ශ්‍රී ලාංකික කතෝලික ජනතාව ඉලක්ක කරමින් 2019.04.21 වන දින කතෝලික දේවස්ථාන, ක්‍රිස්තියානි දේවස්ථාන සහ තරු පහේ හෝටල් තුනක් වෙත ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කළ අතර එහි දී ශ්‍රී ලාංකික ජනතාව හා විදේශ සංචාරකයින් ඇතුළුව 370 කට ආසන්න සංඛ්‍යාවක් මරණයට පත්වී 500 කට ආසන්න පුද්ගලයින් සංඛ්‍යාවක් තුවාල ලැබුවේ ය.
අහිංසක සිවිල් ජනතාව ගේ ජීවිත බිලි ගනිමින් කුඩා දරුවන් සහ කාන්තාවන් මරණයට පත් කරමින් අන්තවාදී කණ්ඩායම් විසින් නයිජීරියාව හා වෙනත් ස්ථානවල ත්‍රස්ත කණ්ඩායම් ලෙස සංවිධානය වී ඇති අතර එම ත්‍රස්ත කණ්ඩායම් විනාශ කිරීම සඳහා ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා විසින් අවශ්‍ය කරන දේශපාලන නායකත්වය ලබා දී ඇත. එම නායකත්වය මගින් අහිංසක ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීමට කටයුතු කිරීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර කවින්ද ජයවර්ධනන මහතා ගෞරවාන්විත ස්තුතිය හා ප්‍රණාමය පුදකරමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හට ලිඛිත සංදේශයක් නිකුත් කර ඇති අතර අද දින පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර කවින්ද ජයවර්ධන කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේ දේශපාලන අංශ ප්‍රධානී ඇඩම්ස් ඇතුළු කාර්ය මණ්ඩලය හමු වී ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ලෝක සාමය සඳහා ගන්නා වූ උත්සාහය සහ කැපවීම පිළිබඳව අගයමින් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළේ ය.
තවද යුක්‍රේන සහ රුසියානු යුද්ධය වැළැක්වීම සඳහා ගන්නා වූ ක්‍රියාමාර්ග පිළිබඳවත්, හමාස් සංවිධානය සමග ඊශ්‍රායල හමුදා ඇති කරගෙන තිබෙන සටන් විරාම පිළිබඳවත්, ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ අවධානය යොමු වීම පිළිබඳව දොස්තර කවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයා විසින් ස්තුතියි හා ගෞරවය පළ කළේ ය. ඇමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර තිබෙන මිත්‍රත්වය වර්ධනය කර ගනිමින්,ඇමරිකානු රජය ශ්‍රී ලංකාවට ලබා දී ඇති සහයෝගය පිළිබඳවත් අනාගතයේ දී ශ්‍රී ලංකා රජයට ලබාගත හැකි සහයෝගය පිළිබඳවත් දොස්තර කවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයා දීර්ඝ වශයෙන් සාකච්ඡා කළේ ය.



