නුගේගොඩ පැවති රැළියට දිලිත් ජයවීර සහභාගී නොවීම ශ්‍රී ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රය තුළ බොහෝ දෙනාගේ විමතියට හේතු විය.
අන් අය නිහඬව බියෙන් ගුලි වී සිටියදී, නිර්භීතව ජවිපෙට අභියෝග කළ මිනිසා කෝ?
ඊට ලැබෙන පිළිතුරෙන් පෙන්නුම් කරන්නේ දේශපාලන දුර්වලතාවයක් නොව, දේශපාලන ඥානයයි.
ජනාධිපතිවරණ සමයේදී සහ ඊට පසුව දූෂණ චෝදනා සහ හිරගෙවල් වලට බියෙන් විපක්ෂයේ ප්‍රබලයින් සෙවණැලි අතර සැඟව සිටියදී දිලිත් තනිවම නැගී සිටියේය.
ජවිපෙ ප්‍රතිපත්තිවල ඇති පරස්පරතා විවේචනය කිරීම ඉතා අප්‍රසාදජනකව තිබූ මොහොතක ඔහු එය ප්‍රසිද්ධියේ ප්‍රශ්න කළේය. අනුර කුමාර දිසානායක යනු "රනිල්ගේම වත්තේ කොල්ලෙක්" බවත්, ඔහු අටවගත්ත මාලිමාවක් යටතේ එම ප්‍රතිපත්තිම ක්‍රියාත්මක කරන බවත් ඔහු අනතුරු ඇඟවීය.
රට ඊට ඇහුම්කන් දුන්නේ නැත. අනුරව කුරුඳුවත්තේ ගැහැනු පවා විශ්වාස කලා විතරක් නෙමේ, දිලිත්ගේ ළඟම යහළුවෝ පවා අනුර සරණ පැතුවාය.
දිලිත් ගේ සමාගම් වල වැඩ කරන අයට පවා තිබුනේ, මාලිමා උණය..
ඔය හැමෝගෙම උණ නියුමෝනියාවක් වෙන බව දිලිත් දැන ගෙන හිටියේ, 88 ඉඳන් ජවිපේ ගැනත්, අනුර රතු සහෝදරයාගේ කල්ක්‍රියාව ගැනත් තිබුනු අවබෝධය මතය.
ටිල්වින් රූකඩයක් බවත්, ලාල්, ප්‍රේමවන්තයෙක් බවත්, බිමල් දඩබිඩියෙක් බවත්, විජිත පතෝලයෙක් බවත් දිලිත් දැන සිටියේය.
මුලින්ම, හරිනිට බෑ කිව්වේ, දිලිත්. පස්සේ, හරිනි ගැන කථාකරන එක නැවත්තුවේ, බිශොප් විද්‍යාලයේ, ඉංදියාවේ සහ එංගලන්‍තයේ ඉගෙන ගත් ඇය ගැන අනුකම්පා හිතිලා විය යුතුය.
ජවිපෙට ආගමක්, සංස්කෘතියක් සහ සභ්‍යත්වයක් නැහැ කිව්වේ දිලිත්ය.
රටට ඔනේ ව්‍යවසායකයින් කිව්වාම, හදුන් ගිහිල්ලා, සීනි කඩයක් අරින බව දිලිත් දැන ගෙන හිටියා විය යුතුය.
පස්සේ, මුලු සර්වජන බලයම ඔය දේ පහුගිය අවුරුද්ද පුරාවට රට වටේ ගොස් මතය හැදුවාය.
එවිට ඔවුන්ට විවේචන එමටය.
රොටියා කියද්දි, රොටි ව්‍යවසායකයන් හැදුවේය. ඇන්ටිජන් හොරා කියද්දි, නලින්ද ජයතිස්සම කිව්වේ, දිලිත් හොරෙක් නොවේ කියලය.
දැන් නයා කියන්නේ නැත. මක්නිසාදයත්, ජවිපේ තරම නයි ඇරපු පක්ෂයක්, ලොවෙත් නැත, ලොවි ගහෙත් නැත.
ටිල්වින් අහිකුන්ටකයාය. අනුර නයාය. හරිනි හැපින්නය. අනෙක් ඔක්කෝම නයි පැටවුය. පැලවත්ත නයි ගුලය.
දැන් හැමෝටම මොළය පෑදීගෙන එනවාය...
එදා එම විවේචන දිලිත් සහ සර්වජන බලයට අවඥාව ගෙන දුන්නද, අද වන විට එම අනතුරු ඇඟවීම් අනාවැකි මෙන් සනාථ වී ඇත.
අන් අයට මග හැරුණු යථාර්ථය මුලින්ම හඳුනා ගනිමින් 'සර්වජන බලය' පළමුවරට පහර දුන්නේය.
එනම්, මේ රජය කරන්නේ පැරණි වැරදි නැවත කිරීම පමණක් නොව, ඊට නව මුලාවන් ද එකතු කිරීමයි. දූෂණ චෝදනා දිනෙන් දින ඉහළ යයි. මැතිවරණ පොරොන්දු බාල වීදුරු මෙන් බිඳ වැටෙයි. 'පුනරුදයක්’ පොරොන්දු වූ පාලනයක් අද ලබා දෙමින් සිටින්නේ හීන මරණ ක්‍රමයේම දිගුවක් පමණි.
රනිල්ට වඩා, අනුර මිනිස්සුන්ගේ හීන මරණවාය...
ඒ අස්සේ,දැන් හදිසියේම විපක්ෂයට පණ ලැබී ඇත. මාස ගණනකට පෙර බියෙන් වෙවුලමින් සිටි දේශපාලනඥයන්, දිගු නින්දකින් අවදි වූ කොටි මෙන් දැන් නුගේගොඩ වේදිකාවේ ගර්ජනා කරති.
සැබවින්ම නැගී සිටීම අවදානම් සහගතව තිබූ ඒ අතීතයේදී මේ ධෛර්යය කොහි තිබුණේද?
අවදානමක් ගැනීම අවශ්‍යව තිබූ මොහොතේ මේ හඬවල් එදා සැඟව සිටියේ කොහේද?
දිලිත්ගේ මෙම උපායමාර්ගික නොපැමිණීම පලා යාමක් නොව, එය ව්‍යාජ එඩිතරකම පෙන්වන රැල්ලකට එකතු වීම ප්‍රතික්ෂේප කිරීමකි.
සටනකට නායකත්වය දීම සහ පිරිසක් පසුපස යාම අතර වෙනසක් ඇත. දර තෙත බරිතව තිබියදී ගිනි අවුලුවා ලූයේ ඔහුය.
දැන් අන් අය ගින්න වටා රොක් වී උණුසුම විඳින විට, ඔහුට ඒ වටා නටන්නට අවශ්‍ය නැත.
නමුත් බැලිය යුත්තේ, ඊළඟට සිදුවන්නේ කුමක්ද යන්නයි. නුගේගොඩ රැළිය නිසැකවම ටිල්වින් සිල්වා ඇතුළු පිරිස කලබලයට පත් කරනු ඇත. ඊට ප්‍රතිචාර වශයෙන් ජවිපෙ සැබෑ ස්වභාවය, එනම් ජනප්‍රියවාදී පොරොන්දු යට සැඟවී ඇති ඒකාධිපති ත්‍රාඩය, මතු වනු අපට දැකගත හැකි වනු ඇත.
දිලිත් හමුවේ ඇති ප්‍රශ්නය වන්නේ ඔහු නුගේගොඩ මග හැරීම නිවැරදිද යන්න නොවේ. ඔහු ඉදිරියට එන අවස්ථාව පිළිබඳව උපායමාර්ගික වෙයිද යන්නයි.
දේශපාලන නායකත්වය යනු සෑම රැළියකම පෙනී සිටීම නොවේ. එය වැදගත් මොහොතේ නිවැරදි වීමත්, අන් අය ව්‍යාකූල වූ විට පැහැදිලිව සිටීමත්, ධෛර්යයට වන්දියක් ගෙවීමට සිදුවන විට නිර්භීත වීමත් ය.
තමන්ට අලාභ සිදු වන විටත් ඔහු නිර්භීත විය. අනෙක් අයට ධෛර්යය ලාභදායී වී ඇති විට පවත්වන පහසු දර්ශන වාර දහසකට වඩා එම නිර්භීතකම වටින්නේය.
(නවම් මීගොඩ විසිනි)

