ඇමැති ජයකොඩි ධුරයේ තියාගන්න ජනපතිට ලැජ්ජා නැද්ද...? - අජිත් පී. පෙරේරා අසයි

ඇමැති ජයකොඩි ධුරයේ තියාගන්න ජනපතිට ලැජ්ජා නැද්ද...? - අජිත් පී. පෙරේරා අසයි

බලශක්ති ඇමතිවරයාට අධිචෝදනා එල්ල වී ඇතත් ඔහු ධුරයෙන් ඉවත් නොකරන බව කීමට තරම් ජාතික ජනබලවේගය ලැජ්ජාවිරහිත වී ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා පවසයි.

කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයාට මිලදී ගැනීම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙද්දී ඔහු ඇමති ධුරයෙන් ඉවත් කරන ලෙස පාර්ලිමේන්තුවේ ප්‍රබල ලෙස හඬ නැගූ අනුර කුමාර දිසානායක ජනාධිපති ධුරය දරද්දී මෙසේ සිදුවීම උත්ප්‍රාස ජනක යැයි ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ඔහු පැවසී ය.

ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රීන් එසේ හඬ නැගූ විට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය ඇමති ධුරයෙන් ඉවත් කළ බව කී හෙතෙම අනුර දිසානායක ජනාධිපතිවරයා ද ඒ අනුව දැන් ක්‍රියාත්මක විය යුතු යැයි අවධාරණය කළේ ය.

යහපාලනය හා රාජ්‍ය පාලනයේ අදූෂිත භාවය ගැන ධර්මය දේශනා කළ කණ්ඩායමක අයකුට අධිචෝදනා එල්ලවීම ගැන ජනාධිපතිවරයාට කම්පාවක් හට නොගන්නේ නම් එය විනිවිදභාවය පිළිබඳ ප්‍රශ්නයක් යැයි ද අජිත් පී පෙරේරා සඳහන් කළේ ය.

මහජන උපයෝගිතා කොමිසම පවසන ආකාරයට පළමු ගල් අඟුරු නැව් නවයෙන් පමණක් රුපියල් කෝටි 847ක පාඩුවක් රටට සිදුවී ඇතැයි ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසී ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න