මාලිමා ආණ්ඩුව බලයට පත්වීම කලින් ''අපි ඉතා සුපිරිසිදු මිනිස්සු'' යැයි පැවසුව ද දැනට ඇමතිවරු ලෙස කටයුතු කරන සිවු දෙනකු ඇමති ඉන්ධන දීමනාවට අමතර පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකුට හිමි ඉන්ධන දිමනාව ද ලබාගෙන ඇති බවට ලංකාදීප පුවත්පත වාර්තා කර ඇතැයි සමගි ජන බලවේගය පක්ෂයේ නියෝජ්‍ය නීති ලේකම්, නීතිඥ තාරක නානායක්කාර පවසයි.
ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (17) සමගි ජන බලවේගය පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී ය.
එම සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දක්වමින් තාරක නානායක්කාර පැවසුවේ 2025 වසරේ ඔක්තෝබර් 07වන දින ලෝක බැංකුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරමින් 2024 වසරේ ලංකාවේ ආර්ථිකය වර්ධනය වන ආකාරය තමන් දුටු බවත්, එතැන් සිට මේ දක්වා කිසිදු දියුණුවක් දක්නට නොමැති බවත්, එහි බරපතල කම්පන ඇතිවීමේ ලක්ෂණ දක්වන ඇතැයි ප්‍රකාශ කර ඇති බවයි.
2015 වසරේ පොහොර සංස්ථාවේ සේවය කරමින් සිටියදී මහජන අරමුදල් අවභාවිතා කිරීමේ චෝදනාව යටතේ වත්මන් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව මහාධිකරණය හමුවේ අධි චෝදනා බාරදීම පිණිස අදාළ ලේඛන සකස් කරන මෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව සිය නිලධාරීන්ට උපදෙස් දී ඇති බව Sunday Times පුවත්පත වාර්තා කරනවා.
මෙරට ප්‍රවීණ කලාකරුවකු වන සතිස්චන්ද්‍ර එදිරිසිංහ ගේ අවසන් කටයුතු සදහා සහභාගි වූ බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනවි මාධ්‍ය ඉදිරියේ නිරුත්තර වූ අවස්ථාවක් පිළිබඳ වාර්තා වේ.
මෙරටට පැමිණි ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා විශේෂ නියෝජිත, ඉන්දියාවේ එක්සත් ජනපද තානාපති Sergio Gor සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර හමුවක් අද (19) ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරිණ.
චීන ජනාධිපති ෂී ජින්පිං චීනයේ නිල සංචාරයකට එක්ව සිටින ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා වෙනුවෙන් පිළිගැනීමේ භෝජන සංග්‍රහයක් පවත්වා තිබෙනවා. ඒ අද (14) රාත්‍රියේ බෙයිජිංහි මහජන මහා ශාලා පරිශ්‍රයේ දී. එහි දී දෙරටේ නායකයින් සිය අදහස් පළ කළේ ය.
ශ්‍රී ලාංකික කතෝලික ජනතාව ඉලක්ක කරමින් 2019.04.21 වන දින කතෝලික දේවස්ථාන, ක්‍රිස්තියානි දේවස්ථාන සහ තරු පහේ හෝටල් තුනක් වෙත ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කළ අතර එහි දී ශ්‍රී ලාංකික ජනතාව හා විදේශ සංචාරකයින් ඇතුළුව 370 කට ආසන්න සංඛ්‍යාවක් මරණයට පත්වී 500 කට ආසන්න පුද්ගලයින් සංඛ්‍යාවක් තුවාල ලැබුවේ ය.
රටට භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් 2023 වසරේ සිට මේ දක්වා කාලය තුළ නීතිවිරෝධී අයුරින් අමෙරිකානු ඩොලර් මිලියන 751 කට වඩා වැඩි දැවැන්ත මුදලක් විදේශ රටවලට යැවූ බව කියන සිද්ධියට අදාලව මූල්‍ය විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් ජාවාරම්කරුවෙකු වන ජිෆ්රි මොහොමඩ් නමැත්තා අද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නමැත්තා ලබන 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (06) නියෝග කළේ ය.
පාත්ෆයින්ඩර් පදනම නිර්මාතෘ ශ්‍රී මිලින්ද මොරගොඩ විසින් අද (23) දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහකාර රාජ්‍ය ලේකම් ආචාර්ය එස්. පෝල් කපූර් වෙනුවෙන් විශේෂ සාකච්ඡා හමුවක් පවත්වන ලදී.
ඇමරිකාව සහ ඉරානය යන දෙරටට ම පසුගිය දිනවල පැවති යුද්ධය අවසන් කිරීමට, එසේත් නැති නම් යුද්ධයෙන් ඇඟ බේරා ගැනීමට ලොකු උනන්දුවක් පැවතියේ යැයි සමාජ, ආර්ථික සහ දේශපාලන විශ්ලේෂක අශෝක අභයගුණවර්ධන පැවසී ය.
ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්රයේ සිදුවෙමින් පවතින සාධනීය වෙනස්කම් කෙරෙහි සිය රටේ අවධානය යොමුවී ඇති බවත්, ගොඩනැගෙන නව ආයෝජන අවස්ථා තුළින් දෙරට අතර බලශක්ති ක්ෂේත්රයේ සබඳතා තවදුරටත් වර්ධනය කරගැනීමට අපේක්ෂා කරන බවත් වැඩබලන ඇමරිකානු තානාපතිනී Jayne Howell පැවසුවා ය.
"වෙඩි තිබ්බේ පිටිපස්සෙන් නම්... ජනාධිපතිගේ ඔළුව පිටිපස්සට විසි වුණේ ඇයි? ලෝකයේ බලවත් ම මිනිසාව (JFK) මහ දවල් ඝාතනය කළ 'මැජික් උණ්ඩයේ' (Magic Bullet) නොවිසඳුණු අභිරහස"
නියෝජ්‍ය අමාත්‍යවරයෙක් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදනයකට පාර්ලිමේන්තු සංකීර්ණයේදී අසෝබන අයුරින් කතා කර ඇතැයි සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් පී. පෙරේරා මාධ්‍ය හමුවකදී අද (23) පැවසීය.
බලශක්ති ඇමතිවරයාට අධිචෝදනා එල්ල වී ඇතත් ඔහු ධුරයෙන් ඉවත් නොකරන බව කීමට තරම් ජාතික ජනබලවේගය ලැජ්ජාවිරහිත වී ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා පවසයි.
ශ්‍රී ලංකා මහා භාණ්ඩාගාරය සතු ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5 ක රජයේ මුදල් වංචනික ලෙස බැහැර කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල ප්‍රගතිය අගෝස්තු මස 05 වනදා අධිකරණයට දැනුම් දෙන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා අද (8) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.
ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ජාතික ආරක්ෂක කවුන්සිලය කැඳවා, ජාතික ආරක්ෂාව උපරිම අයුරින් තිබෙනවා යැයි පැවසුව ද ඇමෙරිකානු සබ්මැරීනයක් අප රටේ අනන්‍ය ආර්ථික කලාපයට පැමිණි බව රජය දැනුවත් නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ නීතිරීති හා විධිවිධාන උල්ලංඝනය කරමින් කටයුතු කළ ඇල්ල, කරදගොල්ල, නැෆෝරා ඇල්ල ප්‍රදේශයේ පිහිටි “Future Life Hotels and Resorts (Pvt) Ltd” ආයතනයට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ බදුල්ල දිස්ත්‍රික් විමර්ශන නිලධාරීන් විසින් බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබුණි.
සෙංකඩගල ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන රන්දෝලි පෙරහැර වීදි සංචාරය කිරීම අද (24) පස්වරු 7.00 ට යෙදෙන සුබ මොහොතින් සිදුවේ.
ශ්‍රී ලංකාව සඳහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දීම සඳහා ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්රකාශනයේ අවධාරණය කර තිබීම අගය කරන බවත්, එවන් කැපවීමක් සහිත ආණ්ඩුවක් පැවතීම ශ්‍රී ලංකාව තුළ ප්රජාතන්ත්රවාදය, නීතියේ ආධිපත්‍යය සහ ජාතික සංහිඳියාව ප්‍රවර්ධනය කිරීමට ලැබුණු ඓතිහාසික අවස්ථාවක්
පාසල් ඉතිහාස පොතෙන් රාජ නාමාවලිය ඉවත් කර තල්මසුන් පිලිබඳව සහ ඇමීබාවන් පිළිබඳ පාඩම් ඇතුළත් කර ඇතැයි අධ්‍යාපන වෘත්තිකයින් ගේ සංගමයේ සභාපති උලපනේ සුමංගල හිමි පැවසී ය.
පසුගිය කාලයේ බලයට පත්වුණ සෑම ආණ්ඩුවක්ම සිදුකරනු ලැබුවේ, තම වගකීම ඉටුකිරීම මිස ලෝක සිතියමේ ලංකාව ස්ථානගත කිරීම ගැන සැලකිළිමත් වීම නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

