැලකෙන සිංගප්පූරු අන්තර්ජාතික සිනමා උළෙලේ (SINGAPORE INTERNATIONAL FILM FESTIVAL) 36 වෙනි අදියර එළෙඹෙන නොවැම්බර් මස 26 වෙනි දින සිට දෙසැම්බර් මස 07 වෙනිදා දක්වා පැවැත්වීමට නියමිත ය.
ඊයේ පාර්ලිමේන්තුවේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක කළ කතාවේ දී ඔහු ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ඉල්ලීමක් ඉතා කාරුණිකව ප්‍රතික්ෂේප කළ බව සඳහන් කළේ ය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ (Prevention of Terrorism Act - PTA) 9(ආ)(1) වගන්තිය අනුව, 1994 අංක 22 දරන වධහිංසා සහ අනෙකුත් කුරිරු, අමානුෂික හෝ අවමාන සහගත සැලකීම් හෝ දඬුවම් වැළැක්වීමේ සම්මුති පනත මඟින් ලබාදී ඇති ආරක්ෂාව ඔ්නෑම සැකකරුට හිමිවන බව තහවුරු කිරීම මහේස්ත්‍රාත්වරයා ගේ වගකීමක් යයි ඒක්සත් ජාතික පක්ෂය නිකුත් කල නිවේදනයක සඳහන් වේ.
පසුගිය 24වෙනි දා රනිල්ගෙ උපන් දිනේ...
මුලින්ම ඔවුහූ
දෙස් විදෙස් කලාකරුවන්ගේ නිර්මාණ රැසකින් සමන්විත මාතර කලා උළෙලේ (Matara Festival for the Arts) සමාරම්භක උත්සවය පෙබරවාරි 19 දින අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ගේ ප්‍රධානත්වයෙන් මාතර කොටුව පැරණි මහාධිකරණ පරිශ්‍රයේ දී පැවැත්විණි.
මාතර දිස්ත්‍රික්කය පුරා සිදු කරන අලුත් අවුරුදු ප්‍රචාරක ක්‍රියා සියල්ල නවත්වන්නැයි මාතර පොලිසිය දන්වා ඇතැයි හිටපු ප්‍රවීණ ගුවන් විදුලි නිවේදකයකු වන එල්බට් ඩොමිනිකෝන් පැවසී ය.
මාතර දිස්ත්‍රික්කයට සුළු ගංවතුර තත්ත්වයක් පවතින බව මාතර ආපදා කළමණාකරන ඒකකය සඳහන් කරයි.
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස හැකි ඉක්මනින් වායු සමීකරණය කර දෙන ලෙස මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තු ප්‍රධානීන්ගෙන් මෑතකදී ඉල්ලීම් කර ඇති බවත්, දැඩි මූල්‍යමය දුෂ්කරතා හේතුවෙන් ඒ සම්බන්ධයෙන් මේ වසරේ කටයුතු කිරීම අපහසු බවත් ලබන වසරේදී ඒ ගැන සලකා බලන බවත් ආරංචි මාර්ග සඳහන් කරයි.
අරුණ පුවත්පතේ ප්‍රධාන කර්තෘ මහින්ද ඉලේපෙරුම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු වෙත කැඳවීම, සමස්ත මාධ්‍යවේදීන්ටම කරන අනතුරු ඇඟවීමක් හා මර්දනයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
රටේ හතරවන ආණ්ඩුව ලෙස සැලකෙන මාධ්‍යය වාරණයකට සූදානම් වන්නට එපා යැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රිනී එස්.එම්. මරික්කාර් පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
ලාංකීය ජනතාව සිය පරමාධිපත්‍ය බලය උපයෝගී කරගනිමින් වත්මන් පාලකයින් බලයට පත් කළේ සිහිබුද්ධියෙන් යුතුව රාජ්‍ය කටයුතු පරිපාලනය කිරීම සඳහා වුව ද තමන් අතට පත් වූ දේශපාලන අධිකාරී බලය අත්තනෝමතික ලෙස භාවිතා කරමින් පුරවැසියා මර්දනය කිරීමට රජය දරන උත්සාහය ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය (SLWJA) පිළිකුළෙන් යුතුව හෙළා දකින බව එම සංගමය සඳහන් කරයි.
මාධ්‍යයේ කාර්යභාරය වන්නේ සිදුවන කරුණු පිළිබඳව ජනතාව දැනුවත් කිරීම වන අතර, එය රජයට හෝ විපක්ෂයට අසාධාරණයක් ලෙස බැලීම වැරදියි යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න පැවසී ය.
ජංගම දුරකතනයක් හෝ කැමරාවක් අත තිබූ පමණින් ම කිසිවකු මාධ්‍යවේදයකු වන්නේ නැතැයි ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමතිනි කෞෂල්‍යා ආරියරත්න පැවසුවා ය.
ප්‍රවීණ මාධ්‍යවේදියකු වන දයා නෙත්තසිංහ සොයුරා ගේ පියා (එන්.දයානන්ද) අභාවප්‍රාප්ත වී තිබේ.
මාධ්‍යවේදී ශානුක කරුණාරත්නගේ බිරිඳ වන මනෝජා මධුවන්ති අද (11) දහවල් අභාවප්‍රාප්ත වී ඇත.
කලක් රෝගාතුරව සිටි ඇය මියදෙනවිට 42 වියෙහි පසුවූාය.
මහජන බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ සේවය කළ මනෝජා දෙදරු මවකි.
දේහය අවසන් ගෞරව සඳහා හෙට උදෑසන සිට බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැම්පත් කිරීමට කටයුතු සුදානම් කර ඇත.
දේහය පිලිබඳ අවසන් කටයුතු සඳුදා (13) දිනයේ සවස 5.30ට බොරුල්ල පොදු සුසාන භූමියේදි සිදුකිරීමට නියමිත බව පවුලේ ආරංචි මාර්ග පවසයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

