ජනාධිපති අනුර කුමාර දිසානායක මෙවර ජපානයට ගියේ ඩඩ්ලිලාගේ අනුග්‍රහයෙන් බවත්, ඒ ගියෙත් ඉල්ලා අස්වෙච්ච අගමැති කෙනෙක් හමුවීමට බවත්, ඉන් රටට කිසිඳු වාසියක් අත්නොවූ බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ප්‍රකාශ කළේ ය.
ආන්දෝලනාත්මක ලන්ඩන් සංචාරයෙදී මහජන මුදල් අවභාවිතවක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට එල්ලකළ චෝදනාවම අනාගතයේදී අනුර කුමාර දිසානායකට එල්ලවෙන බවද ඔහු කියා සිටියි.
විමල් වීරවංශ එබව කියා සිටියේ, ඊයේ ''සලකුණ'' දේශපාලන වැඩසටහනේදී අදහස් දක්වමිනි.
'' එදා සිරිමාවෝ යද්දි කොහොමද පිටරට පිළිගැනීම? අද කෝ ඒවා! අනුරව පිළිගන්න ඇමැති කෙනෙක්වත් ගුවන්තොටුපොළට ආවද? '' විමල් තවදුරටත් පැවසිය.
එහිදී විමල් වීරවංශ අවධාරණය කර සිටියේ, මෙම සංචාරයෙන් රටට වාසියක් නැති බවත්, හිටපු අගමැතිවරයකු හමුවීම සදහා ජනාධිපතිවරයා ගොස් ඇති බවත්ය.
විමල් විරවංශ එම වැඩසටහනේදී කල ප්‍රකාශය සහිත වීඩියෝවක් මතු පළවේ.