එළවළු මිල සීඝ්‍රයෙන් ඉහළට

එළවළු මිල සීඝ්‍රයෙන් ඉහළට

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් වගා බිම් රැසක් විනාශ වූ අතර ඒ හේතුවෙන් මේ දිනවල එළවළු මිලද සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.

උඩරට එළවළුවලට සාපේක්ෂව පහතරට එළවළු මිල සැලකිය යුතු ලෙස දෛනිකව ඉහළ යන බවක් දැකගත හැකි බව වාර්තා වේ.

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික මිල දර්ශනයට අනුව ඊයේ වනවිට පිටකොටුව, දඹුල්ල මෙන්ම නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානවල බෝංචි කිලෝවක් රුපියල් 600ත් 800ත් අතර සිල්ලර මිලකටත් තක්කාලි කිලෝවක් රුපියල් 500ත් 600ත් අතර සිල්ලර මිලකටත් පතෝල කිලෝවක් රුපියල් 600ත් 700ත් අතර සිල්ලර මිලකටත් අමු මිරිස් කිලෝවක් රුපියල් 1100ත් 1200ත් අතර සිල්ලර මිලකටත් අලෙවි වී තිබුණි.

එමෙන්ම වම්බටු කිලෝවක් රුපියල් 550ත් 800ත් අතර සිල්ලර මිලකට අලෙවි වී ඇති අතර කැරට් සහ ගෝවා කිලෝවක් රුපියල් 300ත් 500ත් අතර සිල්ලර මිල ගණන්වල පවතින බව වාර්තා වේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න