ඉන්දියාවේ, බටහිර බෙංගාලයේ පුර්බා මේදිනිපූර් දිස්ත්‍රික්කයේ හල්දියා තෙල් පිරිපහදුවේ නැප්තා ප්‍රවාහන නළ පද්ධතියක අද (30) විශාල ගින්නක් හට ගෙන තිබේ. එම අනතුරින් සේවකයින් රැසක් තුවාළ ලබා ඇතැයි ද වාර්තා වේ; ගින්නට නිශ්චිත හේතුව මෙතක් අනාවරණය වී නැත.
කන්නඩ සහ දෙමළ ටෙලි නාට්‍ය ක්ෂේත්රයේ නැගී එන නිළියක වන නන්දිනී සී.එම්. ඉන්දියාවේ බෙන්ගලූරුහි පිහිටි ඇයගේ නිවසේදී සියදිවි නසාගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දුනීසියාවේ අත්දැකීම් ශ්‍රී ලංකාවට කෙතරම් අදාළ ද යන්න පිළිබඳව සලකා බැලීමේ දී, දෙරටට එකිනෙකට වෙනස් සංවර්ධන ගමන් පථ තිබුණ ද, මානව ප්රාග්ධනය ශක්තිමත් කිරීම, ආහාර සුරක්ෂිතතාව ඉහළ නැංවීම, ආයෝජන ආකර්ෂණය කර ගැනීම සහ නැගී එන අභියෝග හමුවේ ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීම සම්බන්ධයෙන් දෙරටටම පොදු අභිලාෂ පවතින බව ඉන්දුනීසියානු තානාපතිනි සහ රාජ්‍ය තාන්ත්‍රික බලකායේ ප්‍රධානී දේවි ගුස්ටිනා ටොබින්ග් සඳහන් කළා ය.
ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර පාසල් සංකීර්ණයක් තුළ වූ මුස්ලිම් දේවස්ථානයක අද (07) සිදු වූ පිපිරීමකින් විශාල පිරිසක් තුවාළ ලැබූහ.
මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් උද්ගතව ඇති බලශක්ති අර්බුදයට මුහුණදීම සඳහා හැකි පමණින් ඉන්ධන අරපිරිමැස්මකින් යුතුව පරිභෝජනය කරන්නැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ රාජකරුණා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
අද (31)මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කර ඇතැයි ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව පවසයි.
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය තිබේ.
සාහිත්‍යවේදිනී ඉමල්කා උදේශිනීගේ ‘සතුටු වතුර ගලා ඇවිත්’ යොවුන් නවකතාව පිළිබඳ සූම් සංවාදයක් 2026 පෙබරවාරි මස 15 වැනිදා ඉරිදා රාත්‍රී 7ට පැවැත්වේ.
හිටපු අමාත්‍යවරයකු වන ඉමිතියාස් බාකර් මාකර් විසින් රචිත "හෘද සාක්ෂිය" කෘතිය සහ "සුපිරි බලයෙන් පාගා දැමෙන උපන්බිමේ උරුමය; පලස්තීනය"
ට්‍රම්ප් සහ නෙතන්යාහු ඉරාණ දේශපාලනය වැරදි පැත්තෙන් කියවලා තියෙන්නේ කියලා මට හිතෙන්නේ. ඔවුන් අවුරුදු 30 ට එහා ඉදලා මෙහාට ඉරාණ ඉතිහාසය කියවනවා වෙනුවට, මෙහෙ ඉඳන් අතීතයට ඉරාණ දේශපාලනය කියවලා.
අද (07) දිනයේ දී දුම්රිය භාවිතා නොකරන ලෙස ඊශ්‍රායල ආරක්ෂක බලකාය ඉරාන වැසියන්ට අනතුරු අඟවා තිබේ.
අමෙරිකානු - ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ඉරාන උත්තරිතර නායක අයතුල්ලා අල් කමේනී මියගොස් ඇතැයි BBC අල්ජසීරා ඇතුළු මාධ්‍ය රැසක් වාර්තා කරයි.
ශ්‍රී ලංකාවේ සුවිශේෂී ආර්ථික කලාපය (EEZ) තුළ ඇති බවට වාර්තා වන තවත් ඉරාන නෞකාවක් සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරය වහාම පැහැදිලි කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා රජයෙන් ඉල්ලා සිටින අතර හදිසියේ වරායට පැමිණීම සඳහා ඉරාන නෞකාව අවසර ඉල්ලා සිටී.
ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව ආරම්භ කර ඇති යුද්ධයේ තීරණාත්මක අනියම් පාර්ශ්වකරුවෙකු බවට ශ්‍රී ලංකාව පත් කරමින්, මෙරට ජාත්‍යන්තර යුද උගුලක දඩබිමක් බවට පත් කිරීමේ බරපත අවදානමක් මතුව ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පැවසී ය.
ඉරාන විරෝධතා අතරතුරදී පුද්ගලයින් 3,000 ක් අත්අඩංගුවට ගෙන ඇති බව ඉරාන බලධාරීන් පවසයි.
1979 දී ඉරාන ජනතාව ඇමරිකානු වහල් රජු වූ ෂා බලයෙන් පහ කළ දා සිට, ඉරානයට ආර්ථික සම්බාධක සහ අවහිර කිරීම් පනවා ඇත. විවිධ ස්ථානවල ඩොලර් බිලියන සියයකට ආසන්න ඉරාන වත්කම් අමෙරිකාව ඇතුළු බටහිර රටවල් විසින් හිර කර ඇත. ඩොලර් ට්‍රිලියන ගණන් මේ ආර්ථික තහංචි නිසා ඉරානයට අහිමි වී ඇත.
මේ වන විට ට්‍රම්ප් තිස් වතාවක් පමණ යුද්ධය ජයග්‍රහණය කර ඇති බවත්, ට්‍රම්ප් ගේ මානසිකත්වයට අනුව නම් ඉරානය වන්දි ගෙවිය යුතු යැයි යැයි ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ පැවසී ය.
ශ්‍රී ලංකාවට ඔබ්බෙන් වූ මුහුදේ දී ප්‍රහාරයට ලක්ව ඇති ඉරානයට අයත් එක් නෞකාවක සිටි තුවාල ලත් පුද්ගලයින් මුදවාගෙන වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට සහ ඉරානයට ම අයත් තවත් එක් නෞකාවක සිටි නාවිකයින් ද ඇතුළු සියලු ම දෙනා ශ්‍රී ලංකාව තුළට කැඳවා අවශ්‍ය ආරක්ෂාව ලබා දිමට ශ්‍රී ලංකාව ගත් පියවර පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ප්‍රසාදය පළ කරන අතර ම එය මහත් සේ අගය කරනන්නේ යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.
එක්සත් ජනපදය සහ ට්‍රම්ප් පරිපාලනය ඊශ්‍රායලය සමග එක්ව ඉරානයට එරෙහිව සිදු කරන නිර්ලජ්ජිත ආක්‍රමණශීලී ක්‍රියා සහ අයතුල්ලා අල් කොමෙනි ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ අහිංසක ඉරාන වැසියන් ඝාතනය කිරීම එක්සත් වාමාංශික පෙරමුණ දැඩි ලෙස හෙළා දකී.
මෙවර "ඉල්මහ විරු සමරුව" මාධ්‍ය ආවරණ කටයුතු සඳහා සහභාගිවන මාධ්‍යවේදීන්ගේ නම් ලැයිස්තුවක් ජනාධිපති මාධ්‍ය අංශය වෙත යොමු කළ යුතුව ඇතැයි ජවිපෙ මාධ්‍ය ඒකකය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

