ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවනය සහ මෙරට තුළ යළි ගොඩනැගී ඇති ආයෝජක විශ්වාසය ජාත්‍යන්තර අවධානයට යොමු කරමින්, මෙම මස 30වෙනි දා කොළඹ දී පැවැත්වීමට නියමිතව තිබූ 'Invest in Sri Lanka 2026' ආයෝජන සමුළුව දින නියමක් නොමැතිව කල් දමා ඇත.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) විසින් යුරෝපා සංගමය, ආසියානු සංවර්ධන බැංකුව සහ එක්සත් ජාතීන්ගේ ESCAP ආයතනය සමඟ එක්ව සංවිධානය කරනු ලබන මෙම සුවිශේෂී සමුළුව මෙම 30වන දින සිනමන් ලයිෆ් (Cinnamon Life) පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතව තිබූ බවත් මැද පෙරදිග යුදමය වාතාවරණය හේතුකොට ගෙන එම සමුළුව දින නියමයක් නොමැතිව කල් දැමූ බවත් ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් රේණුකා එම්. වීරකෝන් පැවසුවා ය.
ජේ.මුණසිංහ


