ඔස්ට්‍රේලියාව ළමුන්ට සමාජ මාධ්‍ය තහනම් කළ පළමු රට බවට පත්වේ

ඔස්ට්‍රේලියාව ළමුන්ට සමාජ මාධ්‍ය තහනම් කළ පළමු රට බවට පත්වේ

ඔස්ට්‍රේලියාව අද (10) වයස අවුරුදු 16ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය තහනම් කළ ලොව පළමු රට බවට පත් විය.

රජයේ පියවර, එරට බහුතර දෙමාපියන්ගේ සහ ළමා උපදේශකවරුන්ගේ පැසසුමට ලක්ව තිබේ.

කෙසේ වෙතත්, ප්‍රධාන පෙළ තාක්ෂණ සමාගම් සහ භාෂණයේ නිදහස පිලිබඳ උපදේශකයෝ, එම තීරණය දැඩි ලෙස විවේචනය කර සිටිති.

තහනම ඊයේ (09), එරට වේලාවෙන් මධ්‍යම රාත්‍රී 12ට ආරම්භ විය. ඒ අනුව, ඕස්ට්‍රේලියානු ළමුන්ට, ටික් ටොක්, අල්ෆබට්'ස්, යූ ටියුබ්, මෙටා හි ඉන්ස්ටර්ග්‍රෑම් සහ ෆේස් බුක් ඇතුළු දැවැන්ත සමාජ වේදිකා 10කට පිවිසීම වාරණය කරන ලෙස දැනුම් දී තිබේ.

නොඑසේව, නව නීතිය යටතේ, එම සමාගම් සහ සේවා සම්පාදකයින් හට ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 49.5ක, එනම්, ඇමෙරිකානු ඩොලර් මිලියන 33ක දඩයකට යටත් වීමට සිදුවේ. ලොව පුරා නියාමකයින් රැසක්, ඕස්ට්‍රේලියාවේ නව නීතිය පිලිබඳ සමීප නිරීක්ෂණයේ පසුවේ.

අද, ඕස්ට්‍රේලියානු පවුල්වලට සාඩම්බර දිනයක් බව, අග්‍රාමාත්‍ය, ඇන්තනී අල්බනීස් (Anthony Albanese) පැවසීය.

සාම්ප්‍රදායික ආරක්ෂණ ක්‍රමවේද අභිභවා, මාර්ග ගත හානි වැලක්වීමට ප්‍රතිපත්ති සම්පාදකයින් සතු හැකියාව, නව නීති සම්පාදනය මගින් ස්‌ඵුට කර ඇතැයි, ඔහු කියා සිටියේය. එය, ලොව පුරා ප්‍රචිලත විය යුතු ආදර්ශවත් ප්‍රතිසංස්කරණයක් බව ද ඔහු පැවසීය.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න