රුහුණ කතරගම මහා දේවාලයේ ආරක්ෂිත සේප්පුවල තැන්පත් කර ඇති රත්රන් සංචිතයෙන් දේව රුව සහිත රත්රන් හැර අනෙකුත් රන් භාණ්ඩ සියයට 70ක පමණ ප්‍රතිශතයක් වෙන්දේසි කර ඉන් ලැබෙන මුදල ර්ණරීබිල්ඩින්ග් ශ්‍රී ලංකා” අරමුදලට පරිත්‍යාග කිරීමට කතරගම බස්නායක නිළමේවරයා තීරණය කර ඇත.
පාර්ලිමේන්දු මහලේකම්වරියට කථානායකවරයා නියෝග කර ඇත්තේ "මම රහසේ සඟවාගෙන ඉන්න තොරතුරු කවුද යකෝ මාධ්‍යවලට දුන්නේ කියලා හොයා බලපල්ලා" යන්න යැයි පිවිතුරු හෙළ උරුමය නායක උදය ගම්මන්පිල පැවසී ය.
අල්ලස් පැමිණිල්ලෙන් බේරීමට අගමැති හරිනි අමරසූරිය මහත්මිය ලවා ‘කූට’ කැබිනට් පත්‍රයක් අනුමත කරවා ගැනීමට දරන ලද තක්කඩි උත්සාහය ද පරාජය වෙද්දී කතානායක ජගත් වික්‍රමරත්න කොටු කරමින් විමර්ශන අතිශය තීරණාත්මක අදියරකට පැමිණ තිබේ.
පාර්ලිමේන්තුවේ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට විරුද්ධව අල්ලස් කොමිසමට කර ඇති පැමිණිල්ලට අදාළව, කථානායකවරයා ගේ පෞද්ගලික ලේකම් සාක්ෂි වසන් කරන බව සඳහන් කරමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු අද (11) අල්ලස් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය..
ජාතික ජන බලවේගයට බලය හිමි කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ 2026 වසර සඳහා වන අයවැය වැඩි ඡන්ද 4කින් අද පරාජයට පත්විය.
මධ්‍යම සබරගමුව සහ ඌව පළාත්වල කඳුවල සහ ඒ ආශ්රිත ගම්මානවල පදිංචිය ආරක්ෂිතදැයි තහවුරු කර ගැනීමට අද සිට විශේෂඥ කණ්ඩායම් යොමු කරන බව ප්‍රවාහන අමාත්‍ය සහ සභානායක බිමල් රත්නායක පාර්ලිමේන්තුවේදී අද (3) පැවසීය.
කඳුකර ප්‍රදේශවල ජීවත්වන පහළොස් දහසකට එම ප්‍රදේශවල ජීවත්වීම අවදානම් සහගත බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිල වශයෙන් දැනුම්දී ඇත.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන ගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් පොලීසිය සිදු කරන විමර්ශනවල ඇතැම් කරුණු පිළිබඳව තමන් සෑහීමකට පත් නොවන බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන විවෘත අධිකරණයේ දී ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.
අබිරහස් ලෙස මියගිය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේන ගේ ජංගම දුරකතනය සම්බන්ධයෙන් කරන ලද විමර්ශන ඇතුළත් ප්‍රගති වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අද (22) කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන කොළඹ අපරාධ කොට්ඨාශයට නියෝග කළේ ය.
2012 වසරේදී ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට මුහුණදී සිටින බව දැනුවත්ව ම ග්‍රීක බැඳුම්කර මිලදී ගැනීම හරහා ශ්‍රී ලංකා රජයට රුපියල් 1,843.267,595.65 අධික පාඩුවක් සිදුකිරීමේ චෝදනාව මත හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් පවරා තිබූ නඩුව අද විනිසුරු මනෝජ් තල්ගොඩපිටිය ගේ සභාපතිත්වය එක් යුත් ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අද (01) කැඳවිය.
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ පුත් යෝෂිත රාජපක්ෂ යන අයට අද කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා පත්‍ර භාරදීම සිදුකළා.
කල් ඉකුත් වූ ළදරු කිරිපිටි විකිණීම සහ ප්‍රදර්ශනය කිරිමේ වරදට අධිකරණයේ දී වරද පිළිගත් පෞද්ගලික ඔසුහලක හිමිකරුවකුට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දර්ශිමා ප්‍රේමරත්න ලක්ෂයක දඩයක් දඩ මුදලක් නියම කළා ය.
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් කල් දැමුණු අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් හෙට (12) දිනයේ සිට පැවැත්වීමට නියමිතව තිබේ.
කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රාජ්‍ය නිලධාරීන් ආපදා සහනාධාර බෙදීමේ කටයුතුවලින් ඉවත් වී තිබේ.
ගායක ගායිකාවන්ගේ බුද්ධිමය දේපළ සහ කොපිරයිට් අයිතිය ගැන මේ ටිකේ සංවාදයක් යනවා. ජගත් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිස මාධ්‍ය හමුවක් තියෙද්දී ඒකට උත්තර විදිහට කීර්ති පැස්කුවල් මහතා ඇක්පෝ එස්එල් වැඩමුළුවේ දී දැක්වූ අදහස් නිසා මේ කතාබහ තවත් දුරදිග ගිහින් තියෙනවා.
පසුගිය සති කිහිපය තුළ දකුණු සහ අග්නිදිග ආසියාවට බලපෑ දේශගුණික ව්‍යසන රැල්ලෙන් දරුණුතම ණය ප්‍රතිවිපාකවලට (credit consequences) මුහුණ දීමට සිදුව ඇත්තේ ශ්‍රී ලංකාවට බව මූඩීස් ඉන්වෙස්ටර්ස් සර්විස් (Moody’s Investors Service) විසින් දැඩි අනතුරු ඇඟවීමක් කර තිබේ.
කලා ඉතිහාසය නිරීක්ෂණය කිරීමේ දී “ඩාඩාවාදය” යනුවෙන් පළමු ලෝක යුද්ධ සමයේ දී ස්විස්ටර්ලන්තයේ “සුරිවා”හි දී ආරම්භ වූ කලා විරෝධී ව්‍යාපාරයක් පිළිබඳ අපිට අසන්නට/ දකින්නට ලැබේ. මෙය එවකට පැවති කලාවට එරෙහි වූ, අභියෝග කළ කලා විරෝධී ව්‍යාපාරයක් ලෙස හැඳින්වේ.
හැඳින්වීම: ආයතනයේ මතවාදී දිළිඳුකම
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ (UVPA) මූලික කලා ආයතනය වන හේවුඩ් කෞතුකාගාරය (Heywood Museum) වර්තමානයේ මුහුණ දී සිටින බරපතළ ම අර්බුදය, භෞතික ඉඩකඩ පිළිබඳ ගැටලුවක් හෝ ද්‍රව්‍යමය හිඟකමක් නොවේ. එය මූලික වශයෙන් ම සමකාලීන කෞතුකාගාර ප්රායෝගිකත්ව (Contemporary Museological Practices) පිළිබඳ පවතින මතවාදී සහ ඥානවිභාගාත්මක දිළිඳුකමකි.
ලොව ඉහළ ධනවතුන් පාරිභෝජනයට ගන්නා රුපියල් දසදහසකට අධික මිලක් වන පෝෂ්‍යදායි කලු සහල් (Black Rice) මෙරට ගොවි ජනතාවට හඳුන්වා දීම කළ යුතු බව පරිසර හිතකාමි පොහොර නිෂ්පාදකයින්ගේ සංගමයේ ලේකම් ආචාර්ය චමින්ද හෙට්ටිකංකානම්ගේ කියයි.
මුහම්මද් නබිතුමා ඇතුළු සියලු ආගමික ශාස්තෘන්වහන්සේගේ මඟපෙන්වීම වූ සාමය, මෛත්‍රිය, මනුෂ්‍යත්වය කැටි කරගත් සමාජයක් බිහි කිරීම වෙනුවෙන් වත්මන් රජය කැපවී සිටින බවත්, කවර ආකාරයේ ජාතිවාදී හෝ ආගම්වාදී ගැටුමකට යළි රට තුළ ඉඩ නොතබන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කළේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

