ආපදා හේතුවෙන් පීඩාවට පත් වුණ ජනතාවට හිමිවෙන විදෙස් ආධාර නිසි සම්බන්ධීකරණයකින් අදාළ පිරිස වෙත ලබාදීමට ජාතික මට්ටමේ කමිටුවක් ජනාධිපතිවරයා විසින් පත්කර තිබේ.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය, විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මේ බව පැවසීය.
එම කමිටුව මඟින් විදෙස් රටවල්වලින් ලැබෙන ආධාර හා උපකරණ ආපදාවෙන් පීඩාවට පත්වූවන්ට නිසිලෙස ලබාදීමට කටයුතු සලස්වන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය, විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකරගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව අද දින සිට පත්කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
