තායිලන්තයේ ඉහළ පෙළේ මහනාහිමිපාණන් වහන්සේ නමකට Buddha’s Physician පොත පිරිනැමීමට ලැබීම ඉමහත් භාග්‍යයක් යැයි ප්‍රවීණ ලේඛක අජන්ත සෙනවිරත්න පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ඔහු විසින් රචිත Buddha’s Physician කෘතිය කැලණිය රජමහ විහාරයේ දී තායිලන්ත ජාතික පූජ්‍ය ෆ්‍රා ෆෝතිවයිට්ස් වජිරොඩම් (නාරොං උත්තමවන්සෝ) නාහිමිපාණන්වහන්සේ වෙත පිරිනැමූ අවස්ථාවේ ය.
එම අවස්ථාවේ දී අදහස් පළ කළ අජන්ත සෙනවිරත්න...
වෛද්‍ය විද්‍යාවේ පියා
ගෞතම බුදුන්ටත් වෙදකම් කිරීමට තරම් පින්වන්ත වූ ජීවක කෝමාරභච්ච වෙදැදුරු අලළා මා ලියූ ඉංග්‍රීසි නවකතාව Buddha’s Physician යි; පරපුරක ජීවක එහි සිංහල නවකතාව යි. තායිලන්ත වැසියන් ජීවක කෝමාරභච්ච වෙදැදුරුට බොහෝ සේ වැඳුම් පිදුම් කරනවා. තායි ජාතිකයෝ වෛද්‍ය ෂිවාගෝ (චිවොක්) නමින් එතුමන්ව හඳුන්වනු ලබන අතර වෛද්‍ය විද්‍යාවේ පියා ලෙස සලකනවා. මේ හේතූන් නිසා අද දිනයේදී පූජ්‍ය ෆ්‍රා ෆෝතිවයිට්ස් වජිරොඩම් (නාරොං උත්තමවන්සෝ) නාහිමිපාණන්වහන්සේට මේ පොත නමස්කාරපූර්වකව පිරිනැමීමට ලැබීම වටිනා අවස්ථාවක්. උන්වහන්සේ ඉන්දියානු ජනරජයේ උත්තර් ප්‍රදේශ්හි වොට් ෆ්‍රා රාම් අයෝධ්‍යාවේ ආරාමාධිපති ලෙසත්, ඉන්දියාවේ සහ නේපාලයේ ධම්මදූත මෙහෙවරයන්හී විශේෂ කටයුතු අංශයේ ප්‍රධානියා ලෙසත් කටයුතු කරනවා.
කැලණිය රජමහ විහාරයේ දී මේ උතුම් කටයුත්ත සිදුකරලීමට මාහට ඉඩප්‍රස්ථාව ලබා දුන් දිලන්ත විතානගේ, නුවන් විජේසිංහ සහ හේමකුමාර ගුණසේකර සොහොයුරන්ට මම බෙහෙවින්ම කෘතඥ වෙනවා.

