පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ නීතිරීති හා විධිවිධාන උල්ලංඝනය කරමින් කටයුතු කළ ඇල්ල, කරදගොල්ල, නැෆෝරා ඇල්ල ප්‍රදේශයේ පිහිටි “Future Life Hotels and Resorts (Pvt) Ltd” ආයතනයට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ බදුල්ල දිස්ත්‍රික් විමර්ශන නිලධාරීන් විසින් බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබුණි.
2026.07.10 වන දින පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් සිදු කරන ලද වැටලීමක දී, අදාළ ආයතනය මගින් නියමිත මිල ඉක්මවා පානීය ජල බෝතල් අලෙවි කිරීම අනාවරණය කරගනු ලැබී ය.
2026.07.22 වන දින මෙම නඩුව බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ දී, විත්තිකාර හෝටල් සමාගම අදාළ චෝදනාවලට වරද පිළිගැනීම හේතුවෙන්, ගරු අධිකරණය විසින් රුපියල් 1,000,000/- (මිලියනයක / ලක්ෂ 10ක) දඩ මුදලක් නියම කරන ලදී.
පාරිභෝගික නීති උල්ලංඝනය කරන හෝටල්, ආපනශාලා සහ අනෙකුත් වෙළෙඳ ආයතන පිළිබඳ තොරතුරු කාර්යාල වේලාවන් තුළ 1977 කෙටි දුරකථන අංකය ඔස්සේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත දැනුම් දෙන්න.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
