එදා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ කතා කළ හරිනි අමරසූරිය අද විශ්වවිද්‍යාල පද්ධතියේ ඒකාධිපතිවාදය ඇති කිරිම වෙනුවෙන් කටයුතු කරන්නේ කෙසේ ද යන්න පහදන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ අද (23) පාර්ලිමේන්තුවේදී විශ්වවිද්‍යාල පනත සම්බන්ධයෙන් අදහස් පල කරමිනි.
එදා හරිනි සහ අද අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ඇමතිනිය
''විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයේ දැවැන්ත පරිවර්තනයක් සිදු කරනවා කියා අද ක්‍රියාත්මක කරන අනපනත් එදා ජනතාවට පොරොන්දු වූ ක්‍රමයේ වෙනස ද කියා ප්‍රශ්න කරනවා. මේ නව අනපනත් හරහා පීඨාධිපතිවරුන් හා අංශාධිපතිවරුන් පත් කරන ක්‍රමවේදය 49 සහ 51 වැනි වගන්තිය තුළින් පෙන්වා දෙන නමුත් උපකුලපතිවරුන් පත් කිරීම සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා සහ කොමිසමේ සාමාජිකයන් පත් කිරීම සහ කවුන්සිල් සාමාජිකයන් මෙන්ම අධ්‍යයක්ෂවරුන් පත් කිරීම ගැන සඳහන් වෙලා නැහැ. මේවාට බලපෑම් නොකර අංශාධිපතිවරුන් සහ පීඨාධිපතිවරුන් පත් කිරීමේ ක්‍රමවේදය තුළ සිදු කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කරනවා වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදය හකුලා ගැනීමට රජය කටයුතු කිරිමක්. university governance autonomic accountability directions of change වාර්තාවේ එක් කර්තෘවරියක් වන්නේ වත්මන් අගමැතිවරිය යි. මේ වාර්තාවට අනුව හරිණි අමරසූරිය අගමැතිතුමිය එවකට FUTA එකේ අධ්‍යාපනයට 6%ක් වෙන් කිරීමේ ව්‍යාපාරයේ පුරෝගාමියා ලෙස උපකුලපතිවරයා පත් කිරීමේ සිට සියලු දේම නිර්දේශපාලනීකරණය විය යුතු යැයි එදා පැවසුවා. නමුත් අද ඇය ම උසස් අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස මේ දේ අද ක්‍රියාත්මක කරන්නෙ නෑ. 2015 හරිණි අමරසූරිය මහත්මිය උපකුලපතිවරයා පත් කිරීම ඇතුළු සෑම දේ නිර්දේශපාලනීකරණය මෙන්ම කුසලතාව මත සිදුවිය යුතු යැයි කිව්වා. 2026 වන විට අගමැතිවරිය සහ උසස් අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස ඒය වෙනස් කර අමුතු ක්‍රමයේ වෙනසක් ඇති කර තිබෙනවා.
බුද්ධි ගලනය වළක්වන්න කිසිදු වැඩපිළිවෙළක් නැහැ
මේ හරහා විශ්වවිද්‍යාල පද්ධතියේ ස්වාධිනත්වය නිදහස සම්පූර්ණයෙන් අවහිර කර තිබෙනවා. විශ්වවිද්‍යාලවල මහාචාර්ය අයිවර් ජෙනිස් ඇතුළු පොදුරාජ්‍ය මණ්ඩල සංකල්ප අමු අමුවේ උල්ලංඝනය කරලා. කවුරු මොන කතා කිව්වත් එදා ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කළ හරිනි අමරසූරිය මහත්මිය අද විශ්වවිද්‍යාල පද්ධතියේ ඒ්කාධිපතිවාදය ඇති කරන්න කටයුතු කරන්නේ කොහොමද කියා පහදන්න. අද වන විට විශ්වවිද්‍යාල පද්ධතියට හරියට අරමුදල් ලබා දෙන්නෙ නැහැ. සෑම විශ්වවිද්‍යාලයකම Academic මෙන්ම Non Academic පුරප්පාඩු රැසක් පවතිනවා. බුද්ධි ගලනයට කිසිදු වැඩපිළිවෙළක් නැහැ. බරපතළ ලෙස ඩිජිටල්කරණය ඇනහිට තිබෙනවා. ආයතනික නිදහස ආයතනයේ ස්වාධිනත්වය විනාශ වෙලා. මෙවැනි යෝජනා ඉදිරිපත් කර තිබෙන්නේ සිසුන්ට අවශ්‍ය නේවාසික, සම්පත් භෞතික සම්පත් නැති මොහොතක.
රටේ නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සිදු කරන ලද අපහාසයක්
UGC එක කොයි තරම් ඒකාධිපති ලෙස ක්‍රියාත්මක වන්නේ ද කියා කියනවා නම් 2026 මේ පනත අනුමත වෙන්නට පෙර UGC සභාපතිවරයා විසින් උපකුලපතිවරුන්ට පවතින නීතිය තුළ පත් කිරීම් නවත්වන ලෙස නියෝග කර තිබුණා. අලුත් නීතිය යටතේ ක්‍රියාත්මක වන ලෙසත් රටේ පවතින නීතිය ක්‍රියාත්මක නොකරන ලෙස ලිඛිතව දැනුම් දී තිබුණා. මෙය රටේ නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සිදු කරන ලද අපහාසයක් මෙන්ම අනීතික නීතියක්. මේකත් හරියට සිවිල් ආරක්ෂක ක්ෂේත්‍රයේ කමිටුවලට යෞවන සමාජවල සාමාජිකයන් යවන්න පැලවත්තෙන් නම් ලැයිස්තු යැව්වා වගේ විශ්වවිද්‍යාලවල ද පත් කිරීම් කරන්නට උත්සාහ කරන ඒකාධිපතිවාදයක් ක්‍රියාත්මක වීමක්.''

