ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ සිදුවෙමින් පවතින සාධනීය වෙනස්කම් කෙරෙහි සිය රටේ අවධානය යොමුවී ඇති බවත්, ගොඩනැගෙන නව ආයෝජන අවස්ථා තුළින් දෙරට අතර බලශක්ති ක්ෂේත්‍රයේ සබඳතා තවදුරටත් වර්ධනය කරගැනීමට අපේක්ෂා කරන බවත් වැඩබලන ඇමරිකානු තානාපතිනී Jayne Howell පැවසුවා ය.
තානාපතිවරිය මෙම අදහස් පළ කළේ පසුගිය 28වන දා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි හමුවූ අවස්ථාවේ දී ය.
බලශක්ති අමාත්‍ය කාර්යාලයේ දී සිදුවූ මෙම හමුවේ දී මෙරට බලශක්ති හා විදුලිබල යන ක්ෂේත්‍ර දෙකෙහි ම විවිධ වෙනස්කම් හා වර්ධන පිළිබදව දීර්ඝ වශයෙන් කරුණු දැක්වූ බලශක්ති අමාත්‍යවරයා ඇමරිකානු ආයෝජන සහ තාක්ෂණික සහය ලබාගැනීමට අපේක්ෂා කරන ක්ෂේත්‍ර පිළිබඳව මෙන්ම ගොඩනැගෙන නව අවස්ථා පිළිබඳව ද විස්තර කළේ ය.
විදුලිබල ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල මෙන්ම ඛනිජ තෙල් ක්ෂේත්‍රයේ සිදුවෙමින් පවතින වෙනස්කම් ද රටේත් මෙම කලාපයේත් බලශක්ති ස්ථාවරත්වයට අදාළ කරුණුත් මෙහි දී සාකච්ඡාවට ලක්විය.
මෙම අවස්ථාවට ඇමරිකානු තානාපති කාර්යාලයේ ආර්ථික කටයුතු පිළිබද නිළධාරී Jacob Thomases, ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා යන අය ද එක්ව සිටියහ.
ශාන් මොහොමඩ්
මාධ්‍ය ලේකම් - බලශක්ති අමාත්‍යංශය


