''සිපීර්'' කියවන්න; 07වෙනි දා ගම්පහ එන්න

''සිපීර්'' කියවන්න; 07වෙනි දා ගම්පහ එන්න

සෑම සෙනසුරාදාවකම පැවැත්වෙන The Asian Review Sinhala ලේඛක-පාඨක සහෘද කතාබහ මෙවර වෙන්වන්නේ මො.ල. සෙනෙවිරත්නගේ 'සිපීර්' කෘතිය පිළිබඳ සහෘද කතාබහට ය.

පෙබරවාරි 07 වෙනි සෙනසුරාදා උදේ 10 ට පැවැත්වෙන මෙම කතාබහට සම්බන්ධ වීම සඳහා ගම්පහ විශාකා පාරේ අංක 16 දරණ ස්ථානයේ පිහිටි ආසියානු සාහිත්‍ය නිවහනට එන්න ඔබටත් පුළුවන්.

තැන හරියටම බලාගන්න මේ Google Map යොමුවෙන්: https://goo.gl/maps/2EiZn1NbvFvusYEW7

මෙම කෘතිය පිළිබඳ කතාබහේ දී: අනිල් හේරත්, හසිත කැකුලාවල සහ භූෂන් ප්‍රදීප් කණ්ඩම්බි ප්‍රධාන අදහස් දැක්වීමෙන් සම්බන්ධ වීමට නියමිත ය.

මෙවර පැවැත්වෙන 93වන සාකච්ඡා මණ්ඩපය මෙහෙයවනු ලබන්නේ පැතුම් පුංචිහේවා විසිනි.

විවෘත සංවාද මණ්ඩපයක් වන මෙහිදී 'සිපීර්' කෘතිය පිළිබඳව උනන්දුවක් දක්වන සාහිත්‍ය රසික ඔබ සැමට ඔබේ අදහස් බෙදා හදාගැනීමට පුළුවන්.

'සිපීර්' කෘතිය කියවූ නොකියවූ ඔබ සැමට ඔබේ අදහස් බෙදාහදා ගන්නට, සංස්කෘතික සති අන්තයක් ගතකරන්නට, මේ සාහිත්‍ය කතිකාවට එක්වන ලෙස ආදරයෙන් ඇරයුම් කරනවා!

එදිනට විශේෂ වට්ටමක් සහිතව 'සිපීර්' කෘතිය මිලදී ගන්නත් ඔබට හැකියි.

එහෙනම්, පෙබරවාරි 07 වැනි සෙනසුරාදා හමුවෙමු.

The Asian Review Sinhala සංවිධානය කරන ‘සෙනසුරාදා ලේඛක-පාඨක හමුව’ ට සහභාගී වෙන්න ඔබෙන් කිසිදු මුදලක් අය නොකරයි.

එය සම්පූර්ණයෙන්ම ඔබ වෙනුවෙන්මයි!

 

sipir1

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න