අනාගතයේ සිදු විය හැකි ස්වභාවික ආපදා කළමනාකරණය කරගැනීම සඳහා නොපමාව ම සැලසුම් සකස් කර ගනිමින් අන්තර්ජාතික ගෞරවයට ද පාත්‍ර වී සිටින ශ්‍රී ලාංකික විද්වතුන් ද එයට සම්බන්ධ කරගත යුතු යැයි සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරය සඳහන් කරයි.
මෑතකදී ඇති වූ සුළි කුණාටුව සහ ගංවතුර තත්ත්වය හේතුවෙන් දරුණු බාධා එල්ල වී තිබියදීත්, තියුනු ලෙස ඉහළ දමා ඇති ආදායම් ඉලක්ක සපුරා ගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දරන උත්සාහයට නව බාධක මතු වී තිබේ.
තෙවන පාසල් වාරයේ 2වන අදියර සඳහා එළඹෙන දෙසැම්බර් 16 වනදා ආරම්භ කෙරෙන පාසල් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය අද (09) නිල වශයෙන් දැනුම්දීමක් සිදු කළේය.
ආපදා තත්ත්වය නිසා වාර්තා වී ඇති මරණ ගණන 212ක් දක්වා ඉහළ ගොස් ඇත.
ආපදා හේතුවෙන් සිදුවූ මරණ ගණන 366ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවු ආපදා මරණ සංඛ්‍යාව 479ක් දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
දිට්වා සුළි කුණාටුව නිසා ඇතිවූ ආපදා තත්ත්වය හේතුවෙන් අද දින දහවල් 10.00 වන විට වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 410ක් බවත්, අතුරුදන්ව ඇති සංඛ්‍යාව 336ක් බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.
දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවු ආපදා මරණ සංඛ්‍යාව 607ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.
දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවු ආපදා මරණ සංඛ්‍යාව 618ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.
ආපදා හේතුවෙන් විපතට පත් පාර්ශ්වයන්ට නොමිලේ නීති සහාය ලබාදීම සහ හදිසි නීතිය මර්දනකාරී ලෙස සමාජ මාධ්‍ය හා ජනමාධ්‍ය එරෙහිව යොදාගැනීම වැළැක්වීම ඇතුළු කාර්යයන් ඉටුකිරීමේ අරමුණින් “Free Lawyers” සංවිධානය 2025 දෙසැම්බර් 05 වැනිදා කොළඹදී ආරම්භ කෙරිණි.
ආපදාවෙන් පීඩාවට පත්වූවන් හට රජයෙන් ලබා දෙන සහනාධාර මුදල් මෙන්ම බැංකු ණය ලබා ගැනීමේදී ජනතාව ඉතා කල්පනාකාරීව කටයුතු කළ යුතු බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.
ආපදාවෙන් බලපෑමට ලක් වූවන් සවිබල ගැන්වීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරිම සම්බන්ධයෙන් නිකුත්කළ චක්‍රලේකයට අදාළ මාර්ගෝපදේශ මාලාව ආරක්ෂක අමාත්‍යාංශය මගින් නිකුත් කර තිබේ.
ආපදා සහන සැලසීමේදී මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇද්දැයි සොයා බැලීම සදහා මානව හිමිකම් කොමිෂන් සභාව විශේෂ කණ්ඩායම් පත්කර තිබේ.
හදිසි ආපදා තත්ත්වය සමඟ ගංවතුර ඇති වන විට පේරාදෙණිය විශ්ව විද්‍යාලය තුළ සිසු සිසුවියන් එකොළොස් දහසක් පමණ (11000) සිටි බවත් ඔවුන් කිසිවෙකුටත් සීරීම් තුවාලයක්වත් සිදු නොවූ බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් ප්‍රකාශ කරයි.
ස්වාභාවික ආපදාවකින් අතුරුදන් වන තැනැත්තන් වෙනුවෙන් මරණ සහතික නිකුත් කිරීමට ඒ සඳහා බලපැවැත්වෙන නීතිය අනුව අතුරුදන් වූ දින සිට වසරක කාලයක් බලා සිටීමට සිදු වන බව පැවසේ.
‘දිට්වා’ සුලි කුණාටුව’ හේතුවෙන් ආපදාවට ලක්වී ඇති කර්මාන්ත නැවත නගා සිටුවීම සඳහා එම කර්මාන්ත පිළිබඳව දත්ත ලබා ගැනීම සඳහා ක්‍රමවේදයක් කර්මාන්ත අමාත්‍යාංශය විසින් දියත් කර තිබෙයි.
ආපදාවට ලක් වූ ව්‍යාපාරිකයන්ට ලබා දෙන ණය සහන පිළිබඳ කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත විසින් පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.
ආපදාවට පත්ව අනාරක්ෂිත තත්ත්වයට පත් වූ දරුවන්ගේ තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
ආපදා තත්ත්වයෙන් ජල සම්පාදනයට රුපියල් කෝටි 500 ක(බිලියන පහකට)ආසන්න අලාභයක් සිදු වී ඇති බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති චන්දන බණ්ඩාර ප්‍රකාශ කරයි.
ආබාධ සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුව (CRPD කමිටුව), 2026 අගෝස්තු 14වන දා ජිනීවාහි දී පැවැත්වෙන එහි 35වන සැසියේ දී, ආබාධ සහිත පුද්ගලයින් ගේ අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය (CRPD) යටතේ ශ්‍රී ලංකාවේ මූලික වාර්තාව සමාලෝචනය කරනු ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

