වයස 55 සම්පූර්ණ වූ පසු ආබාධිත මියගිය රණවිරුවන්ගේ දෙමාපියන්ට හා බිරින්දෑවරුන්ට හිමිවන ස්ථාවර දීමනා පවා රජය නීතිවිරෝධී ලෙස අත්හිටුවා ඇති බවත්, අතුරුදන් වූ පවුල්වලට හිමිවිය යුතු දීමනා යම්කිසි ක්‍රමවේදයක් මත නතර කර ඇති බවත්, මෙවැනි බොරු කරුණු කාරණා ඉදිරියට දමා ආබාධිත රණවිරුවන්ට ලබා දෙන සහන කප්පාදු නොකර වහාම ඒවා ලබා දෙන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සතුව තිබූ පැරණි බලය සහ කාර්යක්ෂමතාව නැවත ස්ථාපිත කර, එය 2005 වසරට පෙර පැවැති ආකාරයටත් වඩා ශක්තිමත් දේශපාලන අනුග්‍රහයක් සහ අන්තර්-ආයතනික බලපෑමක් සහිත, ආයෝජකයින් සඳහා "එකම වහලක් යටින් සියලු සේවා සපයන මධ්‍යස්ථානයක්" (one-stop shop) බවට පරිවර්තනය කිරීම තම අපේක්ෂාව බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපති දුමින්ද හුලංගමුව පැවසී ය.
රට තුළ ආර්ථික සහ දේශපාලන ස්ථාවරත්වය ඇති කරමින් ශ්‍රී ලංකාව යළි යථා තත්ත්වයට ගෙන ඒමට ජනාධිපතිවරයා ප්රමුඛ රජය ගන්නා උත්සාහය බෙහෙවින් අගය කරන බවත්, ආර්ථික ස්ථායීකරණයට මෙන්ම ජාතික සමගිය වර්ධනය කිරීමට ශ්‍රී ලංකාව දරන උත්සාහයට වතිකානුවේ සහාය හිමි වන බවත් වතිකානුවේ රාජ්‍ය සහ ජාත්‍යන්තර සංවිධාන සබඳතා පිළිබඳ ලේකම්, අගරදගුරු පෝල් රිචඩ් ගැලගර් හිමිපාණෝ ප්‍රකාශ කළහ.
රටක ජාතික ආරක්ෂාවට හා සමානවම ආර්ථික සුරක්ෂිතතාව (Economic Security) වැදගත් බවත්, වර්තමානයේ එය බරපතළ අනතුරකට ලක්ව ඇති බවත් ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා පැවසී ය.
71 අරගලය, 80 දශකය ආරම්භයේ දී ම උතුරෙහි ඇති වූ සන්නද්ධ අරගලය සහ 87-89 යළි දකුනේ අරගලය යනාදි සියල්ලට ම මූලික පදනම වූයේ දුප්පත්කම යැයි ද ආර්ථිකය ප්‍රතිසංස්කරණය කළ යුත්තේ මෙම යථාර්ථය අවබෝධ කරගෙන යැයි ද සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
ආරුගම්බේ සංචාරක කලාපයට පැමිණෙන සංචාරකයින් සඳහා අවශ්‍ය සියලු ම තොරතුරු සහ සේවා එකම වහලක් යටින් ලබා දීමේ අරමුණින් ඉදිකෙරෙන 'සන්සෙට් වීව් පාර්ක්' (Sunset View Park) තොරතුරු සහ සේවා මධ්‍යස්ථානයට මුල්ගල තැබීම, ඊයේ (02) විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් ගේ ප්‍රධානත්වයෙන් ආරුගම්බේ පාලම අසල දී සිදු කළේ ය.
ආවර්ජනා දිනන තරු ළමා සමාජයේ සියලු සාමාජිකයින් එකතුව සිදුකරන පැරණි ගී මතකක ආවර්ජනයක් මෙමස 16 වන දා අලව්ව ආලෝකා හෝටලයේදි නොමිලේ පැවැත්වේ.
ආසියානු ඔරු පැදීමේ සංගමය මගින් සංවිධානය කළ 2025 ආසියානු ඔරු පැදීමේ තරගාවලිය චීනයේ ෂැන්ගාරෝ නගරයේ ඔක්තෝම්බර් 30 සිට නොවැම්බර් 01 දක්වා පැවති අතර එහි දී ශ්‍රී ලංකාවේ කාන්තා කනිෂ්ඨ අංශයේ Quadruple Sculls ඉසව්වේ රන්පදක්කම දිනා ගැනීමට හවිෂාක් පෙරේරා (British School කොළඹ) , වෙත්මි වීරරත්න (විශාකා විද්‍යාලය - කොළඹ ), ඉමන්දි මාවත්තේ (විශාකා විද්‍යාලය - කොළඹ), මිනෝලි යටිගම්මන (විශාකා විද්‍යාලය - කොළඹ) ක්‍රීඩිකාවෝ සමත් වූහ.
හොංකො හි පැවැත්වෙන 22 වැනි ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 1,500 බාලිකා ධාවන තරගයේ රන් පදක්කම දිනා ගැනීමට තරුෂි අභිෂේකා සමත් විය.
මේ දිනවල බංගලාදේශයේ ඩකා නුවර 10 වන දකුණු ආසියානු කරාතේ තරගාවලිය පැවත්වේ. ඒ සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් -55KG බර පංතියේ කේවල කුමිතේ ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට නිතාෂා තරුශදී ක්‍රීඩිකාව සමත්වූවා ය.
ශ්‍රී ලංකාව සඳහා අලුතින් පත්ව ආ ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) අධ්‍යක්ෂිකා ෂැනන් කවුලින් (Ms Shannon Cowlin) සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර හමුවක් අද (12) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැතිවිණි.
කල් ඉකුත් වූ රසායනික ද්‍රව්‍ය (Reagents) සහ ඖෂධ වර්ග භාවිත කිරීමේ චෝදනාව යටතේ පෞද්ගලික රෝහල් සහ රසායනාගාර 23කට එරෙහිව පැවරූ නඩුවලින් රුපියල් ලක්ෂ 57කට අධික මුදලක් දඩ ලෙස නියම කර ඇතැයි ජාතික පාරිභෝගික අධිකාරිය පවසයි.
ඩොලර් ආදායම ඉහළ නංවන අපනයන ආර්ථිකයක් වෙනුවෙන් ඇඟලුම් ක්ෂේත්රයේ ගැටලුවලට ලබා දිය හැකි කඩිනම් විසඳුම් පිළිබඳ සොයා බැලීමට මෙරට ඇඟලුම් ක්ෂේත්රයේ ප්රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් සහ ආයෝජකයන් සමග ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (22) ජනාධිපති කාර්යාලයේ දී සාකච්ඡාවකට සහභාගි විය.
ඉතාම සරල දිවි පෙවතක් පවත්වා ගැනීමට මාර්ග උපදේශනවලින් පොහොසත් අකාලික දහමට ජීවිත හැඩගැස්විය යුතු දේශයක සිදුවන අපරාධ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යෑම කනගාටුවට කරුණෙකි. උදේ සවස බණ පිරිත් දේශනා, නිරතුර පංච ශීලය මත පිහිටා කටයුතු සිදුවන ශ්‍රී ලාංකීය ජන සමාජය සීඝ්‍ර පරිහාණියට පත්වන ආකාරය පිළිබඳව විමර්ශනය කළ යුතු කාලය දැන් එළැඹී ඇත.
උදේනිගම කහටගස්පතන ඇටකුලා කන්ද ඉරිතලා පුපුරා ගොස් නායයාමේ අවදානමක ඇතයි බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන අද (11)පවසයි.
උතුරු ඇමරිකාවේ ඇට්ලන්ටා ජෝර්ජියා බෞද්ධ මහා විහාරයේ පැවති වාර්ෂික කඨින පින්කමට එරට වෙසෙන තරුණ තරුණියන් විශාල පිරිසක් සහභාගීවීම කැපී පෙනෙන සිද්ධියක් විය.
''දියුණුව'' යන්න සරල රේඛාවක් ලෙස ගත්ත ද, එසේ දියුණුවට පත්ව ඇත්තේ භෞතික වශයෙන් පමණක් බවත් මිනිසුන් ලෙස අපි කිසිදු දියුණුවකට පත්ව නොමැති බවත් සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
තමන්ට දැනෙන ආකාරයට නම් රනිල් වික්‍රමසිංහ සජිත් ප්‍රේමදාස ව සීරියස් ලෙස නොගන්නා බව දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය.
ධර්මයේ වේශයෙන්ම ධර්මය විකෘති කරන අවස්ථාවල දී පෙර රජ දවස සිටි රජවරුන්ගේ ක්‍රියා මාර්ග ගන්නා ලෙසට කෙරුණු ආරාධනාවකට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා ප්‍රසිද්ධියේ එකඟත්වය පළ කළ බවත්, ඇතැම් රජවරු ඒ ඒ පාලන කාලවල දී සංඝයා වහන්සේ ඝාතනය කළ ආකාරයට ම ජනතා විමුක්ති පෙරමුණ ද වර්ෂ 1987 – 89 කාලවලදී සංඝයා වහන්සේලා ඝාතනය කළ බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.
ශ්‍රී ලන්කන් ගුවන් සේවයට පළල් බඳ සහිත නව ගුවන් යානා ඇණියක් ප්රතිශ්ඨාපනය කිරීමේ දී ඇමරිකානු ඩොලර් මිලියන දෙකක පමණ සිදුව ඇති ඳූෂණ වංචා සම්බන්ධයෙන් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන ගේ බිරිඳ වෙනුවෙන් තැබූ ඇප මුදල් රාජසන්තක නොකිරීමට හේතු අවසන් වශයෙන් ලබන සැප්තැම්බර් මස 05 වනදා අධිකරණයට දැනුම් දෙන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ඇපකරුවන් ට නියම කළේ ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

