මුහම්මද් නබිතුමා ඇතුළු සියලු ආගමික ශාස්තෘන්වහන්සේගේ මඟපෙන්වීම වූ සාමය, මෛත්‍රිය, මනුෂ්‍යත්වය කැටි කරගත් සමාජයක් බිහි කිරීම වෙනුවෙන් වත්මන් රජය කැපවී සිටින බවත්, කවර ආකාරයේ ජාතිවාදී හෝ ආගම්වාදී ගැටුමකට යළි රට තුළ ඉඩ නොතබන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කළේය.
පසුගියදා කසකස්තානයේ පැවති WC50 AKTAU KPMG KPMG OPEN Wheelchair para tennis තරගාවලියේ විවෘත අංශයේ අනුශුරතාවය දිනා ගැනීමට සුරේෂ් ධර්මසේන සමත් විය. අවසන් තරගය සදහා මැලේසියානු ක්‍රීඩක Mohomad Yusoff ක්‍රීඩකයා සමග තියුණු තරගයකින් පසුව පලමු වටය 6 - 3 සහ දෙවැනි වටය 6 - 4 ලෙස සුරේෂ් ධර්මසේන අනුශුරතාවය දිනා ගනී.
ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ඇති වූ බුදු පිළිමයක් සම්බන්ධ සිද්ධියකට අදාළව පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු ස්වාමීන්වහන්සේ සිව් නමක් සහ පුද්ගලයින් 05 දෙනකු රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
කසාගල සමූහ ව්‍යාපාරය සහ චීන සමාගමක් වන Anluod (shenzhen) Internationa Trading Company Ltd සමග එකට එක්ව ආනයන අපනයන වෙළෙඳාමට අත තබයි.
"සොබා දහමට නොවන අවනත ලොවේ කිසිවෙක් නෑ" කියලා පල්ලේගම හේමරතන හාමුදුරුවෝ 'අතීතය සිහිනයක් පමණය' කියන සිංදුවේ ලියලා තියෙනවා. ඇත්තටම සොබා දහමට අවනත නොවන කවුරුත් නෑ වගේම තමයි නීතියට ඉහළිනුත් කවුරුත් ඉන්න බෑ. නීතිය හැමෝට ම සර්ව සාධාරණ වෙන්න ඔ්නා. හැබැයි අද අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ දී ළමා ආරක්ෂක අධිකාරිය අධිකරණයට කරුණු දැක්වුවේ අටමස්ථානාධිපති පල්ගේගම හේමරතන හිමියන් ළමා අපයෝජනයක් ගැන අත්අඩංගුවට ගන්න සාක්කි තියෙද්දිත් පොලිසිය නීතිය ක්‍රියාත්මක කිරීම පමා කරනවා කියලයි.
ලාංකීය දේශපාලන ක්ෂේත්රය තුළ රාජ්‍ය තාන්ත්‍රිකයින් සිටියේ ඉතා අතළොස්සක් බවත්, ඒ අතුරින් මෑත ඉතිහාසයේ බිහි වූ රාජ්‍ය තාන්ත්රකයකු ලෙස මංගල සමරවීර හැඳිනිවිය හැකි බවත් තාරක නානායක්කාර පැවසී ය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ( හිටපු) ලලිත් එල්ලාවල මෑත කාලීන දේශපාලන ඉතිහාසයේ නිර්මල බව රැකගත් පුද්ගලයින් අතර ඉහළින්ම ඉන්න පුද්ගලයෙක් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී (හිටපු) ලලිත් එල්ලාවල සර්වජන බලය හා එක්වීම පිළිබඳව අදහස් දක්වමින් සර්වජන බලය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ව්‍යවසායක දිලිත් ජයවීර පැවසී ය.
කළුතර, නාගොඩ ශික්ෂණ රෝහලේ නවීකරණය කළ ඒකක හා වැඩිදියුණු කළ යටිතල පහසුකම් රැසක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16) පෙරවරුවේ රෝගී සත්කාර සේවාව සඳහා නිල වශයෙන් එක් කෙරිණි.
කළුතර, නාගොඩ ශික්ෂණ රෝහලේ රුපියල් මිලියන 134කට අධික පිරිවැයකින් නවීකරණය කරන ලද ඒකක සහ යටිතල පහසුකම් රැසක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16) නිල වශයෙන් ජනතා අයිතියට පත් කෙරිණි.
බාල ගල් අඟුර් පිළිබඳව තමා ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී ප්‍රශ්න කරන විට ඒවාට උත්තර දීමට නොහැකි වූ බවත්, රටට ශක්තිය දෙනවා කියූ, ක්රමයේ වෙනසක් ඇති කරනවා කියු රජය කටයුතු කර ඇත්තේ මේ ආකාරයෙන් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
ශ්‍රී ලංකා ක්‍රීඩා මාධ්‍යක්ෂේත්‍රය තුළ අතිශය වැදගත් නඩු විභාගයක් පසුගිය දා කොළඹ දිසා අධිකරණයේ දී නිෂ්ප්රභා කෙරිණි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු නිලධාරීන් විසින් ලේක්හවුස් ආයතනයට, සිළුමිණ පුවත්පතට සහ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩා මාධ්‍යවේදී ෆවුස් මොහොමඩ්ට එරෙහිව එම නඩුව පවරනු ලැබුවේ 2023 වසරේ ජූනි මාසයේ දී ය. එවකට සිළුමිණ පුවත්පතේ කර්තෘවරයා ලෙස කටයුතු කළේDharman Wickremaretne වන මා ය.
ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව පොලීසිය භාරයට ගෙන තිබෙන සිය පරිගණක, ජංගම දුරකථන ඇතුලු ඉලෙක්ට්‍රෝනික උපාංග මුදාහරින ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඩිල්ෂාන් එල්මෝ ඇලෝසියස් ද සිල්වා නමැත්තකු විසින් ඉදිරිපත් කර ඇති ඉල්ලීමක් සම්බන්ධයෙන් හෙට (03) කරුණු දක්වන ලෙස දන්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාට නොතීසි නිකුත් කරනු ලැබීය.
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන වජිර ගුණවර්ධන ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ නව අතිරේක අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස පසුගියදා වැඩභාර ගත්තේ ය.
කොල්ලුපිටිය ක්‍රෙස්කැට් නිවාස සංකීර්ණයේ නිවසක නේවාසිකව සිටිය දී පසුගිය වසරේ දෙසැම්බර් මස 03වන දා එහි මහලකින් ඇඳ වැටී මියගිය විදේශ ජාතික ක්ලබ් චෙලාගෝ ඇලෙක්සැන්ඩර් යන අය මරණයට පත්වී ඇත්තේ අපරාධයක් හේතුවෙන් ද යන්න විමර්ශන කර අධිකරණයට වාර්තාවක් ගොනු කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන කොළඹ දකුණ අපරාධ කොට්ඨාසය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට නියෝගයක් නිකුත් කළේ ය.
පසුගිය දා පාර්ලිමේන්තුවේ දී වත්මන් රජය අප රටේ ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් වෙනුවෙන් සහන පොලී වැඩසටහනක් පිළිබඳව විපක්ෂය දැනුවත් කළ බවත් එය බැලු බැල්මට හොඳ වැඩසටහනක් වුව ද මේ වන විට අප රටේ ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් අසාදු ලේඛන ගත වී ඇති බැවින් මේ අය වෙනුවෙන් ලබා දෙන ණය සහනය විපතට පත් ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගෙන් 50%කට ලබා ගත නොහැකි යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.
බැංකු කාඩ්පත් (Credit/Debit Cards) හෝ මාර්ගගත (Online) ක්‍රමවේද ඔස්සේ ගෙවීම් සිදු කිරීමේ දී ඇතැම් වෙළඳ ආයතන 2.5%ක හෝ 3%ක අමතර ගාස්තුවක් අය කිරීම සම්පූර්ණයෙන්ම නීති විරෝධී යැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන් අත්අඩංගුවට ගෙන රඳවා ගැනීමට එරෙහිව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ සුරේෂ් සලේ ඉදිරිපත් කළ පෙත්සමට මැදිහත් වී කරුණු දක්වීමට අවසර දෙන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන අතරමැදි පෙත්සම් සලකා බැලීම සඳහා අගෝස්තු මස 4 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළා.
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ඔස්ට්‍රේලියානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක ජේමි සිඩ්න්ස් පත්කර තිබේ.
කාන්තාවන් ගේ අයිතිවාසිකම් සුරක්ෂා කරන බවට ජාතික ජනබලවේග ආණ්ඩුව ජනතාවට පොරොන්දුවක් ලබා දුන් බවත්, කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාව පිහිටුවීම එම පොරොන්දුවේ එක් අංගයක් වුව ද කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාව මාස හතරක කාලයක සිට අක්‍රීය වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රිණී චමින්ද්‍රානි කිරිඇල්ල පැවසුවා ය.
වෙරිටේ රිසර්ච් (VeritéResearch) ආයතනයට අයත් වෙරිටේ මාධ්‍ය සහ දේශපාලන අංශය, ශ්‍රී ලංකාවේ කාන්තාවන් සහ ගැහැණු දරුවන් පිළිබඳව වෘත්තීමය මෙන්ම ගෞරවනීය ලෙස වාර්තා කිරීම ශක්තිමත් කිරීම අරමුණු කරගත් මූලික පියවර දෙකක් ඉදිරිපත් කිරීම සඳහා පසුගිය බ්‍රහස්පතින්දා (16) ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞශල්‍යා ආරියරත්න හමු විය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

