නුගේගොඩ පැවති රැළියට දිලිත් ජයවීර සහභාගී නොවීම ශ්‍රී ලංකාවේ දේශපාලන ක්ෂේත්රය තුළ බොහෝ දෙනාගේ විමතියට හේතු විය.
ආපදා හේතුවෙන් පීඩාවට පත් වුණ ජනතාවට හිමිවෙන විදෙස් ආධාර නිසි සම්බන්ධීකරණයකින් අදාළ පිරිස වෙත ලබාදීමට ජාතික මට්ටමේ කමිටුවක් ජනාධිපතිවරයා විසින් පත්කර තිබේ.
එදා විපක්ෂයේ සිටි අනුර, විජිත, හරිනි තිදෙනාම 21වන සංශෝදනයට අත ඒසවුව ද ඒ 21වන සංශෝධනයේ මුඛ්‍ය අරමුණු තුනෙන් ප්‍රධානම කරුණක් කඩකරන තැනට ආණ්ඩුව කටයුතු කරමින් සිටින්නේ යැයි කටුගම්පල ආසන සංවිධායක මහාචාර්ය චරිත හේරත් පැවසී ය.
එදා ප්රජාතන්ත්රවාදය පිළිබඳ කතා කළ හරිනි අමරසූරිය අද විශ්වවිද්‍යාල පද්ධතියේ ඒකාධිපතිවාදය ඇති කිරිම වෙනුවෙන් කටයුතු කරන්නේ කෙසේ ද යන්න පහදන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
අවබෝධයකින් තොර රාජ්‍ය පාලනයෙන් සිදු වී ඇත්තේ ශ්‍රී ලංකාව ලෝකයා ඉදිරියේ හෑල්ලුවට ලක් වීම බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වෙනි වගන්තිය, 149 වෙනි වගන්තිය, 150 වෙනි වගන්තිය, 151 වෙනි වගන්තිය සහ 152 වෙනි යන වගන්ති යටතේ සම්පූර්ණ මූල්‍ය වගකීම තිබෙන්නේ පාර්ලිමේන්තුව සතුව බවත්,
එප්පාවලදී මත්ද්‍රව්‍ය චෝදනාවකට අත්අඩංගුවට ගනු ලැබූ විදුහල්පතිවරයාගේ බිරිඳ බව කියන දිස්නා නිරංජලා පෑලියගොඩ නාගරික මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වූ බව එම නගර සභාවේ සභාපති කපිල සමන් කීර්ති පැවසීය.
මේ මොහොතේ රටේ පවතින අර්බුදකාරී තත්ත්වය සමනය කර ගැනීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉදිරිපත් කරන යෝජනා ප්‍රතික්ෂේප කරන ජනාධිපතිවරයා ටික දිනකින් එම යෝජනා ම ක්‍රියාත්මක කරන්නේ යැයි සමගි ජන බලවේගය පක්ෂයේ හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ පැවසී ය.
එල්-නිනෝ දේශගුණික බලපෑමට මුහුණදීම සඳහා පත් කරන ලද විශේෂ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ සහ නිලධාරී කමිටුවේ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
ඉදිරියේදී ඇති විය හැකි එල්-නිනෝ දේශගුණික බලපෑමට මුහුණ දීම සඳහා අවශ්‍ය පියවර ගැනීම වෙනුවෙන් පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි ගේ සභාපතීත්වයෙන් යුතුව පත් කළ විශේෂ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව සහ නිලධාරී කමිටුව පළමු වරට ජනාධිපති කාර්යාලයේ දී ඊයේ (30) රැස් වූහ.
පලෙයි රක්ෂිතයේ එල්. ටී. ටී. ඊ. ත්‍රස්ත සංවිධානයට අයත් කඳවුරක් ඇති බවට ව්‍යාජ පුවතක් ජනගත කිරීමේ සිද්ධියට අදාළව පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් සංගීත් ජයසේකර නමැති පුද්ගලයා ලබන 2 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද ( 19) නියෝග කළේ ය.
නැවත වරක්, එල්ලුම්කරුවා ගේ අවතාරය ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති කතිකාව බවට පත්ව තිබේ. 2026 අගෝස්තු 10වන දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස්වූ “රටම එකට” ජාතික මෙහෙයුම් සභාවේ දී, රට තුළ නැඹුරු වෙමින් පවතින මත්ද්‍රව්‍ය අර්බුදයට දැක්විය හැකි ප්‍රතිචාරයක් ලෙස, මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි සඳහා මරණ දණ්ඩනය පැනවීම මතු කර ඇත. අවසන් තීරණයක් ගෙන නොමැති බව කැබිනට් ප්‍රකාශකවරයා ඉන්පසුව පැහැදිලි කර ඇත. එවැනි කිසියම් තීරණයක් ගැනීමට පෙර, ඉතිහාසය ගැන, සාක්ෂි ගැන, සහ ජාතිය ආරක්ෂා කරන බවට කියා සිටින සාරධර්ම ගැන මොහොතක් නැවතී සිතා බැලීම ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ වගකීමක් වේ.
එළඹෙන මැතිවරණයක දී දකුණෙහි තීරණාත්මක ඡන්ද ප්‍රමාණයක් ජනතා විමුක්ති පෙරමුණට නොලැබෙන බවත්, ඡන්ද ප්‍රමාණය වැඩි කරගන්නේ නම් එය වැඩි කරගත යුත්තේ සුළු ජාතික ඡන්දවලින් යැයි දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය.
රටතුළ පවතින ආපදා තත්වයත් සමඟ එළවළු මිල තුන්ගුණයකටත් වඩා ද, මාළු මිල දෙගුණයකින් ද, අද (30) පෙරවරුවේ ඉහළ ගොස් තිබුණි.
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් වගා බිම් රැසක් විනාශ වූ අතර ඒ හේතුවෙන් මේ දිනවල එළවළු මිලද සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.
චිත්‍රපට කර්මාන්තය නවීකරණය කිරීමේ සහ රාජ්‍යයේ දශක පහක භූමිකාව ව්‍යාපාරික තරඟකරුවෙකුගේ සිට නියාමන සහ ප්‍රවර්ධන ආයතනයක් දක්වා වෙනස් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සභාවක් පිහිටුවීමට රජය තීරණය කර තිබේ.
ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුව කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේදී අද (11) පැවැත්විණි.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ගේ ශ්‍රී ලංකා සංචාරයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ පැවැත් වූ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී ගේ මැදිහත්වීමෙන් සහ ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහයෙන් මෙරටට වැඩම කරවූ “ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වන්දනාවේ” සමාරම්භය සනිටුහන් කරමින් ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වෙත ප්‍රථම මල් පූජාව සිදු කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක අතින් අද (04) පස්වරුවේ සිදු විය.
කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ ඔක්තෝම්බර් මාසයේ උද්ධමන අනුපාතය සියයට 2.1 ක් දක්වා වැඩි වී ඇත.
2022 වසරේ කතාව කළ අරගලයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ඝාතනය කළා යැයි 12 දෙනෙකුට මරණ දඩුවම දීම පිළිබඳ අදහස් දක්වමින් ගාලුමුවදොර අරගලකරුවන් අද මාධ්‍ය හමුවක් පැවැත්වි ය.
ඔස්ට්‍රේලියාව අද (10) වයස අවුරුදු 16ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය තහනම් කළ ලොව පළමු රට බවට පත් විය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

