ජේ. ආර්. ජයවර්ධන පැවසූ පරිදි 'අධිරාජ්‍යවාදය' නමැති භීතිකාව අපි දැන් ඉවත් කළ යුතු යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
අපිට, එනම් රටට දැන් බාහිර සතුරන් නොමැති බවත්, සිටිනවා නමි සිටින්නේ අභ්‍යන්තර සතුරන් බවත් ජේ. ආර්. ජයවර්ධන පැහැදිලි කළ බව ද දීප්ති සිහිපත් කළේ ය.
එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ රටෙහි පවතින නීතිය අනුව ජනාධිපති ගේ පෞද්ගලික සංචාරය යනුවෙන් යමක් නැති බවයි.
එනම් ජනාධිපති යනු ජනාධිපති ම වන අතර එසේ නම් අනුර කුමාර දිසානායක සිය මව ගේ දුක සැප බැලීමට යෑම ද පුද්ගලික ගමනක් වන්නේ යැයි ද හෙතෙම පැහැදිලි කළේ ය.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
සටහන - ජයසිරි අලවත්ත

