මිග්යානා ගෙන්වීමේ දී මූල්‍ය වංචා සිදු කළ බවට වන චෝදනාවලට අදාළව රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග ඇතුළු පිරිසකට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ කොට්ඨාශය විසින් පවරනු ලැබ ඇති නඩුව ජනවාරි 6 වන දින යළි කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (2) නියෝග කළේය.
ප්‍රශ්නගත මිග් යානා අටක් ගෙන්වීමෙන් රජයට පාඩු කළ බවට හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග ඇතුළු පිරිසකට එරෙහිව පවරා ඇති නඩුව නීතිපති උපදෙස් සඳහා ලබන සැප්තැම්බර් මස 02 යළි කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (13) නියෝග කළේ ය.
රට තුළ පවතින ඕනෑම අර්බුදකාරි අවස්ථාවක දී වුව ද රෝහල් පද්ධතිය සහ එහි පාර්ශවකරුවන් ආරක්ෂා කරමින් අවශ්‍ය මූලික පහසුකම් සපයමින් නිදහස් සෞඛ්‍ය සේවාවේ අඛණ්ඩතාව ආරක්ෂා කිරීම ඕනෑම රජයක අත්හල නොහැකි වගකීමක් යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
උපසම්පදා පුණ්‍ය කර්මය සම්බන්ධයෙන් සියම් මහ නිකායේ මල්වතු හා අස්ගිරි පාර්ශවයේ භික්ෂූන් වහන්සේ දැනුවත් කිරීමේ වැඩමුළුවක් එම පාර්ශවයන්හි අනුනායක හිමියන් ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී දළදා මාලිගාවේ දී පැවැත්විණි.
පිවිතුරු හෙළ උරුමය රටේ දරුවන් ගැන සිතන, අධ්‍යාපනයේ වටිනාකම හඳුනන දේශපාලන ව්‍යාපාරයක් ලෙස, අද දවසේ උසස් පෙළ දරුවන් මුහුණ දෙන අසාධාරණය සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් පැවරීමට කටයුතු කළා යැයි පිවිතුරු හෙළ උරුමය ප්රචාරක ලේකම් අංජන උදාර පැවසී ය.
මේ මොහොත වන විට රටේ රාජ්‍ය සේවයේ ඉහළ සුදුසුකම් ලැබූ, නමුත් පහළ තනතුරුවල සේවය කරන පිරිසක් සිටින බවත්, මේ ඌන සේවා උපාධිධාරීන්ට ද රටේ නිදහස් අධ්‍යාපනයේ ගුරු සේවයට ප්‍රවේශ වීමට අවස්ථාව ලබා දිය යුතු බවත්, ගුරු සේවයට ප්‍රවේශ වීමේ දී වලංගු උපාධි දිනය ලෙස 2025 දෙසැම්බර් 31 දක්වා දීර්ඝ විය යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
ශ්‍රී ලංකාවේ වෛද්‍ය ක්ෂේත්රයේ මෙන් ම රෝහල් පද්ධතිය තුළ පවත්නා ගැටලු පිලිබඳව රජය සමග කළ සාකච්ඡාවල දීතම පාර්ශ්වයෙන් ඉදිරිපත් කළ යෝජනා සහ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පාර්ශවයෙන් එකඟත්වයකට පැමිණි කාරණා හැකි ඉක්මනින් ක්‍රියාවට නැගිය යුතු බව රජයට අවධාරණය කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ පැවසී ය.
මාධ්‍යවේදි ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුවේ චූදිතයකු වන යුද හමුදා බුද්ධි නිලධාරියකුට උසස් වීමක් දීම පිළිබඳ විරෝධය පළ කරමින් ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිය වන සන්ධ්‍යා එක්නැලිගොඩ ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යවා ඇත.
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමට අදාළව කොළඹ විජේරාම ස්ථීර ත්‍රි පුද්ගල මහාධිකරණයේ විභාග වන නඩුව ඊයේ (20) දිනයේත් කැඳෙව්වා.
ශ්‍රී ලංකාව සමඟ එක්සත් ජනපදයේ හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සහ නිදහස්, විවෘත සහ සමෘද්ධිමත් ඉන්දු-පැසිෆික් කලාපයක් සඳහා වන පොදු ප්‍රමුඛතා ඉදිරියට ගෙන යෑමේ අරමුණින්, එක්සත් ජනපද කොන්ග්රස් සභිකා ක්රිසී හූලහෑන් ගේ නායකත්වයෙන් යුත් කොංග්රස් නියෝජිත පිරිසක් ජූලි 27 සිට 30 දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වෙති.
ඇමරිකානු ව්‍යාපාර සහ පාරිභෝගිකයන් ඉන්දු-පැසිෆික් කලාපය පුරා වෙළඳපොළ වෙත සම්බන්ධ කරන සමුද්‍රීය වෙළඳාම, ආයෝජන සහ නාවික ප්‍රවාහන ජාල සම්බන්ධයෙන් එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීතාව ඉදිරියට ගෙන යාම සඳහා,
එක්සත් ජනපද ෆෙඩරල් සමුද්‍රීය කොමිසමේ (FMC) සභාපති ලෝරා ඩිබෙලා මහත්මිය සහ එක්සත් ජනපද ෆෙඩරල් සමුද්‍රීය කොමිසමේ (FMC) කොමසාරිස් රොබට් ජේ. හාවි මහතා සැප්තැම්බර් 6 සිට 10 දින දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වනු ඇත.
ශ්‍රී ලංකාව පුරා සැලකිය යුතු ලෙස පැතිර යන ඩෙංගු ව්‍යාප්තියට ප්‍රතිචාර දක්වමින්, ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය, ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ජාතික ඩෙංගු මර්දන ඒකකය සමග එක්ව, මහජන සෞඛ්‍ය පළිබෝධ පාලන සහ වාහක-සම්ප්‍රේෂිත රෝග ප්‍රතිචාර වැඩසටහනක් ආරම්භ කර ඇත.
එමගින් ඩෙංගු රෝගය වැළැක්වීම, කල්තියා හඳුනාගැනීම සහ ඊට කාර්යක්ෂමව ප්‍රතිචාර දැක්වීම සඳහා ශ්‍රී ලංකාවේ හැකියාව තවදුරටත් ශක්තිමත් කිරීම අරමුණු කරයි.
දිත්වා සුළි කුණාටුවෙන් වගාබිම් හානියට පත් වූ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කුඩා පරිමාණ වී ගොවීන්ට සහාය වීම සඳහා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය ඉලක්කගත ගොවීන් පිරිසකට ඩිජිටල් පොහොර වවුචර පිරිනැමීමට තීරණය කර ඇත.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිත මාර්ක් ඇන්ඩෘ ෆ්‍රෙන්ච් (Marc-André Franche, UN Resident Coordinator) ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති අතර හමුවක් ඊයේ (07) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්විණ.
එක්සත් ජාතීන්ගේ සහකාර මහලේකම් සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) ආසියානු සහ පැසිෆික් කලාපීය අධ්යක්ෂ කන්නි විග්නරාජා, ශ්‍රී ලංකාවේ සිය නිල සංචාරය අතරතුර දී, 2026 අගෝස්තු 03 වැනි සඳුදා දින, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් හමුවිය.
එක්සත් ලක් වනිතා පෙරමුණ විසින් "බොරුව පරදවමු සත්‍ය දිනවමු" තේමාව යටතේ සංවිධානය කරන ලද ජාත්‍යන්තර කාන්තා දින සැමරුම සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී අද (08) පැවැත්විණි.
එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධ කාන්තා සංවිධානය වන "එක්සත් ලක් වනිතා පෙරමුණේ" විශේෂ වැඩමුළුවක් අද (15) සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පැවැත්විණි.
එංගලන්තයේ වයස අවුරුදු 22 ට අඩු සියලුම තරුණ තරුණියන් සඳහා නොමිලේ බස් රථ ප්‍රවාහන පහසුකම් ලබා දිය යුතු බව හරිත පක්ෂය පවසයි.
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, උපනායක අකිල විරාජ් කාරියවසම් සහ එක්සත් ජාතික පක්ෂයේ හිටපු ජාතික සංවිධායක නවීන් දිසානායක සහ සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර විශේෂ හමුවක් අද සිදුවිය.
එක්සත් ජාතික පක්ෂය (UNP) තම සංවිධාන ශක්තිය තාක්ෂණය සමග එක්කර ගනිමින්, නව ඩිජිටල් යුගයකට පා තබන විශේෂ ඩිජිටල් වැඩ සටහනක් දියත් කිරීම 2026 පෙබරවාරි 04වන දින සිරියකාත පක්ෂ මූලස්ථානයේ දී පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහලේකම් කාර්යාලය සඳහන් කරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

